කලාපීය හා ලෝක සමෘද්ධියට චීනයේ කාර්යභාරය අතිශයින් වැදගත් - කාම්බෝජ අගමැති
2019-09-29 20:16:25
Share with:

කලාපීය හා ලෝක සමෘද්ධියට චීනයේ කාර්යභාරය අතිශයින් වැදගත් - කාම්බෝජ අගමැති

චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරය නිමිති කරගෙන පසුගිය දා චීන මාධ්‍ය සමූහය හා චීන ශින් හුවා පුවත් සේවය ඒකාබද්ධ ව කාම්බෝජ අග්‍රාමාත්‍ය Hun Sen මහතා සමග සම්මුඛ සාකච්ඡාවක් පැවැත්වුවා. එම සම්මුඛ සාකච්ඡාව පැවැත්වුණේ කාම්බෝජයේ Kandal ප්‍රාන්තයේ Takmao නගරයේ පිහිටි එතුමාගේ නිල මන්දිරයේදී.

කලාපීය හා ලෝක සමෘද්ධියට චීනයේ කාර්යභාරය අතිශයින් වැදගත් - කාම්බෝජ අගමැති


චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 70වැනි සංවත්සරයට සුබ පතමින් Hun Sen මහතා කියා සිටියේ චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය යටතේ චීනය විශිෂ්ට සංවර්ධන ජයග්‍රහණයක් අත්කරගෙන ඇති බවයි. ලොව ජනගහණයෙන් පහෙන් එකක් ජීවත් වන චීනයට ඇත්තේ ලෝක ගොඩබිම් ප්‍රමාණයෙන් දහයෙන් එකකට අඩු භූමියක් පමණයි. එහෙත් මේ වන විට චීනය ලොව 2වැනි විශාලතම ආර්ථිකය හිමි රට බවට පත්ව තිබෙනවා. විවිධ ක්ෂේත්‍රවල චීනය ලබාගෙන ඇති ජයග්‍රහණ අතරින් ඉහළ ආර්ථික වර්ධනය සහ ජනතාවගේ ජීවන මට්ටම අඛණ්ඩ ව ඉහළ යාම කාගේත් විස්මයට පත් වන බව Hun Sen මහතා කියා සිටියා. ස්වකීය සංවර්ධනය හැරෙන්නට කලාපීය හා ලෝක සමෘද්ධිය හා වර්ධනය වෙනුවෙන් චීනය වැදගත් කාර්යභාරයක් ඉටු කර තිබෙන බව හෙතෙම පැවසුවා. උදාහරණ වශයෙන් 1998 වසරේ සිදු වූ ආසියා මූල්‍ය අර්බූදය හා 2008 වසරේ සිදු වූ ලෝක මූල්‍ය අර්බූදය හමුවේ චීන ආර්ථිකය අඛණ්ඩ ව වර්ධනය වුණා. එය ආසියා හා ලෝක ආර්ථික පුනරුත්ථාපනයට වැදගත් දායකත්වයක් ලබා දුන්නා. එම සම්මුඛ සාකච්ඡාවේදී Hun Sen මහතා චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ ඉහළින් අගය කළා. එම වැඩපිළිවෙළ තුළින් බොහෝ රටවල් වගේ ම කාම්බෝජය ද වාසි ලබමින් සිටින බව කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා. දිගු කාලයක් තිස්සේ චීනය සිය රටට ලබා දුන් ආධාරවලට ස්තුතිය පළ කරමින් හෙතෙම කියා සිටියේ චීනය එම ආධාර ලබා දුන්නේ කිසිදු කොන්දේසියක් නොමැතිව බවයි. චීනයෙන් ලද එම ආධාර කාම්බෝජයේ ආර්ථික වර්ධනයට විශාල රුකුලක් වී තිබෙන බව කාම්බෝජ අග්‍රාමාත්‍යවරයා පැවසුවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන