බංග්ලාදේශයේ විදුලි බලාගාරයක ඉදි කිරීමට එක් වන චීන ජාතික චෝ ජියන්ගෝ
2019-09-26 14:59:16
Share with:

බංග්ලාදේශයේ විදුලි බලාගාරයක ඉදි කිරීමට එක් වන චීන ජාතික චෝ ජියන්ගෝ

චෝ ජියන්ගෝ, වසර 1970වේ චීනයේ ෂන්තුං පළාතේ සාමාන්‍ය පවුලක ඉපදුණා. පුතාට හොඳ අනාගතයක් සඳහා ප්‍රාර්ථනාව ඇතිව දෙමාපියන් ඔහුව ‘ජියන්ගෝ’ ලෙස නම් කර ඇත්තේ එයින් රට සංවර්ධනය කිරීම යන්න කියැවෙන නිසා.

ඉංජිනේරු විෂය ඉගෙන ගත් චෝ ජියන්ගෝ දැනට බංග්ලාදේශයේ විදුලි බලාගාරයක ඉදි කිරීමට එක් වෙමින් සිටිනවා. එම විදුලි බලාගාරය POWERCHINA RESOURCES LIMITED කණ්ඩායමේ බංග්ලාදේශ Barishal සමාගමේ ගල් අඟුරු විදුලි බලාගාර ව්‍යාපෘතියයි.

වසර 2018 චීන පාර්ශ්වයේ කළමණාකරණ මණ්ඩලයේ සාමාජිකයෙක් වශයෙන් චෝ ජියන්ගෝ තවත් වැඩසහකරුවන් දෙන්නෙක් එක්ක බංග්ලාදේශයට පැමිණියා. භාෂා බාධාව වගේම, අධික තෙතමනය හා වර්ෂාව සහිත නුහුරු දේශගුණයට ඔහු මුහුණ දුන්නා. එපමණක් නොව, උපකරණ හිඟය, කුලියට ගත හැකි නිවාස අඩු වීම යනාදී ප්‍රශ්න ද ඔහුගේ වැඩ කටයුතුවලට බලපෑමක් වුණා. කෙසේ වුවද ඔහුට ඒවා ක්‍රමයෙන් විසඳා ගන්නා අතර රාජකාරි නතර නොකර එය ඉදිරියට කර ගෙන යාමට හැකි වුණා.

දැනට එම ගල් අඟුරු විදුලි බලාගාරයේ ඉදි කිරීමට අදාළ මූලික කටයතු විධිමත් ලෙස සිදු කෙරෙමින් පවතිනවා. එළඹෙන ඔක්තෝබර් මස අග භාගයේ එහි ප්‍රධාන ව්‍යාපෘතිය ආරම්භ කිරීමට අපේක්ෂා කරනවා.

බංග්ලාදේශයට පෙර චෝ ජියන්ගෝ පාකිස්ථානයේ Qasim වරාය විදුලි බල උපදවන සමාගමේ සේවයට එක් ව සිටියා. එයත් POWERCHINA RESOURCES LIMITED කණ්ඩායමේ ව්‍යාපෘතියක්. මේ වන විට ඔහු විදෙස් රටක වසර 4ක් ගත කර සිටිනවා. මෙම පිටරට ජීවිතය සමහර විට කටුක වුණත්, කාර්යබහුල වුණත් මව්රට සිහිපත් කරමින්, තමා සේවය කරන රටේ විපර්යාසය සියැසින් දකින නිසා එම වෙහෙස හා කටුක බව සමනය වී යන බව ඔහු පවසනවා.

බංග්ලාදේශයේ විදුලි බලාගාරයක ඉදි කිරීමට එක් වන චීන ජාතික චෝ ජියන්ගෝ

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන