චීනය සාර්ථක වන්නේ කෙසේ ද යන්න මා කියන්නම් ----තායිලන්ත ආර්ථික විද්‍යඥ
2019-09-02 15:14:00
Share with:

චීනය සාර්ථක වන්නේ කෙසේ ද යන්න මා කියන්නම් ----තායිලන්ත ආර්ථික විද්‍යඥ

තායිලන්තය ලෝකයේ එතෙර චීන ජාතිකයන් බහුලවම වෙසෙන රටකි. ඉතිහාසයේ සිට ම සංස්කෘකිත හා ආර්ථික ගනුදෙනු මගින් තායිලන්තය හා චීනය සුහද පවුලක් යන දැක්ම තායිලන්ත සමාජයේ ප්‍රසිද්ධ වී තිබේ. නව චීනයේ සිදු වූ දැවැන්ත විපර්යාස මෙන්ම විවෘතභාවය හා ප්‍රතිසංස්කරණයෙන් ලැබෙන වි‍ශිෂ්ට ජයග්‍රහණ පිළිබඳව තායිලන්තය හැමවිට ම අවධාරණය කර සිටී. තායිලන්තයේ ප්‍රකට ආර්ථික විද්‍යඥ, Panyapiwat කළමනාකරණ ඇකඩමියේ අධිපති Sompop Manarungsan මහතා ආර්ථික විද්‍යඥයෙකුගේ දෘෂ්ටිකෝණයෙන් චීනයේ සංවර්ධනය පිළිබඳව අදහස් දැක් වූයේ මාධ්‍යවේදීන් අමතමිනි.

චීනය වෙළඳ පොල හරහා ආර්ථිකය වර්ධනය කිරීම ඊට ප්‍රධානම හේතුව බව හෙතෙම සඳහන් කරයි. නිවරදි වෙළඳ පොල ආර්ථික උපදෙස් මත ආයෝජනයන් විශාල ප්‍රමණයක් ආකර්ෂණය කර ගැනිමට චීනයට හැකි විය. එහි විශාල අංශයක් යටිතල පහසුකම් සංවර්ධනයට යොදවා ආර්ථිකය ගොඩනැගී‍මේ දැවැන්ත ප්‍රවර්ධනයක් සිදු ව තිබේ.

මුල්‍ය ප්‍රතිසංස්කරණය නොකඩවාම ක්‍රියාත්මක කරමින් මුල්‍ය පද්ධතිය පරිපූර්ණ කිරීමෙන් ප්‍රබල ප්‍රාග්ධන වෙළඳ පොලක් හිමි කර ගැනීම චීන ආර්ථිකය සාර්ථක වීමේ තවත් හේතුවක් බව Sompop මහතා සඳහන් කරයි.

1949 වසරේ සිට අද දක්වා වූ වසර 70 තුළ, චීනය සංවෘත අදියුණු රටක සිට ලෝකයේ දෙවැනි විශාලත ම ආර්ථික ඒකකය බවට පත් ව තිබේ. තාක්ෂණ සංවර්ධනය එහි අභ්‍යන්තර ගාමක බලයක් බව Sompop මහතා පෙන්වා දුන්නේය. විද්‍යා තාක්ෂණ නිර්මාණශීලිත්වයෙන් ර‍ටේ සංවර්ධනය ඉදිරියට ගෙන යාමට චීනය විශේෂ අවධානය යොමු කර සිටී. විශේෂයෙන් ම 5 වැනි පරම්පරාවේ සන්නිවේදන තාක්ෂණය ඇතුළු සන්නිවේදන තාක්ෂණ සංවර්ධනය හේතුවෙන් චීන ජනජීවිතය මහ පරිමාණයෙන් වෙනස් වී ඇතැයි හෙතෙම පැවසීය.

මීට අමතරව, කෘෂිකාර්මික මහ රටක් වශයෙන් චීනය කෘෂිකාර්මික කර්මාන්තය සහ ගම්මාන ප්‍රදේශ සංවර්ධනය හැමවිටම වැදගත් කොට සලකයි. ලෝකයේ වැඩි ම ජනගහණය හිමි චීනයේ කෘෂි කර්මාන්තය රටේ සංවර්ධන පදනම තහවුරු කිරීමට සමත්ව ඇතැයි Sompop මහතා පෙන්වා දුන්නේය.

රටක සංවර්ධන අත්දැකීම් කෙටියෙන් හඳුන්වා දීම අපහසු ය. එහෙත් දේශපාලන පරිසරය ස්ථාවර ලෙස පවත්වා තිරසර ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරිම එහි කෙන්ද්‍රය බව Sompop මහතා අවධාරණය කරයි. දේශපාලන නොසන්සුන් බව බොහෝ රටවල් වල සංවර්ධනයට බාධා ගෙන දෙන හේතුවක් බව හෙතෙම පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන