හරිත Lahti නගරය
2019-09-16 14:25:37
Share with:

ලෝකයේ පවිත්‍රම පරිසරය හා සුන්දරම දර්ශනය ඇති රටක් වශයෙන් පින්ලන්තය හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන් පින්ලන්තයේ Lahti නගරය යුරෝපයේ හරිත අගනගරය ලෙස පසුගියදා නම් කළා. එම නගරයේ හරිත ව්‍යාපාරය පිළිබඳව අද අපි අවධානය යොමු කරමු.

පසුගිය හැත්තෑවේ දශකයේ කාර්මික දූෂිත ජල විමෝචනය හේතුවෙන් Lahti නගරයට ආසන්නව පිහිටි ජලාශය බරපතල ලෙස දූෂණය වුණා. ඒත් පද්ධතිමය පාලනය මගින් දැනට එහි ජල ගුණාංගය වසර 100කට පෙර තිබූ යහපත් මට්ටම දක්වා ඉහල නංවා තිබෙනවා. එය ලෝකයට ම ජලාශ ජල පවිත්‍ර කරලීමේ මනා නිදසුනක් ලෙස සැලකෙනවා.

මෑතකදී Lahti නගරය සිය හරිත ව්‍යාපාරයට තවත් ඓතිහාසික පියවරක් ගත්තා. ඒ තමයි ගල් අඟුරු භාවිතය අත්හිටුවීමයි. ඇත්ත වශයෙන් Lahti නගරයේ බලශක්ති පරිභෝජනය දිගු කාලයක් පුරා ගල් අඟුරු මත යැපී තිබුණා. වසර 2019 අප්‍රේල් මාසයේ සිට එම නගරය ගල් අඟුරු භාවිතය අතහැර ජෛව බලශක්ති හා ජීවිත කසල මගින් විදුලි බල නිපදවීම පටන් ගත්තා.

Lahti නගරයට කසල මගින් විදුලි බල නිපදවීම මූලික වශයෙන් හඳුන්වා දුන්නේ වසර 1998දීයි. කසල, ඝන ඉන්ධන බවට නිෂ්පාදනය කිරීම එහි මූලික ක්‍රමයයි. හොඳ කසල වර්ගීකරණ පාලනය එහි කොන්දේසියක්. Lahti නගරයේ කසල පාලන මධ්‍යස්ථානයේ චක්‍රීය භාණ්ඩ එකතු කිරීමේ පෙට්ටි 30කට වැඩි සංඛ්‍යාවක් දක්නට ලැබෙනවා. සමහර ඒවා කන්ටේනර වගේ විශාලයි. තවත් බඳුන් වගේ කුඩා ඒවාත් තිබෙනවා. ලෝහ, ප්ලාස්ටික්, වීදුරු, කඩදාසි, භාවිත කළ බැටරි යනාදී භාණ්ඩ ඒවා මගින් වෙන් වෙන්ව තැන්පත් කර තිබෙනවා.

එම කසල පාලන මධ්‍යස්ථානයේ ප්‍රධාන විධායක නිලධාරියා විස්තර කළ අන්දමට, Lahti නගරයේ ජීවිත කසලවලින් සියයට 52ක් පිළිස්සීම මගින් බලශක්තිය උපදවීමට භාවිත කරනවා. සියයට 43ක් චක්‍රීයට එකතු කරනවා. තවත් සියයට 5ක් පරිසරයට හානි නොවන සේ භූමදාන කරනවා.

Lahti නගරයේ හරිත ව්‍යාපාරයේ කෙටි කාලීන ඉලක්කය වන්නේ වසර 2025 වන විට නගරයේ කාබන්ඩයොක්සයිඩ් වායු විමෝචනය ශුන්‍ය තත්ත්වයට පහල කරලීමයි. එය පින්ලන්තයේ ඉලක්කයට කළින් වසර 10ක් ඉක්මවන අතර යුරෝපා සංගමයේ ඉලක්කයට කළින් වසර 20ක් අභිබවා ගොස් තිබෙනවා. කෙසේ වුවද හරිත ව්‍යාපාරය අතින් පින්ලන්තයේ Lahti නගරය ලෝකයේ ඕනෑ රටකට ඕනෑ නගරයකට හොඳ ආදර්ශයක් ලෙස සැලකිය හැකියි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන