යැක් ගව කිරි නිෂ්පාදනය කළ ජනතාව දිළිඳු ලැයිස්තුවෙන් ඉවතට
2019-09-30 08:00:01
Share with:

24 හැවිරිදි Gen Weng චීනයේ ස්චුඅන් පළාතේ Kangding නගරයේ පිහිටි කුඩා ටිබේට් ජාතික ගම්මානයක එඩේර තරුණියක්. යැක් ගවයින් සියයක් පමණ ඇය ඇති කරනවා. ඇගේ පවුල පරම්පරිකව යැක් ගවයින්ගේ කිරි භාවිත කරමින් බටර් හදනවා. එහෙත් යැක් ගව කිරි භාවිත කරමින් අයිස් ක්‍රීම් නිෂ්පාදනය කළ හැකි බවට ඇය කිසිම දවසක හිතුවේ නැහැ.

යැක් ගවයින් ඇති කරන්න පුළුවන් මුහුදු මට්ටමෙන් මීටර් 3500 ක උසකින් යුත් සානු ප්‍රදේශයේ පමණයි. වෙළඳපොලේහි සාමාන්‍ය එළ කිරි හා සැසඳීමේදීයැක් ගව කිරි මිළ හතර ගුණයකින් අලෙවි කරන්න පුළුවන්.

Gen Weng ජීවත්වන Erdamenba ගම්මානයේ දිළිඳු පවුල් 40ක් සිටිනවා. ඒ අතර සමස් දිළිඳු ජනතාව 181 දෙනෙක් ඉන්නවා. මෑත වසර කිහිපය තුළ එහි සංචාරක කර්මාන්තය හා යැක් ගව කිරි නිෂ්පාදන කර්මාන්තය සංවර්ධනය කිරීමෙන් ගම්වැසියන්ගේ ආදායම ඉහළ නැංවූවා. 2016 වසරේදී එම ගම්මානය දිළිඳුකම තුරන් කරමින් දිළිඳු ගම්මාන ලැස්තුවෙන් සාර්ථකව ඉවත් කෙරුණා.

ව්‍යවසායන්, එ‍‍‍ඩේර කලාප, කෘෂිකාර්මික සහයෝගතා සංවිධාන සහ එඩේර ජනතාව එකතු වීමෙන්ව්‍යාපාරික රාමුව හරහා යැක් ගව කිරි ඉහළ මිළකින් වෙළඳපොලේහි අලෙවි කිරීමට හැකි වූණා. 2018 වසරේ එම ‍එඩේර ගම්වැසියන්ගෙන් යැක් ගව කිරි මිලදී ගැනීම Lanxi නැමති කිරි නිෂ්පාදන සමාගම ආරම්භ කළා. එම වසරේ එහි වැසියන්ගේ සමස්ත ආදායම චීන යුඅන් ලක්ෂ 4.6කින් වැඩි වූණා. ඉහළ ගුණාත්මකභාවයෙන් යුත් යැක් ගව කිරි නිෂ්පාදනය මගින් සෑම පවුලකම ආදායම යුඅන් 5200 කින් වැඩි වීතිබෙනවා.

Lanxi කිරි නිෂ්පාදන සමාගම චීන ජාතික මට්ටමේ අධි තාක්ෂණ ව්‍යවසායන්වලින් එකක්. එම නිෂ්පාදන සමාගම යැක් ගව කිරි අයිස් ක්‍රීම් ඇතුළු විවිධ කිරි නිෂ්පාදිතයන් චීනයේ විවිධ පළාත්වල සහ අන්තර් ජාලයේ ‍අලෙවි කරනවා. මේ වෙන කොට යැක් ගව කිරි පෝෂණීය, සෞඛ්‍යසම්පන්න සහ අධි ගුණාත්මකභාවයෙන් යුතු නිෂ්පාදනයක් බවට පත් වී තිබෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන