ජීවිතය ජය ගත් කුඩා ජන කණ්ඩායම
2019-09-12 16:41:13
Share with:

ෂ්‍යලී(Xie Li) නම් ගම් වැසියන් කණ්ඩායම ජීවත් වෙන්නේ නිරිතදිග චීනයේ යුන්නන් පළාතේ Dehong ස්වයාත්තයේ කුඩා ගම්මානයක. එම ප්‍රදේශය මට්ටමේ සිට මීටර් දෙදහසකින් යුත් කඳු ප්‍රදේශයේ පිහිටි නිසා ඔවුන් නාගරික ප්‍රදේශයෙන් ඈත් වී තිබෙනවා. නමුත් එහි වගා කළ හැකි ගොවිබිම් ප්‍රමාණය ඉතා අඩුයි. චීන-මියන්මාර දේශසිමා ප්‍රදේශයේ සුළු ජාතිකයන් ජීවත්වන දිළිඳු කලාපයක් ලෙස ෂ්‍යලී හඳුන්වන්න පුළුවන්.

එහි ජනතාවගේ දිළිඳු බව හැකි ඉක්මනින් තුරන් කිරීම සඳහා එහි රැදී සිටින රාජ්‍ය සහන කණ්ඩායම විවිධ පියවර ගෙන තිබෙනවා. ෂ්‍යලී ගම්මානයේ ස්වභාවික ජෛව පරිසරය හා වෙළඳපොල අවශ්‍යතාව සලකා ඔවුන් පශු අභිජනන කර්මාන්තය සංවර්ධනය කරනවා. ජෛවීය කුකුලන් ඇති කිරීම එහි දිළිඳු බව තුරන් කිරීමේ වැදගත් ව්‍යාපෘතියක්.

Liao Wenjuan මහත්මිය ජිං පො සුළු ජාතික කාන්තාවක්. ඇය ෂ්‍යලී ගම්මානයේ පශු අභිජනනයට හපන්නියක්.වසර දෙකකට පෙර රජයෙන් හා ව්‍යාපෘති අරමුදලින් ලද මූල්‍ය සහය ඇතිව ඇය නව නිවාසයක් ඉදි කළා. ඇය තමන්ගේ පැරණි නිවස ජෛවීය පශු අභිජනන ගොවිපළක් බවට පත් කළා.දැන් ඇය කුකුලන් සියයක්, ඌරන් 40ක් හා ගවයන් 4ක් ඇති කරනවා.

දැනට ෂ්‍යලීහි හැම පවුලක්ම ජෛවීය කුකුලන් 60 ත් 100 ත් අතර ප්‍රමාණයක් ඇති කරනවා. කුකුලන් අලෙවි කිරීම සඳහා ගම්වැසියන් වාණිජ සන්නාමයක් නිර්මාණය කළා. මේ වන විට ෂ්‍යලී ජෛව ආහාර නිෂ්පාදන මධ්‍යස්ථානය නම් එම සන්නාමය ප්‍රසිද්ධ වී තිබෙනවා. දැනට එක කුකුළකුගේ මිල චීන යුඅන් 60 ත් 80 ත් අතර වෙනවා.වෙළඳපොලෙහි ෂ්‍යලී කුකුලන්ට පවතින්නේ හොඳ ඉල්ලුමක්.

ජීවිතය ජය ගත් කුඩා ජන කණ්ඩායම

ජීවිතය ජය ගත් කුඩා ජන කණ්ඩායම

ජීවිතය ජය ගත් කුඩා ජන කණ්ඩායම

ජීවිතය ජය ගත් කුඩා ජන කණ්ඩායම

ජීවිතය ජය ගත් කුඩා ජන කණ්ඩායම


ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන