චීන-පාකිස්ථාන ආර්ථික ‍කොරිඩෝවේ සංවර්ධනයට දායක වන Cao Jian Guo ගේ කතාන්දරය
2019-09-29 20:07:58
Share with:

චීන-පාකිස්ථාන ආර්ථික ‍කොරිඩෝවේ සංවර්ධනයට දායක වන Cao Jian Guo ගේ කතාන්දරය


වසර 70ක ගමන් මඟ ගෙවා ඇති චීන මහජන සමූහාණ්ඩුව හෙවත් නව චීනය අද වන විට ලොව මවිත කරවන සංවර්ධන ජයග්‍රහණ බොහෝමයක් ලබාගෙන ඇත්තේ පරම්පරා කිහිපයක චීන ජාතිකයන්ගේ අපරිමිත වෑයමෙන් බව කිව යුතුයි. චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීම රටේත් තමන්ගේ ජීවිතයේත් නව ආරම්භයක් බව චීන ජනතාවගේ පොදු ජාතික හැඟීමක්. 1963 වසරේ සැප්තැම්බර් මස 28වැනි දා චීනයේ හු නැන් පළාතේ ඉපදුණු පුතාට පියෙක් Jian Guo යන නම දුන්නේ එම දිනය චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීමේ 14වැනි සංවත්සරයට දින 2කින් පමණක් ළං වන බැවින්. Jian Guo යන චීන නමින් අදහස් වන්නේ චීන මහජන සමූහාණ්ඩුව ස්ථාපිත කිරීම යන්නයි. පියා එසේ තමන්ට නම දැම්මේ දැඩි දේශප්‍රේමයෙන් යුතුව යැයි Cao Jian Guo අතීතය සිහිපත් කරමින් පවසනවා.

ගොවි පරම්පරාවලින් පැවත ආ Cao Jian Guo, බාහිර ලෝකයේ අපූර්වත්වය අත්විඳීමට වයස අවුරුදු 18ටේදී උපන් ගමට සමු දුන්නා. ඔහු ගුවං චෞ හා ශෙන් චෙන් ඇතුළු නගර කිහිපයකට ගිහින් තිබෙනවා. විවිධ රැකියාත් කර තිබෙනවා. 1995 ‍වසරේ ඔහු මිත්‍රයන් සමග හවුල්කාරී ඉදි කිරීම් සමාගමක් ස්ථාපිත කර රැකියා ජීවිතයේ අලුත් ආරම්භයක් පිළිගත්තා. 2016 වසරේ විදේශ රටවල ඉදි කිරීම් ව්‍යාපෘති කරන යහළුවෙකුගේ සහය ඇතිව Cao Jian Guo සිය සමාගමේ සාමාජිකයන් 20කට වැඩි පිරිසක් රැගෙන පාකිස්ථානයට ගිහින් සිය විදේශ ජීවිතය ඇරඹුවා. පාකිස්ථානයේ Peshawar සිට Karachi දක්වා වන අධිවේග මහා මාර්ගයේ Sukur හා Multan අතර මහා මාර්ග ව්‍යාපෘතියට ඔවුන් එක් වී මේ වන විට අවුරුදු 3ක කාලයක් ගෙවී ගොස් තිබෙනවා. Peshawar - Karachi මහා මාර්ගය, චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ විශාල ම ප්‍රවාහන යටිතල පහසුකම් ව්‍යාපෘතියයි. වැඩබිමේදී පාකිස්ථාන සේවකයන්ට ඉදි කිරීම් සිදු කරන ආකාරය කියා දීම, ව්‍යාපෘතියේ ගුණාත්මකභාවය හා ප්‍රගතිය අධීක්ෂණය කිරීම Cao Jian Guo ගේ ප්‍රධාන දෛනික කාර්යයන්. ඔහුගේ අවංකකම, කරුණාව සහ වැඩවලදී දක්වා ඇති විමසිලිවන්තභාවය හා කැපවීම් ඔහුගේ රාජකාරි මිතුරන්ගේ ඇගයීමට ලක් වුණා.ඔහු සමග වැඩ කරන පාකිස්ථාන සේවකයන් පවසන්නේ Cao Jian Guoගේ පුද්ගලික ගති පැවතුම් තුළින් චීන ජීවගුණය සැඟ‍වෙන බවයි. චීන ජීවගුණය යනු ලබපු යහපත් අධ්‍යාපනයෙන් හැඩ ගැසුණු ඉහළ මානව ගුණය, සහයෝගිතාව අගය කිරීම සහ ලෙන්ගතුකම කියා තමන් Cao Jian Guo සමග ඇසුරු කිරීමෙන් ලද අවබෝධය බව පාකිස්ථාන සේවකයන් වැඩිදුරටත් සඳහන් කරනවා.


චීන-පාකිස්ථාන ආර්ථික ‍කොරිඩෝවේ සංවර්ධනයට දායක වන Cao Jian Guo ගේ කතාන්දරය

මව්රටින් ඈත් ව සිටියත් මව්රටින් ලැබෙන ශක්තිය Cao Jian Guoට සෑම විට ම දැනෙනවා. මව්රටේ ශක්තිමත්භාවය තමන්ට විදේශයන්හි කටයුතු කිරීමට වේදිකාවක් පමණක් නොව තමන්ට විදේශයන්හි චීන වේගය හා චීන ගුණාත්මකභාවය විදහා දැක්වීමට අවකාශ සලසා දී තිබෙන බව ඔහු පවසනවා.

Cao Jian Guo ඇතුළු චීන ඉදි කිරීම් තාක්ෂණිකයන්ගේ කැපවීම් යටතේ Peshawar - Karachi මහා මාර්ග ව්‍යාපෘතිය කල් ඇතිව අවසන් කළා. මව්රටින් ලද ශක්තිය සිතේ රඳවාගෙන ඉදිරියේදී සිය විදේශ වෘත්තීය ජීවිතය තවදුරටත් පවත්වාගෙන යාමට Cao Jian Guo බලාපොරොත්තු වෙනවා.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන