කොළ කඳු රත්රන් සම්පතක්
2019-09-12 10:06:42
Share with:

චීනයේ ෂැන්සී පළාතේ යැන් අන් නගරය පරිසර සංරක්ෂණ ප්‍රතිපත්තියක් වන වගා බිම මත වන ඉඩම් බිහි කිරීම 1999 වසරේ සිට ක්‍රියාත්මක කර තිබෙනවා.

ගෙවී ගිය වසර 20 තුළ, යැන් අන් නගරය හරිත විප්ලවය හරහා නිල් අහස, කොළ කඳු සහ සුපිරිසිදු ජලය නිර්මාණය කළා. එපමණක් නොවෙයි, ගම්මාන කර්මාන්තයන්හි ව්‍යුහගත විපර්යාසයක් සිදු කිරීමටත් යැන් අන් නගරය සමත් වුණා. එමගින් ගැමියන්ගේ ආදායම් වැඩි කරමින් සාම්ප්‍රදායික වගා සංකල්පය ද පරිවර්තනය කර තිබෙනවා.

Bai Guangrong යැන් අන් නගරයේ කුඩා ගම්මානයේ ගැමියෙක්. ඔහු කී පරිදි, තම ගමේ වගා බිම් විශාල ප්‍රමාණයක දැන් ඇපල් ගස් රෝපණය කර තිබෙනවා. ඇපල් අලෙවියෙන් ලැබෙන ආදායම ධාන්‍ය නිෂ්පාදන හා සැසඳීමේදී දස ගුණයකින් වැඩි බව ඔහු පැහැදිළි කළා.

ඇපල් ඇතුළු විශේෂ ආර්ථිකමය වනයට යැන් අන් නගරය වැඩි අවධානයක් යොමු කරනවා. වගා බිම්, වන ඉඩම් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමෙන් පසු ගැමියන්ට ආදායම් වැඩි කර දීමේ වැදගත් සහතිකයක් බවට එය පත් වුණා.

දැන්, යැන් අන් ඇපල්, ප්‍රකට වෙළඳ සංකේතයක් ලෙසට ප්‍රසිද්ධයි. චීනයේ දේශීය වෙළඳ පොළ පමණක් නොව, යුරෝපය හා ඇමරිකාව වැනි විදේශ වෙළඳ පොළටත් එම ඇපල් ප්‍රවේශ වී තිබෙනවා.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන