තම ඉලක්කය කරා උත්සාහ දරමින් සෙසු අයට උපකාර කිරීමේ ආබාධිත තරුණයෙක්
2019-08-30 10:49:34
Share with:

Liu Kai චීනයේ ඇතුළු මොංගෝලියානු ස්වයං පාලන කලාපයේ Ulanqab නගරයේ ජීවත් වෙන තරුණයෙක්. මේ වසරේ, ඔහුගේ වයස අවුරුදු 27යි.

Liu Kai අත්වාරුව භාවිතා කරන ආබාධිත තරුණයෙක්. තමන්ගේ ම ව්‍යාපාරයේ නිරත වන අතර ඔහුගේ ප්‍රධානත්වයෙන් වෙනත් ආබාධිත තරුණයන් 10දෙනෙකුගෙන් පමණ සමන්විත පිරිසක් ඔහු සමග ඒ ව්‍යාපාරය සඳහා දායක වී සිටිනවා.

Liu Kai උපතින්ම පෝලියෝ රෝගයට ගොදුරු වී සිටියා. ක්‍රියා කාරී වීමට අපහසු ඔහු විශ්ව විද්‍යාලයේදී විද්‍යොත්මක නිර්මාණ කිරීම හා සම්බන්ධ විෂයක් අධ්‍යයනය කළා. 2015 වසරේ උපාධියක් ලබා ගෙන විද්‍යාත්මක නිර්මාණයට අදාළ සමාගමකට ඔහු එක් වුණා.

2017 වසරේ ඔක්තෝබර් මාසයේ, Liu Kai තමන්ගේ ම අන්තර්ජාතික වෙළඳ සමාගමක් පිහිටු වූවා. මේ පිළිබඳව Liu Kai පැවසුවේ ආබාධිත පුද්ගලයන් සාමාන්‍ය පුද්ගලයන් හා සසඳන විට, දුර්වලතාවයක් නැති බවයි. අන්තර්ජාලය ඔස්සේ තමන්ගේ ව්‍යාපාරයේ නිරත වීම ඔහුගේ කැමැත්තක්. මේ මගින්, වැඩි ආබාධිත පුද්ගලයන් පිරිසකට උපකාර කළ හැකි බව ද Liu Kai සඳහන් කළා.

2018 වසරේ, Ulanqab නගරයේ Zhuo Zi කෝරළයේ සහන වැඩපිළිවෙලක් මගින්, ව්‍යාපාර කාර්යාල පරිශ්‍රය ඇතුළු පහසුකම් Liu Kaiට ලැබුණා. උපන් ගමේ විශේෂත්වයක් සහිත පානයක් ලෙස හැඳින්වෙන කපුරු මල් වර්ගයක් අන්තර්ජාලය ඔස්සේ රට පුරා අලෙවි කිරීමට ඔහුට හැකි වී තිබෙනවා.

Liu Kaiට තවත් සැළැස්මක් තිබෙනවා. ඒ තමා අලෙවි කරන කපුරු මල් වර්ගය නිෂ්පාදනය කිරීමේ කම්හලක් ඉදි කිරීම. එහිදී ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් පහසුකම් ද සම්පාදනය කළ යුතුයි. ඒ මගින්, ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් පහසු කාර්ය පරිසරයක් සලසා දෙමින් වැඩි ආබාධිත පුද්ගලයින් පිරිසකට තමන්ගේ ව්‍යාපාරයට එක් කර ගැනීමට ඔහු අපේක්ෂා කරනවා. Liu Kai පැවසුවේ තමන්ගේ ඉලක්කය කරා උත්සාහ දරමින් සෙසු අයට උපකාර කිරීම තමාට ඉතා වටිනා කාර්යයක් බවයි.

තම ඉලක්කය කරා උත්සාහ දරමින් සෙසු අයට උපකාර කිරීමේ ආබාධිත තරුණයෙක්

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන