අප්‍රිකාවේ උස ම ගොඩනැගිල්ල චීනයෙන්
2019-09-03 08:58:26
Share with:

අප්‍රිකාවේ උස ම ගොඩනැගිල්ල චීනයෙන්

ඊජිප්තුවේ කයිරෝ අගනුවර ආසන්නයේ කළමනාකරණ අග නගරයක් ඉදි කෙරෙමින් පවතිනවා. එහි කේන්ද්‍රීය ව්‍යාපෘතිය වන මධ්‍යම වාණිජ කලාපය චීන රාජ්‍ය ඉදිකිරීම් ඉංජිනේරු සංස්ථාවේ ඊජිප්තු ශාඛා සමාගම විසින් භාර ගෙන තිබෙනවා. එම මධ්‍යම වාණිජ කලාපයේ සුවිශේෂීත්වයක් ලෙසට මීටර් 385.5ක උසැති සංකේත කුලුන කැපී පෙනෙනවා. එ‍ය ඉදි කිරීමෙන් පසු එම කුලුන අප්‍රිකාවේ උස ම ගොඩනැගිල්ල බවට පත් වෙනවා.

සංකේත කුලුනේ ඉදිකිරීම් භාර ප්‍රධාන ඉන්ජිනේරු ටියැන් වෙයි මහතා මාධ්‍යවේදීන් අමතමින් මෙසේ සඳහන් කළා. වාර්තමානයේ ඊජිප්තුවේ මීටර් 200 ඉක්මවන උස් ගොලනැගිල්ලක් නැහෑ. මීටර් 400කට ළඟා වන ආකාරයෙන් බිහි කෙරෙන සංකේත කුලුන කයිරෝ නුවර පිහිටි උස ම ගොඩනැගිල්ලට වඩා දෙගුණයක උසකින් යුක්ත වනු ඇතැයි ටියැන් වෙයි මහතා පැවසුවා. ඊජිප්තු අග්‍රාමාත්‍යවරයා සංකේත කුලුන ඊජිප්තුවේ අලුත් පිරමිඩය ලෙසට හඳුන්වන බවද හෙතෙම කියා සිටියා . 2018 වසරේ මැයි මස දෙවැනිදා ඉදි කිරීම් ආරම්භ වූ මෙම කුලුන බහු කාර්යයන්ගෙන් සපිරි විශ්ව භාවිතයෙන් යුතු උස් ගොඩනැගිල්ලක් බව ටියැන් වෙයි මහතා විස්තර කළා. මෙම ව්‍යාපෘතිය සඳහා අලුත් සංකල්ප මෙන්ම අලුත් තාක්ෂණය ද එකතු කර ඇතැයි හෙතෙම පෙන්වා දුන්නා.

කාන්තාර කලාපයක ඉතා උස් ගොඩනැගිලි ඉදි කිරීම දැඩි අභියෝගයක්. ගොඩනැගිල්ල සැලසුම් කිරීමේ සිට ව්‍යාපෘතිය ඉදි කිරීම දක්වා අසීරුතාවන් මතු ව තිබේ.

ඊජිප්තුව එක් තීරයක් එක් මාවතක් හා සම්බන්ධ රටවල් අතරින් වැදගත් අනුබල මධ්‍යස්ථානයක් ලෙසට සැලසෙනවා. එම සංකේත කුලුන විසින් සංකේතවත් කරනු ලබන ඊජිප්තුවේ අලුත් අගනුවර මධ්‍යම වාණිජ කලාප ව්‍යාපෘතිය ආදර්ශයක් ලෙසට බිහි කිරීම චීන සමාගමේ අරමුණ වී තිබෙනවා. එමගින් ඊජිප්තුව සහ අප්‍රිකාවේ චීන ගොඩනැගිලි ඉදිකිරීමේ සලකුණු තැබීමකට ද අපේක්ෂා කෙරෙනවා.

අප්‍රිකාවේ උස ම ගොඩනැගිල්ල චීනයෙන්


ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන