අලුත් ශෛලියෙන් යුක්ත චීන පොත්හල ජනතාවගේ උණුසුම් පිළි ගැනීමට ලක් වෙයි
2019-09-30 11:24:18
Share with:

මෑතකදී, පොත් කියවීම චීන ජනතාව අතර ජනප්‍රියත්වයක් දැකිය හැකියි. පොත්හල විවිධාකාර අයුරින් බහු කාර්යයන්වලින් යුක්තව නිර්මාණය කරනු ලැබීම ප්‍රවණතාවක් වී තිබෙනවා.

උදාහරණයක් ලෙස කියනවා නම්, පැය 24 පුරා පොත්හල් විවෘතයි, පොත්හල්වලදී කුඩා පරිමාණ ප්‍රදර්ශන පැවැත්වීම, මිතුරන් එකතු වී සුහද පිළිසඳරක යෙදීමට සුදුසු café එක පොත්හල් ඇතුළට ස්ථාපනය කිරීම වර්තමානයේ චීනයේ පොත්හල් ක්‍රියාත්මක කිරීමේ නව සංකල්ප හා ප්‍රවණතාවන් ලෙස සැලකෙනවා.

බොහෝ පාඨකයන් සඳහන් කළා වර්තමනයේ උදා වී තිබෙන අලුත් සංකල්ප‍වලින් යුක්ත පොත්හල්වල සතුටුදායක වටපිටාවක් දැකිය හැකි බව. ඇතැම් විට, විවිධ ක්‍රියාකාරකම් ද එහි පැවැත්වෙනවා. මීට පෙර තිබුණු පරණ ශෛලියෙන් යුක්ත පොත්හල හා සන්සංඳනය කිරීමේදී මෙවැනි පොත්හල්වල සිටීමෙන් සැහැල්ලු හැඟීමක් ලැබෙනවා. පොත් නොකියවා මෙහිදී විවේකීව සිටීමෙන් පමණයක් වුවද සිත ප්‍රබෝධමත් විය හැකි බව බොහෝ පාඨකයන්ගේ අදහස වී තිබෙනවා.

අලුත් ශෛලීන් සහිත පොත්හල ජනතාව අතර ජනප්‍රියත්වයක් දැකිය හැකි වී ති‍බෙන්නේ ඒවායේ කළමනාකරණ ක්‍රමයන් වෙනස් කිරීම නිසා පමණක් නොව, චීනයේ අදාළ ආයතන සම්පාදනය කර ඇති සහනශීලි ප්‍රතිපත්ති නිසායි. 2016 වසරේ සිට මෙවැනි ප්‍රතිපත්තීන් රාශියක් සම්පාදනය කරනු ලැබ තිබෙනවා. මේ වන විට, පළාත් හා නගර 28ක් ඒ පිළිබඳ යෝජනාවලියක් හා සවිස්තර පියවර ක්‍රියාත්මක කර තිබෙනවා. මෙවැනි ප්‍රතිපත්තීන් සමග ම, පොත්හල්වල සංඛ්‍යාව, ඊට අදාළ කටයුතු කරන්නන්ගේ සංඛ්‍යව හා පොත්පත් අලෙවි සංඛ්‍යාව වර්ධනය වී තිබෙන තත්ත්වයක් විදහා දැක්වෙනවා.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන