රුසියා-චීන මිත්‍ර සංගමයේ පළමු උප සභාපතිනිය චීනය දුටු ආකාරය
2019-09-27 14:40:03
Share with:

රුසියා-චීන මිත්‍ර සංගමයේ පළමු උප සභාපතිනිය චීනය දුටු ආකාරය

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සැප්තැම්බර් මස 17වැනිදා චීනයේ සමාජවාදී නවීකරණය, චීනය සහ විදේශ රටවල් අතර හුවමාරු හා සහයෝගීතාව ප්‍රවර්ධනය කිරීම සහ ලෝක සාමය ආරක්ෂා කිරීම සඳහා විශිෂ්ට සේවය ඉටු කළ විදේශිකයන් හය දෙනෙකුට මිත්‍රත්ව පදක්කම් පිරිනැමුවා. එම මිත්‍රත්ව පදක්කම චීනය විදේශිකයන්ට ලබා දෙන ඉහළ ම සම්මානය ලෙස සැලකේ.

රුසියා-චීන මිත්‍ර සංගමයේ පළමු උප සභාපතිනි Galina Kulikova මහත්මිය එම විදේශිකයන් හය දෙනෙකුගෙන් එක් අයෙක්. ඇය රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටීන් මහතාට පසුව එම මිත්‍රත්ව පදක්කම ලබා ගෙන ඇති දෙවැනි රුසියානු ජාතිකයායි.

Galina Kulikova මහත්මිය ඉපදුනේ 1935 වසරේදීයි. 1957 වසරේ ඇය සෝවියට් සංගම්-චීන මිත්‍ර සංගමය ස්ථාපිත කිරීමට සහභාගි වුනා. 1960 වසරේ ඇය එම සංගමයට ඇතුළත් වුනා. 1989 වසරේ ඇය මිත්‍ර සංගමයේ පළමු උප සභාපතිනිය වශයෙන් චීනයට පැමිණ සෝවියට් සංගම් තානාපති කාර්යාලයේ සේවය කළා. ඇය දීර්ඝ කාලීනව දෙරට අතර මිත්‍රත්ව සංවර්ධනයට විශිෂ්ට කාර්යභාර ඉටු කළා.

Kulikova මහත්මිය තම අත්දැකීම් අනුව“රුසියාව හා චීනය අතර සිවිල් රාජ්‍ය තාන්ත්‍රිකභාවය”නමැති පොතක් රචනා කළා. එම පොත ගෙවී ගිය වසර 70 තුළ චීන-රුසියා දෙරටේ ජනතාවගේ මිත්‍රශීලි හුවමාරු ඉතිහාසය සඳහන් කර තිබෙනවා.

ගෙවී ගිය වසර 70 තුළ චීනය විවිධ ක්ෂේත්‍රවල වර්ධනීය ප්‍රතිඵල ලබා ගැනීමට හේතු වූයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ස්ථීර නායකත්වය බව Kulikova මහත්මිය පැවසුවා. චීනය 2021 වසරට කළින් දිළිඳුකම මුළුමනින්ම තුරන් කොට සුවපහසු සමාජය සම්පූර්ණයෙන් ගොඩ නගනු ඇතැයි ඇය විශ්වාස කරනවා. චීනය සමෘද්ධිමත් හා ශිෂ්ටාචාරත්මක සමාජවාදී දැවැන්ත රටක් බවට පත් වනු ඇති බවට Kulikova මහත්මිය සිය විශ්වාසයක් ද පළ කළා.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන