නේපාලයේ සංවර්ධනයට දායකව සිටින විශේෂ නමක් ඇති චීන පුද්ගලයෙක්
2019-10-02 11:13:01
Share with:

නම, හැමෝට ම වැදගත් දෙයක්. පවුල් සම්ප්‍රදාය හා සංස්කෘතික ප්‍රවණතාවට අනුව චීන ජාතිකයන් තමන්ගේ නම් හදා ගන්න කැමතියි. හිරු සඳු පරිවර්තනය ඇතුළු තාරකා විද්‍යාවට අනුව නමක් සකස් කරන්නත් ඉඩකඩ තිබෙනවා. වසර 1949යේ නව චීනය ස්ථාපිත කිරීමෙන් පසු, නම් සංස්කෘතියට ද වෙනසක් සිදු වෙනවා. Jianguo, Jianhua, Jiefang යන නම් දරුවන්ට යෙදීමට බොහෝ චීන ජාතිකයන් කැමතියි. ඒවායේ තේරුම් වන්නේ රට ස්ථාපනය, ජාතික නිදහස් යන අර්ථයි. Jianguo නමැති චීන ජාතිකයන්ට විදේශ රටකට ගිහින් රැකියාවක නිරතවීමේ අවස්ථාව තියෙනවා. අද වැඩසටහනෙන් එවැනි නමක් තිබෙන, නේපාලයේදී දෙස් විදෙස් හුවමාරු නියෝජිතයෙක් ලෙසට රැඳී සිටින පුද්ගලයෙකු‍ගේ තොරතුරු ඔබට ගෙන එන්න කැමතියි.

නේපාලයේ සංවර්ධනයට දායකව සිටින විශේෂ නමක් ඇති චීන පුද්ගලයෙක්

1980 වසරේ මැයි මස පස් වැනිදා ඉපදුණ Ni Jianguo, දැන් නේපාලනයේ GAUTAMA BHUDHA ජාත්‍යන්තර ගුවන් තොටු පොළ ව්‍යාපෘතිය භාර චීනයේ ඉදි කිරීමේ සමාගමක නිලධාරියෙක්. හමුදා භටයෙක් වූ ඔහු, අප්‍රිකාවේ ඇන්ගෝලාවේ වසරක් හිටියා. 2015 වසරේ ජනවාරි මස ඔහු නේපාලයට පැමිණියා.

Ni Jianguo චීනයේ යැන් අන් නගරයෙන් ඈතින් පිහිටි කුඩා ගම්මානයක දුප්පත් පවුලක ඉපදුණා. දුප්පත් ගමෙන් පිටතට ගිහින් එළිය බලන්න ලැබෙන එක සිහිනයක්. ඔහු කී පරිදි, Jianguo විදිහට නම් තැබීමේ හේතුව හරිම සරලයි. රට දියුණු කිරීමට දායකත්වය ලබා දෙන්න ඕන. රට සමෘද්ධිමත් වුණොත් විතරයි අපේ ජීවිත වැඩි දියුණු වන්නේ.

තිබූ සිහිනය අභිබවා ගමෙන් පිටතට පමණක් නොව රටෙන් පිටතට ද යන්න ඔහුට පුළුවන් වුණා. තම රටට දායකවීම පමණක් නොව, ඔහු දැන් විදේශ රටක සංවර්ධනය වෙනුවෙන් ද දායක වෙමින් ඉන්නවා.

නේපාලයේ GAUTAMA BHUDHA ජාත්‍යන්තර ගුවන් තොටුපොළ අඩු පහසුකම් සහිත කුඩා ගුවන් තොටුපොළක්. දේශීය ගුවන් සේවාවන් පමණයි එහි සිදු කෙරෙන්නේ. එම ගුවන් තොටුපොළ ඉහළ මට්ටමකට අලුත් කිරීම සඳහා Ni Jianguo සේවය කරන චීන ඉදි කිරීම් සමාගම දැන් කටයුතු කරමින් සිටිනවා. නේපාලනයේ දෙවැනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ලෙසට අලුත් කර ගැනීම එහි අරමුණයි.

ව්‍යාපෘතිය ඉදි කරන අතරතුරම නේපාලයේ දේශීය සේවකයන් සඳහා තාක්ෂණ පුහුණුව සලසා දීම ද තම සමාගම වැදගත් කොට සලකන බව Ni Jianguo කියනවා. එමගින් නේපාල සේවක සේවිකාවන්ගේ ස්වයං සංවර්ධන හැකියාව දියුණු කර ගත හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා.

නේපාලයේ සංවර්ධනයට දායකව සිටින විශේෂ නමක් ඇති චීන පුද්ගලයෙක්


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන