ජාතික සමඟිය ගොඩනැඟූ හමුදා සෙබළා
2019-09-04 15:44:35
Share with:

40 හැවිරිදි Xie Juncheng මහතා එක පාරටම දැක්කාම ඔහු සාමාන්‍ය ටිබේට් ජාතික ගම්වැසියෙක් කියලා හිතෙ‍නව. ඒත් ලාසා නගරයේ Qushui කෝරළයේ Bailin නම් ගම්මානයේ ජීවත්වන ඔහු හන් ජාතික බෑණා කෙනෙක්. ඔහු හා ඔහුගේ ටිබේට් ජාතික බිරිඳ Da wa zhuo ga මහත්මිය ගෙන් සමන්විත පවුල එම ගම්මානයේ ජාතික සමඟියේ ආදර්ශයක් බව සැලකෙනවා.

1996 වසරේ Xie Juncheng මහතා චීන මහජන විමුක්ති හමුදාවට සම්බන්ධ වූණා. ඔහුගේ හමුදා කඳවුර පිහිටා තිබුණේ බැයිලින් ගම්මානයේ. ඒ නිසා එම ගම්මානයේදී ඔහු හා ඔහුගේ ටිබේට් ජාතික බිරිඳ Da wa zhuo ga හමුවුණා. 2003 වසරේ ඔවුන් දෙදෙනා විවාහ වුණාට පස්සේ Xie Juncheng මහතා එම ගම්මානයේ ලියාපදිංචි කර අඛණ්ඩව ජීවත්වනවා. යුද හමුදා සෙබ‍ළෙකු හැටියට ටිබේට් ස්වායත්තයේ වසර කිහිපයක සේවයෙන් ඔහු අත්දැකිම් ලබා ගත්තා. එහෙත් ටිබේට් ජාතීන් ජීවත්වන ජීව පරිසරයට හුරු පුරුදු වීම සුළු අභියෝගයක් නෙවෙයි. වසර දහයක අඛණ්ඩ උත්සාහය නිසා දෛනික අදහස් හුවමාරු කිරීම සඳහා දැන් ඔහුට ටිබේට් භාෂාව කතා කරන්නත් පුළුවන්. ප්‍රාදේශීය සිරිත් විරිත් ඉගෙන ගත් ඔහු එහි සමාජයට එකතු වීතිබෙනවා.

2016 වසරේ Xie Juncheng මහතා ගොවිබිම් විශාල ප්‍රමාණයක් කුලියට ගනිමින් Wolfberry වගා කිරීම් කටයුතු ආරම්භ කළා.ඔහුගේ Wolfberry නිෂ්පාදනයේ ගුණාත්මකභාවය ඉහළ මට්ටමකට පවතින නිසා වෙළඳ පොළේ හොඳින් අලෙවි වෙනවා. Bailin ගම්මානයේ ගොවිබිම කාන්තාරකරණ තත්ත්වය ඉතා ඉහලයි. Wolfberry වගා කිරීමෙන් එහි ආර්ථීක සංවර්ධනය කරමින් පරිසරය සුරක්ෂිත කිරීමටත් ඉවහල් වනවා. ගම්මානයේ වැසියන් Xie Juncheng මහතා ස්ථාපිත කළ කෘෂිකාර්මික සහයෝගතා සංවිධානයට සම්බන්ධ වෙලා රැකියාවන් කළා. සිය නිවස අසල රස්සාවක් කරලා ආදායම් ලබා ගත හැකි වීම නිසා ඔවුන්ට ඉතා සතුටුයි.

2017 වසරේ Xie Juncheng මහතාගේ පවුල ලාසා නගරයේ ජාතික සමඟිය ගොඩනැඟූ ආදර්ශමත් පවුලක් වශයෙන් නම් කෙරුණා. ඉදිරියේදීදිළඳු බව තුරන් කරමින් ගැමියන්ගේ ආදායම් වැඩිකිරීමට හැකිවෙතැයි Xie Juncheng මහතා දැඩි විශ්වාසය පළ කළා.

ජාතික සමඟිය ගොඩනැඟූ හමුදා සෙබළා

ජාතික සමඟිය ගොඩනැඟූ හමුදා සෙබළා

ජාතික සමඟිය ගොඩනැඟූ හමුදා සෙබළා

ජාතික සමඟිය ගොඩනැඟූ හමුදා සෙබළා

ජාතික සමඟිය ගොඩනැඟූ හමුදා සෙබළා

ජාතික සමඟිය ගොඩනැඟූ හමුදා සෙබළා


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන