සාම්ප්‍රදායික මාධ්‍ය නව යුගයක් කරා...
2019-09-06 14:59:01
Share with:

සාර්ථකත්වය රඳා පවතින්නේ පෙර සූදානම මතයි. එවැනි සූදානමකින් තොරව අසාර්ථක වීම සහතික යි. අලුත් යුගය උදා වීමත් සමඟ සෑම සංවර්ධන ක්ෂේත්‍රයකට ම පරිවර්තනය ඇති කිරීමේ අවශ්‍යතාව එහෙම නැත්නම් ඉල්ලීම් හමු වී තිබෙනවා. මාධ්‍යයටද මේ සත්‍යතාව පොදුයි.

නවීන තාක්ෂණය සිය ශ‍්‍රාවකයින්ට සමීප කරමින් ගුවන් විදුලියේ නාලිකා ජංගම දුරකථන යෙදවුමක් ඔස්සේ ශ‍්‍රවණය කිරීමට අවස්ථාව ලබාදීමේ උත්සවය පසුගිය සතියේ කොළඹ දී පැවැත්වුණා. දශක නමයක් තිස්සේ රටට විශාල සේවයක් කළ ආයතනයක් වූ ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව අලුත් තාක්ෂණයට යොමු වීම ශ‍්‍රාවකයන්ට වඩාත් පහසුවක් වනු ඇතැයි එම අවස්ථාවේදී අදහස් දක්වමින් ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසුවා.

රජයේ ආයතන නවීකරණය වීම අත්‍යවශ්‍ය යැයිද පෙන්වා දුන් අමාත්‍යවරයා පෞද්ගලික ආයතන වලට ආදර්ශයක් වෙමින් තාක්ෂණය නිවැරදිව යොදා ගනිමින් එම කටයුතු සිදුවිය යුතු යැයිද ප්‍රකාශ කළ බව ලංකාවේ මාධ්‍යන්හි වාර්තා වුණා.

සමාජය හා තාක්ෂණය දියුණු වීමත් එක්ක මිනිසුන්ගේ අවශ්‍යතාව වෙනස් වෙනවා. ඒ අවශ්‍යතාව ඉටු කරමින් ජනතාව ඉදිරියට ගෙන යාම සඳහාත් මාධ්‍ය ක්ෂේත්‍රයට අවස්ථාව වගේ ම අභියෝග උදා වී තිබෙනවා. එය වැළැක් විය නොහැකි නැඹුරුවක්. එම ප්‍රවණතාව හමුවේ චීන මාධ්‍ය ද පරිවර්තන සිදු කර තිබෙනවා. පසුගිය වසරේ මාර්තු මාසයේ චීන මාධ්‍ය සමූහය ස්ථාපිත කෙරුණා. චීන මධ්‍යම රූපවාහිනී, චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය සහ චීන මධ්‍යම මහජන ගුවන් විදුලිය යන මාධ්‍ය ආයතන තුන එකට එකතු කිරීමේ ක්‍රියාදාමය එමගින් සම්පූර්ණ කර තිබෙනවා. නව යුගයට ප්‍රවේශ වූ චීන මාධ්‍ය ආයතන දෙස් විදෙස් රසිකයන් වෙනුවෙන් නවීකරණ සේවය වගේම දැනුම බෙදා දීමට ද දායක වෙමින් සිටිනවා.

ශ්‍රී ලංකාවත් චීනයත් ඉදිරි ගමන වෙනුවෙන් සූදානම් වී සිටිනවා.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන