නව චීනය ස්ථාපිත කර වසර 70 තුළ, ආර්ථික සංවර්ධනය පුදුම සහගත වර්ධනයක් පෙන්නුම් කර තිබෙනවා. දත්ත වලින් එය පැහැදිලි වෙනවා. චීනයේ දළ දේශීය නිෂ්පාදිතය පැවසීමේදී වසර 2018 වසර 1952 හා සැසඳීමේදී 174 ගුණයකින් එය වර්ධනය වී තිබෙනවා. චීනයේ දළ දේශීය නිෂ්පාදිතය ලෝක ආර්ථිකයෙන් ගන්නා ප්‍රතිශතය සියයට 16කට ළඟ වෙනවා. විදේශ වෙළඳාම නම් 1950 වසරේ ඇ. ඩො. 11.3ක සිට ඇ. ඩො. ට්‍රිලියන 4.6 දක්වා වැඩි වී 4000කට වැඩි ගුණයෙන් වර්ධනය වී තිබෙනවා. එ පමණක් නොව, ව්‍යුහාත්මක වශයෙන් බැලුවොත් චීනයේ විදේශ වෙළඳ ව්‍යුහය ගුණත්මක වර්ධනයක් සිදු වුණා. පහත මට්ටමේ නිෂ්පාදිත අලෙවියේ සිට අධි වේගී දුම්රිය ඇතුළු අධි තාක්ෂණ නිෂ්පාදිතයන් විදේශ රටවලට යොමු කිරීම දක්වා සම්පූර්ණ වෙනසක් චීනය නිර්මාණය කරනවා.
වසර 70ක කාලයේ, චීනය ආර්ථික දුර්වල සහ තාක්ෂණ අපොහොසත් රටක සිට ලෝකයේ විශාලත ම කර්මාන්ත රට, විශාලත ම වෙළඳ ගනුදෙනු රට සහ වැඩි ම විදේශ සංචිතය හිමි රට බවට පත් ව තිබෙනවා. බහුපාර්ශ්වවාදය අනුගමනය කරන චීනය, එක් තීරයක් එක් මාවතක් යන යෝජනාව සහ පොදු ඉරණම සහිත මානව ප්‍රජාව යන සංකල්පය ඉදිරිපත් කළා. චීනය ප්‍රායෝගික ක්‍රියාකාරකම් මගින් ගෝලීය කළමනාකරණය වෙනුවෙන් සක්‍රීය දායකත්වයක් ඉටු කරමින් සිටිනවා. මෙවැනි ප්‍රගතිය අනපෙක්ෂිත ප්‍රතිඵලයක් නෙවෙයි. චීන රාජ්‍ය ක්‍රමය පිළිබඳ යහපත එහි කේන්ද්‍රය වන අතර එය තමන්ට ගැලපෙන ක්‍රියාමාර්ගය ඔස්සේ ඉදිරියට ස්ථිර ලෙස ගමන් කිරීමෙන් ලද්දක්.
මීට අමතරව, නීතිමය ආකාරයෙන් රට පාලනය කිරීම මූලිකත්වයක් ලෙසට චීනය සලකනවා. අද චීනය ලෝකයේ සුරක්ෂිත ම රට ලෙසට හැඳින්විය හැකිය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙන්ද්‍ර කරගත් නීතිරීති වලින් සමන්විත විශ්ව ආවරණයකින් යුත් චීන ලක්ෂණයන්ගෙන් පිරි සමාජවාදී නීති පද්ධතිය චීනය මූලික වශයෙන් බිහි කර තිබෙනවා.
නීතිමය වශයෙන් රට පාලනය කිරීම රටේ ස්ථාවරත්වය සහතික කිරීමේ අනිවාර්ය ක්‍රියාමාර්ගයක් බව චීනය සඳහන් කරනවා.