ප්‍රවීණයන්ගේ කණ්ඩායම් සංවර්ධනය කිරීම ශංහයි නාගරික සංවර්ධනයේ ප්‍රධාන පියවරයක්
2019-09-11 15:20:28
Share with:

ප්‍රවීණයන්ගේ කණ්ඩායම් සංවර්ධනය කිරීම ශංහයි නාගරික සංවර්ධනයේ ප්‍රධාන පියවරයක්

ශංහයි නගරය චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාව සහ නිර්මාණශීලි සංවර්ධනයේ පුරෝගාමි නගරයක්. අධි ගුණාත්මක සංවර්ධනය ඉටු කිරීමත් සමඟම මෙම නගරයේ බොහෝ ක්ෂේත්‍රවල ගවේෂණය හා නිර්මාණශීලිත්වය සිදු කෙරෙනවා. ප්‍රවීණයන්ගේ කණ්ඩායම් සංවර්ධනය කිරීම සෑමවිටම ශංහයි හි සංවර්ධනයේ ප්‍රධාන පියවරයක් වෙනවා. එය ශංහයි නගරයේ විවෘතභාවය හා සංවර්ධනය සඳහා ප්‍රවීණයන් සපයා තියෙනවා.

1990 වසරේ අප්‍රේල් මස 18වැනිදා චීන කොමියුනිස්ට් පක්ෂ මධ්‍යම කාරක සභාව සහ රාජ්‍ය මණ්ඩලය ශංහයි නගරයේ භු තුං දිස්ත්‍රික්කය විවෘත කිරීම යන වැදගත් උපාය මාර්ගයක් ඉදිරිපත් කළා.

‍ගෙවී ගිය වසර 29ක් තුළ භු තුං නව දිස්ත්‍රික්කයේ ආර්ථිකය සුවිශාල වර්ධනයක් ලබා ගෙන තියෙනවා. එම දිස්ත්‍රික්කයේ සමස්ත නිෂ්පාදන වටිනාකම 1990 වසරේ යුවාන් කෝටි 600ක සිට වත්මන් යුවාන් ට්‍රිලියන 1කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වී තියෙනවා. භු තුං නව දිස්ත්‍රික්කයේ වර්ධනය ශංහයිහි වර්ධනයට නව ප්‍රාණවත්භාවයක් ලබා දී තියෙනවා. ඒ හේතුවෙන් ශංහයි නගරය ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානය, වෙළඳ මධ්‍යස්ථානය මෙන් ම ආර්ථික මධ්‍යස්ථානය බවට ද පත් වී ඇති.

ප්‍රවීණයන් බිහිකිරීම, ප්‍රවීණයන් ආකර්ෂණය කිරීම, ප්‍රවීණයන් භාවිතා කිරීම ශංහයි හි සංවර්ධනයේ ප්‍රමුඛ වෙනවා. ඉතාමත් විශිෂ්ට ප්‍රවීණයන්, මනාම පරිසරය හා පුළුල්තම වේදිකාව යනාදී සාධක රැසක් ශංහයි නගරයේ ඒක්රැස් වෙනවා. එසමඟම ශංහයි නගරය නව ප්‍රතිඵල නොකඩවාම ලබා ගෙන තියෙනවා. ශංහයි කොටස් හුවමාරු වෙළඳ පොල පිහිටු වුනා. චීනයේ විද්‍යා තාක්ෂණ නිර්මාණශීලිත්ව වෙළඳ පොල විවෘත කෙරුණා. එවගේම ලෝක ප්‍රදර්ශනය හා පළමු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ශංහයිහිදී පැවැත්වුනා.

අනාගතයේ ශංහයි නගරය චීන ප්‍රතිසංස්කරණ සංවර්ධනයේ වඩා විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කෙරෙනවා.



HaoSheng




ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන