70 වසරක් තුළ සංවර්ධනය සමඟ ඉදිරියට ගිය චීන හෙද සේවාව
2019-09-17 10:09:21
Share with:

හෙද කාර්ය මණ්ඩලය මහජන සෞඛ්‍ය සේවාවට වැදගත් ශක්තියක්. ජනතාවගේ සෞඛ්‍ය අයිතිවාසිකම් සහතික කර සෞඛ්‍ය මට්ටම ඉහළ නැංවීමේදීඔවුන් ඉතා වැදගත් කාර්යයභාරයක් ඉටු කරනවා. අදාළ දත්ත අනුව, 2018 වසරේ අවසානය වනවිට චීනයේ ලියාපදිංචි කළ හෙද සංඛ්‍යාව මිලියන 4ක් ඉක්මවූවා. සමස්ත ද්‍යෛ වෘත්තීයවේදීන් ගෙන් එම සංඛ්‍යාව භාගයක් වන බවටයි පැවසෙන්නේ. එමෙන්ම,චීන හෙදියන්ගේ නිපුණතා මට්ටම අඛණ්ඩව ඉහළ නංවා තිබෙනවා.

1984 වසරේ Wang Kerong මහත්මිය බෙයිජිං හෙද විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තා. ගෙවී ගිය වසර 30ක කාලය තුළ කොළරාව,බී වර්ගයේ හෙපටයිටීස්,ඩෙංගු උණ සහ ඒඩ්ස් රෝගය ඇතුළු විවිධ වසන්ගත රෝගයන්ට ලක්වූරෝගීන් සඳහා ඇය වෛද්‍ය සේවා ලබා දීතිබෙනවා. ඇය දැනට සේවය කරන්නේ බෙයිජිං දිතැන් රෝහලේ ඒඩ්ස් රෝගීන් සඳහා ප්‍රධාන හෙදිය ලෙසටයි. ඒඩ්ස් රෝගීන් දහස් ගණනකගේ දුරකතන අංක ඇය සතුව තිබෙනවා. රෝගීන්ගේ හදිසි අවශ්‍යතාවන් සඳහා ඇයගේ දුරකතනය පැය 24 පුරාම ක්‍රියාත්මකයි.

චීනයේ හෙද සේවා වර්ධනය පිළිබඳව චීන ජාතික සෞඛ්‍ය කමිටුවේ වෛද්‍ය සේවා පාලන දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂ Jiao Yahui මහත්මිය හෙළි කළා. චීන මහජන සමූහාණ්ඩුව පිහිටු වීමේ 70 වසරක කාලය තුළ හෙද සේවා, චීනයේ සංවර්ධන යුගය සමඟම ඉදිරියට ගෙන ගිය බව ඇය සඳහන් කළා. හෙද සේවා රෝහලේ සිට සමාජ නිවාස සංකීර්ණ හා නිවාස තුළට සේවා යොමු කරමින් ජනතා අවශ්‍යතා සපුරා තිබෙනවා. සෞඛ්‍ය පාලනය,මනෝ විද්‍යා සේවා, පුනරුත්තාපනයට පෙළඹවීම හා අසාද්‍ය රෝගීන්ට විශේෂ සහනාධාර සැපයීම යන සේවාවන් ඊට ඇතුළත් වන බව JiaoYahui මහත්මිය පැවසුවා.

70 වසරක් තුළ සංවර්ධනය සමඟ ඉදිරියට ගිය චීන හෙද සේවාව


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන