චීනයේ රැකියා නියුක්තිය ස්ථීර තත්වයක
2019-09-11 15:40:45
Share with:

චීනයේ රැකියා නියුක්තිය ස්ථීර තත්වයක

නව චීනය පිහිටුවීමෙන් පසු රැකියා නියුක්තියේ පරිමාණය අඛණ්ඩ වශයෙන් ව්‍යාප්ත වන අතර රැකියා නියුක්තිය දීර්ඝ කාලීනව ස්ථීර තත්වයක පවතිනවා. චීන ජාතික සංඛ්‍යාලේඛන පරිපාලනය පසුගියදා නිකුත් කළ “නව චීනය පිහිටුවීමේ 70වැනි සංවත්සරය පිළිබඳ ආර්ථික හා සමාජ සංවර්ධන ප්‍රතිඵල වාර්තා මාලාවෙන්”මේ බව හෙළි වුනා.

එම වාර්තාවට අනුව, රැකියා නියුක්තියේ සමස්ත ප්‍රමාණය 1949 වසරේ කෝටි 18ක සිට 2018 වසරේ කෝටි 78ක් දක්වා වැඩි වුනා.

චීන රැකියා නියුක්තියේ පරිමාණය ව්‍යාප්තවීමත් සමඟම රැකියා ව්‍යුහය යහපත් වී තියෙනවා. නව චීනය පිහිටුවීමෙන් පසු මල් කාලයේ චීන කර්මාන්ත පනදම දුර්වල වූ අතර සේවා කර්මාන්තය ඉතා සපුගාමී වුනා. බහුතර ශ්‍රමිකයන් කෘෂිකර්මාන්තයේ යෙදෙමින් ජීවත් වුනා.

ප්‍රතිසංස්කරණය හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමෙන් පසු තෘතියික කර්මාන්තයේ යෙදෙන අයගේ සංඛ්‍යාව කෘෂිකර්මයේ හා කර්මාන්තයේ යෙදෙන අය ඉක්මවා ගියා. සේවා කර්මාන්තය ප්‍රධාන වශයෙන් වන නවීන රැකියා නියුක්ති ආකෘතිය ක්‍රමයෙන් ඇති වී තියෙනවා.

ඒ අනතුරුව වැටුප් ආදායම් සීඝ්‍රයෙන් වැඩි වෙනවා. චීන රජය අවම වැටුප් ප්‍රමිතිය යනාදී ප්‍රතිපත්ති හා විධිවිධාන මාලාවක් ක්‍රියාත්මක කොට තියෙනවා. 2018 වසරේ චීන නාගරික රාජ්‍ය සතු ආයතනවල රැකියා නියුක්තිකයන්ගේ වාර්ෂික සාමාන්‍ය වැටුප් ආදායම් යුවාන් 82දහසකට අධිකයි. එම ප්‍රමාණය 1978 වසරට වඩා 134 ගුණයකින් වැඩි වුනා.

චීනය වසර 70 ක් තිස්සේ දැඩි රැකියා පීඩනයකට මුහුණ දී සිටිනවා. චීන රජය විවිධ වර්ධන යුගවල ඊට ගැලපෙන විවිධ රැකියා නියුක්තිය ‍පොළඹවීමේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කළා. විශේෂයෙන්ම චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු චීන රජය සේවා කර්මාන්තය විශාල වශයෙන් සංවර්ධනය කරමින් වාණිජ පරිසර යහපත් කරමින් පෞද්ගලික ව්‍යාපාර හා සුළු ව්‍යාපාර සංවර්ධනයට අනුබල දී තියෙනවා. ඉන් රටේ රැකියා නියුක්තිය ස්ථීර තත්වයක පවතිනවා.



HaoSheng

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන