චීන භාෂාව හැදෑරීමට ආජන්ටිනාවේ වැඩි ඉඩක්
2019-09-18 15:08:32
Share with:

12 වන “චීන පාලම”නැමැති ලෝපුරා මධ්‍යම පාසල් ශිෂ්‍යයන්ගේ චීන භාෂා තරගය සඳහා වන ආර්ජන්ටිනාවේ අවසාන තරගය, පසුගිය 2 වැනි දා එරට ලා ප්ලාටා ජාතික විශ්ව විද්‍යාලයේදී අවසන් වුණා. පළමු ත්‍යාගය දිනා ගත්තේ එම විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනයේ ඇලියෝනෝරා නමැති ශිෂ්‍යාවයි. ඉන් අනතුරුව, ඇය ආර්ජන්ටිනා මධ්‍යම පාසැල් සිසුන් නියෝජනය කරමින් චීනයට ගොස් අවසාන මහා තරඟයට සහභාගී වීමට සූදානමින් සිටිනවා.

16 හැවිරිදි ඇලියෝනෝරා වයස අවුරුදු 10 සිට චීන භාෂාව කතා කිරීමට පටන් ගත්තා. එම අවසාන තරගයේදී ඇය කළ චීන භාෂා දේශනය සහ සුවිශේෂී ප්‍රියමනාප භාවයෙන් යුත් ගායන හා නර්තන සංදර්ශන එහි විනිසුරුවන් සහ ප්‍රේක්ෂකයින් තුළ තදින් කා වැදුණා. එදිනම ශූරතාව දිනා ගැනීමෙන් පසුව ඇය වාර්තාකරුවන්ට පැවසුවේ චීන භාෂාවට හිමි අද්විතීය ආකර්ෂණය ඇයව විස්මයට පත් කර ඇති බවයි.

චීන භාෂාව හැදෑරීමට ආජන්ටිනාවේ වැඩි ඉඩක්

ආර්ජන්ටිනාවේ ලා ප්ලාටා ජාතික විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතනය, චීනයේ ෂි ඇන් විදේශ භාෂා විශ්ව විද්‍යාලය සහ එරටේ අදාළ ආයතන එක්ව ස්ථාපිත කර තිබෙනව. චීන භාෂාව ජනප්‍රිය කිරීම, කොන්ෆියුසියස් ආයතනය ඉතා වැදගත් කොට සලකන බව එහි චීන පාර්ශ්වයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විස්තර කළා. දැනට විෂය ප්‍රසාද ලකුණ සහිත පාඨමාලා මෙන්ම, කඩදාසි නිර්මාණ, අක්ෂර වින්‍යාසය සහ විවිධ සංස්කෘතික කටයුතු සඳහාද එම ආයතනය පුහුණුව ලබා දෙනවා. මීට අමතරව ආර්ජන්ටිනාවේ ස්ථාන 12 ක චීන භාෂා ඉගැන්වීම ද එම ආයතනයෙන් සිදු කෙරෙන තවත් කටයුත්තක්. ඉගැන්වීමේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම සඳහා එහි අධ්‍යක්ෂ ජනරාල්වරයා නිර්මාණශීලිත්වයෙන් යුතුව අන්තර්ජාල පාඨමාලාවක් ද ආරම්භ කොට ඉතා යහපත් ප්‍රතිචාර ද ලබා ගත්තා.

මේ වන විට ආර්ජන්ටිනාවේ බුයිනෝස් අයර්ස් විශ්ව විද්‍යාලයේ සහ ලා ප්ලාටා ජාතික විශ්ව විද්‍යාලයේ කොන්ෆියුසියස් ආයතන දෙකක් ස්ථාපිත කොට තිබෙනවා. තුන්වන කොන්ෆියුසියස් ආයතනය එහි කෝර්ඩෝබා ජාතික විශ්ව විද්‍යාලය සහ චීනයේ ජි නන් විශ්ව විද්‍යාලය ඒකාබද්ධ ව ස්ථාපිත කිරීමට නියමිතයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන