තායිලන්ත ආපන ශාලාව බෙයිජිංහි ඉතා ජනප්‍රියවීම පුදුමයක්
2019-09-25 17:12:22
Share with:

තායිලන්ත ආපන ශාලාව බෙයිජිංහි ඉතා ජනප්‍රියවීම පුදුමයක්

චීනයේ අගනුවර බෙයිජිං නගරය අගනුවර ලොව ප්‍රකට රස කැවිලි එකතුව ‍ඇති නගරයක්. මෙහි ඒ ඒ රටවල සුවිශේෂ කෑම රස විඳින අවස්ථාව ඔබට ලැබෙනවා. Pornthep තායිලන්ත ජාතිකයෙක්. 2015 වසරේ ඔහු බෙයිජිං හී තායිලන්ත ආපන ශාලාවක් විවෘත කළා. එම තායිලන්ත ආපන ශාලාව ඉතා ජනප්‍රිය වීම ඔහුට පුදුම දෙයක්. ගෙවී ගිය වසර හතර තුළ, සෑම වසරක ම ආපන ශාලා ශාඛාවක් ස්ථාපිත කරන්න ඔහුට පුළුවන් වුණා.

විද්‍යාලයේ සිටි කාලයේ සිට චීනයට පැමීණීම‍ට පැමිණීමේ සිහිනයක් තිබූ බව Pornthep සිහිපත් කළා. පසුගිය සියව‍සේ අනූව දශකය අගදී 23 හැවිරිදි Pornthep බෙයිජිං භාෂා හා සංස්කෘතික විශ්ව විද්‍යාලයට පැමිණ අධ්‍යාපනය ලබා ගන්න පටන් ගත්තා. උපාධි ලැබීමෙන් පසු චීනයේ තායිලන්ත තානාපති කාර්යාලයේ වීසා කටයුතු භාරව ඔහු සේවය කළා. තම පවුලේ වෙළඳ ගනුදෙනු පුරුද්දක් තිබෙන නිසා ස්ථිර රැකියාවකින් බැහැරව වෙළඳාම් කිරීමේ අවස්ථාව රැගෙන චීනය හා තායිලන්තය අතර වෙළඳාම් කිරීමට ඔහු පිවිසුණා. අනපේක්ෂිත මොහොතක මිතුරෙකුගේ ඉල්ලීම හේතුවෙන් බෙයිජිංහිදී තායිලන්ත ආපන ශාලාවක් මෙහෙයුම් කිරීමට ඔහු පටන් ගත්තා. ඒ කාලයේ බෙයිජිං නගරයේ තායිලන්ත ආපන ශාලා තිබුණා. එහෙත් තුන පහ චීනයේ දේශීය නිෂ්පාදිතයන් හේතුවෙන් නියම තායිලන්ත රස නිර්මාණය කිරීමට ඔවුන් අපොහොසත් වූ බව Pornthep ට හිතුණා. ඇඹුල් හා සැර රස සපිරි තායිලන්තයෙන් ආනයනය කරන තුන පහ තම ආපන ශාලාවේ විශේෂත්වයක් බව ඔහු පැවසුවා. 2015 වසරේ යාළුවන් සමඟ පළමු තායිලන්ත ආපන ශාලාව ඔවුන් ස්ථාපිත කළා.

තායිලන්ත ආපන ශාලාව බෙයිජිංහි ඉතා ජනප්‍රියවීම පුදුමයක්

ප්‍රායෝගික ක්‍රියාත්මකභාවයෙන් අධ්‍යයනය ලබා ගෙන කළමනාකරණ අත්දැකීම් දිනෙන් දිනම පොහොසත් වෙනවා. චීන සේවා මණ්ඩලයට තායිලන්ත ආහාර පිසීමට උගන්වන අතර තායිලන්ත සූ‍පවේදීන්ට චීන භාෂාව ඉගෙන ගන්න දිරිමත් කළා. ආහාර පිළිබඳ අදහස් හුවමාරු කිරීමට එම ආපන ශාලාවේ චීන හා තායිලන්ත සේවා මණ්ඩලයට පුළුවන් වුණා. එමගින් එහි තායිලන්ත ආහාර වාර්ග ප්‍රමාණවත් බවට පත් වුණා.

Pornthep කී පරිදි, පළමු ආපන ශාලාව ස්ථාපිත වීමෙන් වසර එක හමාරකින් පසු, ලාභ ලබා ගන්න පටන් ගත්තා. චීන කාන්තාවක් හා විවාහව සිටින Pornthepට 7 හැවිරිදි නිවුන් දුවෙකුත් පුතෙකුත් ඉන්නවා. චීනයේ මෙච්චර කල් සිටින්නට නොසිතූ ඔහු දිගටම චීන‍යේ ජීවත් වෙන්න කැමති බව කියනවා.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන