විප්ලව මුලස්ථානයේ හරිත විප්ලවයක්
2019-09-12 10:08:38
Share with:

චීනයේ ශන්සී පලාතේ යැන් අන් නගරය චීන විප්ලවයේ මුලස්ථානයක් ලෙසට ප්‍රසිද්ධයි. යැන් අන් නගරය පිහිටා තිබෙන්නේ ලොයෙස් සානුවේයි. එහි ගහකොළ අඩු වන අතර ම ජලය හා පස් නැති වීම හේතුවෙන් දැඩි පරිසර තත්ත්වයකට මුහුණ දෙමින් සිටිනවා. ගෙවී ගිය වසර 20 තුළ, යැන් අන් නගරය වගා බිම් වන ඉඩම් බවට පත් කිරීමේ ප්‍රතිපත්තිය ස්ථිර ලෙස අනුගමනය කරනවා. චීන ජනාධිපති ෂී චින් පිං මහතා ඉදිරිපත් කර ඇත්තේ සුපිරිසිදු ජලය හා කොළ කඳු රත්රන් සම්පත් යන සංවර්ධන සංකල්පයයි. එම සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා යැන් අන් නගරය හරිත විප්ලවය උද්‍යෝගවත් ආකාරයෙන් පවත්වා ගෙන යනවා. කහ පැහැය කොළ පැහැය බවට පත් කිරීමේ ආශ්චර්යයක් එහිදී නිර්මාණය කෙරුණා.

සුළං උදා වීමත් සමඟම පස් විසිරී සෑම අයුරින්ම මතුවන අඳුරු අහස සහ වර්ෂාවෙන් ඇතිවන නාය යාමේ ස්වභාවය යැන් අන් ජනතාව‍ ගේ මතකයේ තවමත් රැඳී පවතිනවා. එම දුෂ්කරතාව වෙනස් කිරීම සඳහා වසර 20ක පරිසර සංරක්ෂණ වැඩසටහන ක්‍රියාත්මක කිරීමෙහි යැන් අන් නගරය නියැළී සිටිනවා. නිසරු වගා බිම් වන ඉඩම් බවට පත් කිරීම එහි ප්‍රධාන ප්‍රතිපත්තියයි.

මෙම ප්‍රතිපත්තිය වන්නේ සශ්‍රීක වගා බිම ඉතුරු කරමින් අඩු ධාන්‍ය ධාරිතාවෙන් යුතු සියලු වගා බිම් වල රුක් රෝපණය කිරීම යි. එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළ මුල් කාලයේ ජනතාවගෙන් විශාල බාධාවක් ඇතිවුණා. වගා බිම අහිමි වීම ඔවුන්ට තේරුම් ගත නොහැකි දෙයක්.

වගා බිම් මත වන ඉඩම් බිහි කිරීම සඳහා රජයෙන් දීමනාව ලෙසට මුදල් හෝ ආහාර හෝ ලැබීමෙන් ජනතාව ප්‍රීතිමත් වෙනවා. රුක් රෝපණය කිරීමෙන් ආහාර ලබා ගත හැකිවීම ජනතාවට අලුත් දෙයක්. වසර 20කට පසු, ආහාර නිපදවීමේ ධාරිතාව සහතික කරමින් යැන් අන් නගරයේ වන ආවරණය සියයට 52.5 දක්වා වර්ධනය වී තිබෙනවා. වැලි කුණාටු සහිත කාලගුණය වාර්ෂිකව දින 27 සිට 2.7ක් දක්වා අඩු වී තිබෙනවා.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන