ලින් ෆෙන් නගරයේ පිහිටි ‘ jie fang’ මාර්ගය
2019-09-30 08:39:32
Share with:

ලින් ෆෙන් නගරයේ පිහිටි ‘ jie fang’ මාර්ගය

ලින් ෆෙන් නගරයේ පිහිටි ‘ jie fang’ මාර්ගය

චීනයේදී බොහෝ නගරවල ‘ jie fang’ ඒ කියන්නේ විමුක්තිය යන වචනයෙන් එහි මාර්ග නම් කෙරෙනවා. නිදහස සිහිපත් කිරීම සඳහා එලෙස නම් කරනු ලබනවා.

චීනයේ උතුරු ප්‍රදේශයේ පිහිටි ශැන් ෂී පළාතේ ලින් ෆෙන් නගරයේ ‘ jie fang’ මාර්ගයක් තිබෙනවා. ලින් ෆෙන් නගරය හා ශ්‍රී ලංකාවේ අනුරාධපුර නගරය අතර ‘ මිත්‍ර නගර ’ සම්බන්ධතාවක් පිහිටුවා තිබෙන බව විශේෂයෙන් ම සඳහන් කළ යුතුයි.

ලින් ෆෙන් නගරයේ පිහිටි ‘ jie fang’ මාර්ගයේ ඉතිහාසය ආරම්භ වුණේ වසර 1948 වසරේ සිට. නව චීනය ස්ථාපිත වීමෙන් පසු ලින් ෆෙන් නිදහස් කිරීමේ යුද්ධ ජයග්‍රහණය සිහිපත් කිරීම සඳහා එකල රජය එම යුද්ධය සිදු වූ ප්‍රදේශය ආශ්‍රිත ව ‘ jie fang’ මාර්ගය ගොඩ නැගුවා.

ලින් ෆෙන් නගරයේ සංවර්ධනයත් සමග, මුල් කාලයේ පැවති පළල මීටර් 12 ප්‍රමාණයට වඩා මීටර් 40කින් යුක්ත‘ jie fang’ මාර්ගය වත්මන් බහු මංතීරු, පරිසර හිතකාමී ප්‍රධාන මාර්ගයක් බවට පත් වී තිබෙනවා.

‘ jie fang’ මාර්ගයේ වසර සියයක පමණ ඉතිහාසයක් හිමි‘ jie fang ’ මාර්ග පාසල ස්ථාපනය කෙරුණා. සමාජ සංවර්ධනයත් සමග, ‘ jie fang ’ මාර්ග පාසලේ පහසුකම් විශාල වශයෙන් වර්ධනය වී තිබෙනවා. මෙම පාසලේ මුල් කාලයේ ගුහාවක් තුළ ඉගැන්වීමේ කටයුතු සිදු කෙරුණා. ඉන් පසු, තනි මහලේ නිවාස ලෙස ගොඩ නැඟී, වර්තමානයේ සුන්දර ගොඩනැඟිලි සිසු සිසුවියන් වෙනුවෙන් ඉදි කර තිබෙනවා. ‘ jie fang ’ මාර්ග පාසලේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ‘ jie fang ’ මාර්ගය වෙනුවෙන් ප්‍රබෝධය හා අපේක්ෂාව ගෙන එන බව නොඅනුමානයි.

1947 වසරේ Du Liangchi ලින් ෆෙන් නගරයේ උපත ලැබූවා. ‘ jie fang’ මාර්ගය, තමන්ගේ උපන් ගම වන ලී ෆෙන් නගරය හා නව චීනය පිළිබඳව ඔහු අපිට අදහස් දැක්වුවා.

ඔහු පැවසුවේ ‘ jie fang’ මාර්ගය ලින් ෆෙන් නගරයේ ප්‍රධාන මාර්ගයක් ලෙසට හඳුන්වා දිය හැකි වන අතර වර්තමානයේ ‍‘ jie fang’ මාර්ගය සමෘද්ධිමත් මාර්ගයක් බවට පත් ව ඇති බවයි. ලින් ෆෙන් නගරය ශීඝ්‍රයෙන් වර්ධනය වී තිබෙන බවයි ඔහුගේ අදහස. චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ ගෙවී ගිය අවුරුදු 70 තුළ, තමන්ගේ මව්රටේ දැවැන්ත වෙනසක් සිදු වී තිබෙනවා. ලින් ෆෙන් නගරය මගින් ශැන් ෂී පළාතේ සංවර්ධනය විදහා දැක්විය හැකියි. ශැන් ෂී පළාත දිහා බැලීමේදී චීනයේ සිදු වූ වෙනස ද දැක ගැනීමට හැකි බව ද Du Liangchi සඳහන් කළා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන