ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධනයට ප්‍රතිලාභ ගෙනදෙන ප්‍රතිපත්තිමය අඛණ්ඩතාව
2019-09-16 10:05:09
Share with:

ඉදිරි වසර තිහ ඉලක්ක කර ගනිමින් සියළු සංවර්ධන කටයුතු සිදු කරන බව මෑතකදී ශ්‍රීලංකාව ප්‍රකාශ කළා. වර්තමානයේ රටේ වර්ධනයට නොගැලපෙන පැරණි ආර්ථික රටාවෙන් සමු ගෙන යාවත්කාලීන ලෙස නව ආර්ථිකයක් නිර්මාණය කොට ශ්‍රී ලංකා ජනතාව ඉහල තලයකට ඔසවා තැබීම අරමුණ බව ද සඳහන් වෙනවා. අපනයන ආර්ථිකයක්, තිරසර සංවර්ධන උපායමාර්ගික මාවත්, ඉන්දියන් සාගරයේ කේන්ද්‍රස්ථානය සේ රට ගොඩනැගීම යනාදී ක්‍රියා සැලසුම්වලින් එම අරමුණ ඉටු කිරීමටයි ශ්‍රීලංකා රජයේ සැලැස්ම වී තිබෙන්නේ.

මෙය ඇත්තටම ශ්‍රී ලංකා රජය අනාගතය දෙස නෙත් යොමු කරමින් ගත් දූරදර්ශී පියවරක් ලෙස හැඳින් විය හැකියි. රටේ සංවර්ධනයට සරිලන ක්‍රියාමාර්ගය වසර 30ක් තුළ අඛණ්ඩව ක්‍රියාත්මක කළහොත් එය ශ්‍රීලංකාවට බොහෝ සෙයින් ඉවහල් වෙන බව විශ්වාස කරන්න පුළුවන්.

සංවර්ධනය කියන්නේ මානව සමාජයේ සදාකාලීන මාතෘකාවක්. සංවර්ධනයෙන් තොරව ජනතාවට අඛණ්ඩව සුභසෙත සලසා දීමටත් රට ඉදිරියට ගෙන යාමටත් හැකියාවක් නැහැ. සංවර්ධනය ඉටු කිරීමෙහි බොහෝම වැදගත් සාධකයක් වෙන්නේ ප්‍රතිපත්තිමය අඛණ්ඩතාවයි. දේශපාලන තත්ත්වය කොයි ආකාරයේ තිබෙනවා ද කොයි විධියේ වෙනස් වෙනවා ද එයින් රටේ අඛණ්ඩ වර්ධනයට හිතකර වන දිගුකාලීන සංවර්ධන සැලසුමට බලපෑමක් එල්ල නොවිය යුතු බව බොහෝ රටවල සංවර්ධන අත්දැකීමක්. බහු පක්ෂ ක්‍රමවේදය වුවත් එක් පක්ෂයක් ප්‍රමුඛ කර ගනිමින් ආණ්ඩු බලය හිමි වුවත්, එකම රටක් වුණොත් ප්‍රතිපත්තිමය අඛණ්ඩතාව අතිශ්‍ය වැදගත් වෙනවා. මෙහිදී චීනය ඉතා හොඳ නිදසුනක් ලෙස සලකන්න පුළුවන්.

ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය යන්න චීනයේ ජාතික උපායමාර්ගික ප්‍රතිපත්තියක්. වසර 1978ටේ සිට එම මාවත මත ගමන් කර ඇති චීනය අද වන විටත් එය ස්ථිර ලෙස ක්‍රියාත්මක කරනවා. ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳවත් විවෘතභාවය පුළුල් කිරීම පිළිබඳවත් ගිය දශක කිහිපයක පමණක් නොව, මෑත වසර කිහිපයක ද චීන නායකයන් නැත්තම් චීන රජය වැඩි අවධානයක් යොමු කරනවා. ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය යන ප්‍රතිපත්තිය වසර 41ක අඛණ්ඩ ක්‍රියාත්මක කිරීමත් සමගම චීනයේ ආර්ථිකයේ පිබිදීමක් දක්නට ලැබුණා. ජනතාවගේ ජීවිතය කැපී පෙනෙන සේ යහපත් වී තිබෙනවා. එම ප්‍රතිපත්තියෙන් චීනයට උපරිම පලප්‍රයෝජනයක් නිර්මාණය කිරීමට හැකි වී තිබෙන බව කියන්න පුළුවන්. ප්‍රතිපත්තිමය අඛණ්ඩතාවේ වාසිය පැහැදිලියි.

කෙසේ වුවද වසර 30ක් ඉලක්ක කර ගන්නා සංවර්ධන ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නම් ශ්‍රී ලංකාව වගේ සංවර්ධනය සඳහා දැඩි අවශ්‍යතාවක් ඇති සංවර්ධනය වෙමින් පවතින රටකට ඉතා කාලෝචිත නිවැරදි හා බුද්ධිමත් තීරණයක් බව ප්‍රකාශ කළ හැකියි. අදාළ සවිස්තර පියවර ක්‍රියාත්මක කිරීමත් සමගම ඉන්දියන් සාගර කලාපයේ හා දකුණු ආසියා පරාසයේ ශ්‍රී ලංකාවේ පිබිදීම නිසැකවම අපේක්ෂා කළ හැකි දෙයක්.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන