ජනතාව දිළිඳුකමෙන් මුදවා ගැනීමේ උත්සාහය
2019-09-29 08:35:08
Share with:

Bayarsehan මහතා එවෙන්කි ජාතිකයෙක්. ග්‍රාමයේ රාජ්‍ය සේවකයෙක් ලෙස ඔහු පසුගිය වසරේ උතුරු චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වායාත්තයේ Chagannuorgazha නම් ගම්මානයට පැමිණියා. එහි එඬේර ජනතාව දිළිඳුකමෙන් මුදවා ගැනීම සඳහා එම ගම්මානයේ කාරක කණ්ඩායමේ ප්‍රධානියා ලෙස ඔහු සේවය කරනවා.

ස්වායත්ත මට්ටමේ දිළිඳු ගම්මානයක් ලෙස නම් කරන ලද එම ගම්මානයේ දිළිඳු පවුල් 29ක් සිටිනවා. ඒ අතර සමස්ත දිළිඳු ජනතාව 89 දෙනෙක් ඉන්නවා. බොහෝ දෙනාට පෞද්ගලික නිවාස හිමි වූණේ නැහැ. ඇතැම් අයගේ නිවාස අනතුරුදායක තත්ත්වයකයි පැවතියේ. චීන රාජ්‍ය සහය යටතේ යළි ලියාපදිංචි කිරීමේ ව්‍යපෘතිය හා නිවාස අලුත්වැඩියා පිළිබඳ ව්‍යපෘතිය මගින් දිළිඳු පවුල් 27කට ආරක්ෂක නිවාස ලැබුණා. ජලය පිරිසිදු කිරීමේ යන්ත්‍ර නොමිලේ ලබා දෙමින් තවත් දිළිඳු පවුල් 30කට ආරක්ෂිත ජලය සැපයුවා. පසුගිය වසරේ මාර්තු මාසේ එම ගම්මානය දිළිඳුකම තුරන් කරමින් දිළිඳු ගම්මාන ලැස්තුවෙන් සාර්ථකව ඉවත් කෙරුණා.

දිළිඳු ගම්මාන ලැස්තුවෙන් ඉවත් වී තිබුණද එහි දිළිඳු ජනතාවගේ ආදායම් තවමත් අඩු මට්ටමක පවතිනවා. එහෙත් ගම්මාන සමූහ ආර්ථීකය ඉතා දුර්වල බව ජනතාවගේ ආදායම් වැඩි කිරීමට විශාල බාධාවක්.

Bayarsehan මහතා එම ගම්මානයට පැමිණීමෙන් පසු සමීක්ෂණයක් ක්‍රියාත්මක කළා. එම සමීක්ෂණය මගින් දිළිඳු ජානතාව තුළ බොහෝ අයට විශේෂ දක්ෂතාවන් හිමි බව ඔහු දැන ගත්තා. ජාතික ලක්ෂණ සහිත රස කැවිලි සැකසීම, සම් නිෂ්පාදනය සහ අශ්වයන් හෝ ඔටුවන් පුහුණු කිරීම ඇතුළු විවිධ නිපුණතාවන් ඔවුන්ට තිබෙනවා. එම තත්ත්වය සලකා Ba ya er se han මහතා ඔවුන්ට ගැලපෙන සුදුසු දිළිඳුකමෙන් මුදවා ගැනීමේ ක්‍රමයන් නිර්මාණය කළා. ඔහු විසින් අලුතින් කරන ලද ගම්මානයේ නිවාස දිළිඳුකමෙන් තුරන් කිරීමේ විශේෂ කම්හලක් බවට පත් කෙරුණා. ගම්මානය, සහයෝගතා සංවිධානය හා එඬේර ගම්වැසියන් එකතු වීමේ රාමුව ස්ථාපිත කෙරුණා. අදාළ නිෂ්පාදන ප්‍රචාරය කිරීම සඳහා ඔහු නිතරම පෞද්ගලික සමාජ මාධ්‍ය ගිණුමෙහි දැන්වීම් පළ කළා. ඒ විතරක් නෙවෙයි විවිධ ස්ථානවල පැවති භාණ්ඩ ප්‍රදර්ශනවලට ඔහු සක්‍රිය ලෙස සහභාගි වුණා. අශ්ව කිරි යෝගට්, වියළි කිරි කේක් සහ ඔටු කිරි යන සුළු ජාතික ලක්ෂණ සහිත නිෂ්පාදිත හැර ඔහු විශේෂ කිරි ඇසුරෙන් මූන් කෙක් නිර්මාණය කළා. අදාළ නිෂ්පාදිත වෙළඳ පොළේ හොඳින් අලෙවි වෙනවා. පසුගිය වසරේ චීනයේ සරත් සෘතු උත්සව කාලයේ එම ගම්මානයට මූන් කෙක් පමණක් අලෙවි කිරීමෙන් චීන යුඅන් 50000 ක් ලැබූණා. Bayarsehan මහතාගේ නායකත්වය යටතේ පසුගිය වසරේ අවසානය වන විට එම ගම්මානයේ සමූහ ආර්ථීකයෙන් ලබා ගත් ආදායම චීන යුඅන් 46000ක්. රාජ්‍ය සහන මුදල් එකතු වී එහි සෑම දිළිඳු පවුලකට අඩු වශයෙන් යුඅන් 6250 ක් ලබා දූන්නා.

ජනතාව දිළිඳුකමෙන් මුදවා ගැනීමේ උත්සාහය

ජනතාව දිළිඳුකමෙන් මුදවා ගැනීමේ උත්සාහය

ජනතාව දිළිඳුකමෙන් මුදවා ගැනීමේ උත්සාහය


Sun/Shi


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන