චීනය ලෝකයේ පොදු සංවර්ධනයට තල්ලුවක්
2019-09-29 20:12:49
Share with:

චීනය ලෝකයේ පොදු සංවර්ධනයට තල්ලුවක්

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය නිමිති කරගෙන චීන මාධ්‍ය සමූහය විදේශ රටවල විවිධ ක්ෂේත්‍රවල සිටින පුද්ගලයන් සමග සම්මුඛ සාකච්ඡා පැවැත්වුවා. මියන්මාර-චීන සංස්කෘතික සංගමයේ සභාපති Hlaing Win මහතා ඔවුන්ගෙන් එක් අයෙක්. මියන්මාරයේ Democracy Today පුවත් සේවයේ ප්‍රධාන සංස්කාරකවරයෙකු වශයෙන් කටයුතු කරන Hlaing Win මහතා හය වතාවක් චීනයේ සංචාරය කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙක් වන ඔහු චීනය පිළිබඳ දැඩි අවධානයක් යොමු කර සිටිනවා.

ගෙවී ගිය වසර 70 තුළ චීනය ජනතාවගේ යහපත මූලික කරගෙන විස්මිත සංවර්ධන ජයග්‍රහණයක් අත්කර ගෙන තිබෙනවා. 1978 වසරේ සිට චීනය ක්‍රියාත්මක කළ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ප්‍රතිපත්තිය Hlaing Win මහතා ඉහළින් අගය කළා. එම ප්‍රතිපත්තිය චීනයේ දැවැන්ත විපර්යාසයන්ට හේතු වී ඇතැයි ඔහු පවසනවා. ලොව අධිකම ජනගහණයක් සිටින රටක් වුව ද ස්ථාවර සංවර්ධනයක් පවත්වාගෙන යමින් ජනතාවගේ ජීවිතය අඛණ්ඩ ව ඉහළ නංවාලීමට සමත් වී තිබීම අතිශය ජයග්‍රහණයක්. චීනයේ සංචාරය කළ සෑම අවස්ථාවක චීනය වෙනස් වෙමින් සිටින ආකාරය තමන්ට දැක ගැනීමට හැකි වු බව Hlaing Win මහතා කියා සිටිනවා. ස්වකීය සංවර්ධනය පවත්වාගෙන යන අතර සෙසු රටවල් හා එක්ව පොදු සංවර්ධන ඉලක්ක සැබෑ කිරීමට චීනය කටයුතු කළ ආකාරය Hlaing Win මහතාගේ පැසසුමට ලක් වුණා. එහි කදිම නිදසුනක් වන්නේ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය හා මියන්මාරය එක් ව චීන-මියන්මාර ආර්ථික කොරිඩෝව ගොඩ නැගීමයි.

ලබන වසරේ චීන-මියන්මාර රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාව ස්ථාපිත කර වසර 70ක් සපිරෙනවා. දෙරටේ සම්බන්ධතාව පිළිබඳ කතා කිරීමේදී Hlaing Win මහතා කියා සිටින්නේ යහපත් මියන්මාර- චීන සබඳතාවක් දෙරටේ පොදු යහපතට ගැලපෙන බවයි. ඒ වෙනුවෙන් තමන් ක්‍රියාශීලි ව කටයුතු කරන බවත් මියන්මාර-චීන සංස්කෘතික සංගමය ස්ථාපිත කිරීමේ අරමුණ වී තිබෙන්නේත් දෙරටේ සබඳතාව වර්ධනය කිරීම බවත් ඔහු පවසනවා. මියන්මාර-චීන සබඳතාව තව තවත් වර්ධනය වන බවට Hlaing Win මහතා සිය විශ්වාස පළ කර තිබෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන