සංස්කෘතික සම්පත් බහුල ගුවාංසි චුවාං ජාතික ස්වායත්තය
2019-09-18 14:57:12
Share with:

ගුවාංසි චුවාං ජාතික ස්වායත්තය චීනයේ සුළු ජාතික ස්වයං පාලන කලාප පහෙන් එකක්.එය ඉතා ගැඹුරු සංස්කෘතික වාතාවරණයෙන් පිරී යනවා. පසුගිය 2වැනි දා එහි ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුම රැසක් බෙයිජිං නගරයේ පිහිටි රාජ්‍ය මණ්ඩල ප්‍රවෘත්ති කාර්යාලයේ මාධ්‍ය හමු ශාලාවෙන් පිටතදී එළිදැක්වුණා. ගුවාංසි චුවාං ජාතික ස්වායත්තයේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුමයන්ගේ සුවිශේෂි ප්‍රියමනාප ගතිය ඒ ඒ උරුමකරුවන්ගේ සංදර්ශනයෙන් උපරීම අන්දමට පිළිඹිබු කෙරුණා .

ලැකර් කලාව චීන සාම්ප්‍රදායික හස්ත කර්මාන්තයක්. එයට වසර දහස් ගණනක ඉතිහාසයක් හිමි වෙනවා.

සංස්කෘතික සම්පත් බහුල ගුවාංසි චුවාං ජාතික ස්වායත්තය

ගුවංසි ස්වායත්තයෙන් පැමිණි වන්ග් බොයන්ග් නමැති උරුමකරුවෙක් ලැකර් ආලේප කරන ලද විවිධාකාර භාණ්ඩ විදහා දැක්වුවා. මෙම ලැකර් ප්‍රධාන වශයෙන් මුල්, කොළ පැහැති පොමෙලෝ, ගනෝඩර්මා ලුසිඩම් සහ ෂෙල් වැනි ස්වාභාවික ද්‍රව්‍ය වලින් සාදා තිබෙනවා.එය අතිවිශිෂ්ට හා අලංකාර නිර්මාණ වන අතර මිනිසුන් ඊට ආදරය කරනවා.

චුවාං ජින්,හෙවත් චුවාං ජාතික රෙදි විවීමේ කලාව, ගුවාංසි චුවාං ජාතික ස්වායත්තයේ ජනවාර්ගික හස්ත කර්මාන්තයක්.එය යුන්ජින්, ෂුජින් සහ සොන්ජින් සමඟ චීනයේ සුප්‍රසිද්ධ රන් හා රිදී රෙදී විවීමේ ක්‍රම හතරට අයත් වෙනවා .එයට වසර දහසකට වැඩි ඉතිහාසයක් තිබෙනවා. චීන ජාතික මට්ටමේ ද්‍රව්‍යාත්මක නොවන සංස්කෘතික උරුමයක් වන චුවාං ජාතික රන් හා රිදී රෙදී විවීමේ කර්මාන්තයේ නියෝජිත, ලී සුන් ලිං මහත්මිය පැවසුවේ දැඩි ව්‍යුහය, විචිත්‍රවත් වර්ණ හා රළු විලාසිතා ෂුවාංජින් සතුව ඇති බවයි.

සංස්කෘතික සම්පත් බහුල ගුවාංසි චුවාං ජාතික ස්වායත්තය

ගුවාංසි චුවාං ජාතික ස්වායත්තයට සරුසාර සංස්කෘතික සාධකයන් සහ සංචාරක සම්පත් ද හිමි වෙනවා. පුරාණ කාලයේ මුහුදු සේද මාවතේ ආරම්භක වරායන්ගෙන් එකක් වශයෙන්, මීට වසර 2,000 කට පමණ පෙර පැවතුණු හැන් රජපෙළපතේදී එහි හපූ ප්‍රදේශය අග්නිදිග සහ දකුණු ආසියානු රටවලට සමුද්‍රීය වෙළඳ මාර්ග විවෘත කළ ප්‍රදේශයක්. එපමණක් නොව,එහි නිංමිං ප්‍රදේශයේ පිහිටි ස්ව ජ්‍යාං හුආ ෂැන් කන්දේ සංස්කෘතික පාෂාණ සිතුවම් චීනයේ පාෂාණ සිතුවම් ක්ෂේත්‍රයේ පළමු ලෝක සංස්කෘතික උරුමයයි. මීට අමතරව,ජාතික සංස්කෘති උරුම කර ගැනීම දිරිගැන්වීම සඳහා,සෑම වසරකම මාර්තු 3 වන දින එහි බොහෝ ම ස්ථානවලදී උත්කෘෂ්ට ජාතික සංස්කෘති උත්සව පැවැත්වෙනවා.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන