එදා සහ අද චීන ආහාර පරිභෝජනයේ විපර්යාසය
2019-09-16 11:21:30
Share with:

චීනයේ 70 වැනි ජාතික දිනය ඔක්තෝබර් මස 1 වැනිදා සමරනු ලැබුවා. ගෙවී ගිය අවුරුදු 70 තුළ චීනයේ විවිධ ක්ෂේත්‍රයන්හි විස්මයජනක වෙනස්කම් දක්නට ලැබුණා. හෙ බෙයි පළාතේ විශ්‍රාමික පුරවැසියෙක් වන සූ රුන්ෆෙන්ග්, ආහාර සම්බන්ධයෙන් සිදු වූ වෙනස්කම් ගැන විශේෂයෙන් සිහිපත් කරනවා. ඔහුගේ කුඩා කාලයේ ආහාර හිඟයක් තිබුණා. කුවිතාන්සියෙන් හා මුදල් යන දෙකින්ම පමණයි අවශ්‍ය ආහාර මිලට ගන්න පුළුවන් වුණේ. තිරිඟුවලින් සෑදූ ආහාර අනුභව කිරීම නම්, සුඛෝපභෝගී දෙයක් වුණා. එලවළු නම්, ගෝවා වගේ සාමාන්‍ය එලවළු වර්ග දෙක තුනක් පමණක් මිනිසුන් සාමාන්‍යයෙන් ආහාරයට ගැනීමට පුරුදු වුණා.

ඒත් රට සමෘද්ධිමත් වීමත් සමගම කුස සපිරීම ගැටළුවක් වුණේ නෑ. මිනිසුන්ගේ කෑම මේස මත එලවළු වර්ගවලින් පොහොසත් වී තිබෙනවා පමණක් නොව, පලතුරු, මාංශ, කිරි වර්ගත් එන්න එන්නම වැඩි වෙන්න පටන් ගත්තා. කළින් අලුත් අවුරුදු කාලයේ පමණයි හොඳ ආහාර ස්වල්පයක් ගැනීමට හැකි වුණේ. ඒත් දැන් නම් හැමදාම අලුත් අවුරුදු සමරනවා වගේ බව සූ රුන්ෆෙන් කිව්වා.

 එම වෙනස්කම් චීනයේ කෘෂිකර්ම නිෂ්පාදන වර්ධනය පිළිබිඹු වීමක්. වසර 1949 එනම් චීනය පිහිටු‍වීමේ ප්‍රථම වසරේ රටේ ධාන්‍ය නිෂ්පාදන ප්‍රමාණය කිලෝග්‍රෑම් බිලියන 100ක් විතරයි තිබුණේ. එය සමස්ත ජනතාවගේ ආහාර අවශ්‍යතා සපුරා ගැනීමට ප්‍රමාණවත් වුණේ නැහැ. වසර 2018 එම ප්‍රමාණය කිලෝග්‍රෑම් බිලියන 650ක් ලෙස වාර්තා වුණා. එය ලෝකයේ ඒක පුද්ගල ආහාර හිමි ප්‍රමාණය ඉක්මවා යාමක්. වසර හැත්තෑවක් මගින් චීනයේ ආහාර සැපයුම් හැකියාව කැපී පෙනෙන ලෙස වර්ධනය වී තිබෙන බව නිසැකවම කියන්න පුළුවන්. ආහාර පිරිසැකසුම් කර්මාන්තය ද ශීඝ්‍රයෙන් වර්ධනය වුණා. ඒ සමගම ආහාර විවිධත්වයත් පොහොසත් වුණා. මිනිසුන් ආහාර ප්‍රමාණය, ආහාර වර්ගය ගැන කතා කිරීමේ සිට ක්‍රමයෙන් පෝෂණ ආහාර සංකල්පය ගැන වැඩි අවධානයක් යොමු කරන්න පටන් ගත්තා.

 

එම ආහාර ගැන සංකල්පයේ වෙනස් වීම තුළින් රටේ සංවර්ධනය ද දක්නට ලැබෙනවා. කුස සපිරීමට උත්සාහ කිරීමේ සිට පෝෂණ ආහාර සංකල්පය දක්වා වන පරිවර්තනයෙන් චීන ජනතාව සුවපහසු ජීවිතය පිළිබඳ දරන අභිලාෂය පිළිබිඹු වෙනවා.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන