ශ්‍රී ලංකා නාවික හමුදාවට චීන දූතයෙක්
2019-09-11 14:28:15
Share with:

ශ්‍රී ලංකා නාවික හමුදාවට චීන දූතයෙක්

චීනයේ ආධාරයක් ලෙස දුන් ආරක්ෂක නෞකාවක් පසුගියදා ශ්‍රී ලංකා නාවික හමුදාවට එක් වුනා. ඒ වෙනුවෙන් පැවති උත්සවයට ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, නාවික හමුදාපති පියාල් ද සිල්වා, ශ්‍රී ලංකාවේ චීන තානාපති චන්ග් ෂුයෙන් යුවාන්, තානාපති සේවයට අනුයුක්ත හමුදා නිලධාරියා වන ෂු චියැන් වේ, ශ්‍රී ලංකා ත්‍රිවිධ හමුදාවේ උසස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් එක්වූවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නෞකා කපිතාන්ට නෞකාව නාවික හමුදාවට එක් කිරීමේ නියෝගය ලබා දී නෞකාව නැරඹුවා. එහි යහපත් ලක්ෂණ අගය කළ ඔහු මෙම වටිනා පරිත්‍යාගය ලබා දුන් චීන රජයට ස්තුතිය පිරිනැමුවා.

ලෝක සාමය පවත්වා ගෙන යනචීන දූතයෙකුවශයෙන් මෙම නෞකාව ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නැගෙනහිර ශාඛාවට ලබා දී තිබෙනවා. එහි මුර සංචාර, සෝදිසි කිරීම්, සමුද්‍ර සුරක්ෂිතභාවය, මුදවා ගැනීම් ඇතුළු විවිධ මෙහෙයුම් සඳහා යොදා ගනු ඇති.

චීන නාවික හමුදාව මීට පෙර ශ්‍රී ලංකාවේ නාවික නිලධාරීන් හා නාවිකයින් 110 දෙනෙකුට මෙම නෞකාව භාවිතා කිරීම පිළිබඳ අදාළ විශේෂ පුහුණු ලබා දී තියෙනවා. ශ්‍රී ලංකා පාර්ශවයේ අවශ්‍යතා අනුව අනාගතයේ දී වැඩිදුර පුහුණුව ලබා දෙනු ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය හෙළි කළා.

චීන-ශ්‍රී ලංකා මිතුදමට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා. දෙරට මනා හවුල්කාරී හා අසල්වැසි රටවල් දෙකක්. රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමෙන් පසු මුල සිට ම චීනය හා ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය අනුබල දී ඇති අතර අන්‍යෝන්‍ය වශයෙන් විශ්වාසය තබා තියෙනවා. චීනය ශ්‍රී ලංකාවේ සමාජ හා ආර්ථික වර්ධනයටත් හමුදා සහ ජාතික ආරක්ෂක සංවර්ධනයටත් ශක්තිමත් අනුබල ලබා දී තිබෙනවා. ගෙවී ගිය වසර කිහිපයක් තුළ දෙරටේ හමුදාව ඒකාබද්ධ පුහුණු හා මුහුදු ආරක්ෂාව යනාදී ක්ෂේත්‍රවල හුවමාරු හා සහයෝගතා අඛණ්ඩ වශයෙන් ගැඹුරු කොට තියෙනවා.

ලෝක ශිෂ්ථාචාරත්මක හමුදාවක් බවට පත්ව ඇති චීන මහජන විමුක්ති හමුදාව පොදු හා සම්පූර්ණ සහයෝගීතාව සහ අඛණ්ඩ ආරක්ෂක සංකල්ප වෙනුවෙන් පෙනී සිටිනවා. චීන හමුදාව සෙසු රටවල් සමග කිසිදු තෙවන පාර්ශවයක් වෙත යොමු නොවන, නොබැඳි, ගැටුම්කාරී නොවන යුධමය සබඳතා අඛණ්ඩව සංවර්ධනය කරනු ඇති. ශ්‍රී ලංකා නාවික හමුදාව සාගරයේදී යුධ දක්ෂතා දක්වා ඇති අතර මුහුදු ත්‍රස්ත-විරෝධි ක්‍රියාකාරකම් පිළිබඳව සුවිශාල අත්දැකීම් ලබා තිබෙනවා.

චීන-ශ්‍රී ලංකා දෙරටේ හමුදා මිත්‍ර සහයෝගතා තවදුරටත් සමීප වනු ඇතැයි අපේක්ෂා කෙරෙනවා. දෙරටේ හමුදා දෙරටේ ජනතාවගේ අපූරු අනාගතයට වඩා වැඩි ආරක්ෂක සුරැකුම් සපයා දෙමින් කලාපීය වර්ධනය ඉදිරියට ගෙන යාමට සහ සාමය හා ස්ථාවරත්වය ආරක්ෂා කිරීමට වඩා විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.



Hao Sheng

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන