චීන ආධාරයෙන් ඉදි කෙරුණු කොස්ටරිකා ජාතික ක්‍රීඩාංගනය
2019-09-18 14:41:01
Share with:

මෙම වසර චීන මහජන සමූහාණ්ඩුව පිහිටුවීමේ 70 වන සංවත්සරය සනිටුහන් කරයි. ගත වූ වසර 70 තුළ නව චීනය සැම විටම සංවර්ධනය වෙමින් පැවතුන අතර මූල්‍ය දුෂ්කරතා ඇති සෙසු සංවර්ධනය වෙමින් පවතින රටවලට හැකි තරම් සහනාධාර සැපයීමට කැපවී සිටී. එම රටවල ස්වාධීන සංවර්ධන හැකියාවන් වැඩි දියුණු කිරීමටත් ජන ජීවිත සරුසාර කිරීමටත් එහි ආර්ථික හා සමාජ වර්ධනය ඉදිරියට ගෙන යාමටත් එම සහනාධාර දායක වෙයි. කොස්ටාරිකා ජාතික ක්‍රීඩාංගනයෙන් එවැනි සහනාධාර පෙන්නුම් කෙරේ.

චීන ආධාරයෙන් ඉදි කෙරුණු කොස්ටරිකා ජාතික ක්‍රීඩාංගනය

චීනයේ ආධාරය සහිතව මධ්‍යම ඇමරිකාවේ ඉදි කෙරුණු පළමු ව්‍යාපෘතිය වශයෙන් එය මධ්‍යම ඇමරිකාවේ නවීනතම සංකීර්ණ ක්‍රීඩාංගණයයි. කොස්ටාරිකා ක්‍රීඩා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ඇල්බට් ක්වෙස්ඩා මහතා මෙම ගොඩනැගිල්ල ජාතික අගනා වස්තුවක් ලෙස නම් කරයි.

කොස්ටාරිකා ජාතික ක්‍රීඩාංගනය වර්ග මීටර් ලක්ෂයකට ආසන්න භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර 35 දහසකට අධික පිරිසකට එහි ක්‍රීඩා ඉසව් නැරඹිය හැකිය. චීනයේ අන්හුයි පළාතේ විදේශ ආර්ථික ඉදිකිරීම් සමූහය විසින් මෙය ඉදි කරන ලදී. 2009 මාර්තු මාසයේ එහි ඉදිකිරීම් ආරම්භ කොට වසර 2011 මාර්තු මාසය වන විට නිල වශයෙන් භාවිතයට ලක් කර තිබේ.

එම ක්‍රීඩාංගනය සැලසුම් කරනු ලැබුවේ චීනයේ වු හාන් ෂොංනාන් වාස්තු විද්‍යා නිර්මාණ ආයතනය විසිනි. මීටර 299 ක පරතරයකින් යුත් වානේ ආරුක්කු ව්‍යුහය සහ සරල හා පිරිසිදු හැඩය ඉතා ප්‍රබල දෘශ්‍ය අත්දැකීමක් ගෙන එයි. සුළඟේ ඉදිරියට යන සුදු රුවල් දෙකක් මෙන් පෙනෙන නිසා එය "මුහුදේ රුවල්" ලෙස හැඳින්වේ.

චීන ආධාරයෙන් ඉදි කෙරුණු කොස්ටරිකා ජාතික ක්‍රීඩාංගනය

අතීතයේ දී, කොස්ටාරිකා ජාතික ක්‍රීඩාංගනයේ පැවතියේ ආසන 4,000 ක් පමණක් වූ අතර පාපන්දු ක්‍රීඩාව “පළමු, දෙවන හා තෙවන ක්‍රීඩාව”ලෙස අගය කරන කොස්ටාරිකා රසිකයන්ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීමට එය ප්‍රමාණවත් නොවිණ. එහෙත් දැනට ජාතික පාපන්දු කණ්ඩායමේ නව නිවහන ලෙස, නව ක්‍රීඩාංගනය කොස්ටාරිකා ජාතික පාපන්දු ක්‍රීඩාවේ එකින් එක ජයග්‍රහණ අත්කර ගැනීමේ සාක්ෂියකි.

එපමණක් නොව, චීන ආධාරයෙන් ඉදි කෙරුණු එම ක්‍රීඩාංගනය එරට සැන් ජෝස් අගනුවරේ සන්ධිස්ථානයක් බවට පත්ව ඇති අතර මධ්‍යම ඇමරිකාව, උතුරු ඇමරිකාව සහ යුරෝපය යන ස්ථානවල සංචාරකයින් විශාල පිරිසක් ආකර්ෂණය කර ගනී.

පසුගිය මැයි මාසයේදී චීනයේ ජියැන්සි ජාත්‍යන්තර ආර්ථික හා තාක්ෂණික සහයෝගීතා සමාගම (ජියැන්සි ඉන්ටර්නැෂනල්) එම ක්‍රීඩාංගනය අලුත්වැඩියා කිරීමේ ව්‍යාපෘතිය සඳහා වූ ලංසුව දිනා ගත්තේය. මෙම ව්‍යාපෘතිය අවසන් වීමෙන් පසු එහි ක්‍රීඩා, සංස්කෘති සහ සංචාරක කර්මාන්ත සමෘද්ධිමත් කිරීම සඳහා එම ක්‍රීඩාංගණය විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත.

චීන ආධාරයෙන් ඉදි කෙරුණු කොස්ටරිකා ජාතික ක්‍රීඩාංගනය


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන