චීනයේ නගර රැසක් කැළිකසල වර්ගීකරණය ඉදිරියට ගෙන යාමේ ව්‍යායාමය
2019-08-30 15:22:25
Share with:

චීනයේ නගර රැසක් කැළිකසල වර්ගීකරණය ඉදිරියට ගෙන යාමේ ව්‍යායාමය

2019 වසරේ චීනයේ බොහෝ ප්‍රදේශවල කැළිකසල වර්ගීකරණ ක්‍රම අත්හදා බැලීමක් ලෙස ක්‍රියාත්මක කොට තියෙනවා. චීන නිවාස සහ නාගරික හා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය යනාදී අදාළ ආයතන නිකුත් කළ නිවේදනයකට අනුව, 2019 වසරේ චීනයේ සමස්ත විශාල හා මධ්‍ය පරිමාණ නගරවල කැළිකසල වර්ගීකරණ කාර්යයන් සම්පූර්ණයෙන් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබෙනවා. වසර 2025 වන විට චීනයේ සමස්ත විශාල හා මධ්‍යම පරිමාණ නගරවල දෛනික කැළිකසල වර්ගීකරණ පද්ධති මූලික වශයෙන් ස්ථාපිත කිරීමට අපේක්ෂා කෙරෙනවා.

නගරවල කැළිකසල වර්ගීකරණ ක්‍රමය ක්‍රියාත්මක කිරීමත් සමඟ පාරිසරික ආරක්ෂාව පිළිබඳ මහජනතාවගේ දැනුවත්භාවය ඉහළ ගොස් ඇති අතර නගරවල කැළිකසල අඩු වීමක් දක්නට ලැබෙනවා.

මේ වන විට බෙයිජිං හි වීදි 224 ක කැළිකසල වර්ගීකරණ අත්හදා බැලීම් කලාප ස්ථාපිත කර ඇති අතර එම ප්‍රමාණය නගරයේ සමස්ත වීදි සංඛ්‍යාවෙන් 60% ක් ගන්නවා.

වසරකට වැඩි කාලයක් අත්හදා බැලීම් ක්‍රියාත්මක කිරීමෙන් පසු, “ශැංහයි නගරයේ ගෘහස්ථ කැළිකසල කළමනාකරණය පිළිබඳ රෙගුලාසිමේ වසරේ ජූලි මස 1 වැනිදා සිට නිල වශයෙන් ක්‍රියාත්මක කෙරුණා. ශැංහයි නගරය මූලික වශයෙන් වර්ගීකරණ ප්‍රවාහනය, වර්ගීකරණ මාරු කිරීම සහ අවසාන බැහැර කිරීම ආවරණය වන තොරතුරුකරණ අධීක්ෂණ වේදිකාවක් ගොඩනගා තිබෙනවා.

මීට අමතරව, හංචෞ, වුහාන්, චොංකිං සහ චෙන්දු යනාදී ප්‍රදේශවල කැළිකසල වර්ගීකරණ ප්‍රවර්ධන කටයුතු ද සිදු කෙරෙමින් පවතිනවා. 2019 වසරේ ගිම්හාන නිවාඩු කාලය තුළ රට පුරා විවිධ ප්‍රදේශවල කැළිකසල වර්ගීකරණ ස්වේච්ඡා ක්‍රියාකාරකම් රැසක් පැවැත්වුනා. ප්‍රාථමික හා මධ්‍යම පාසල්වල සිසුන්ගෙන් සමන්විත ස්වේච්ඡා කණ්ඩායම් විවිධ ජන නිවස සංකීර්ණවලට ගොස් කුඩා අධීක්ෂකවරු වශයෙන් කටයුතු කළහ.

චීන නාගරිකකරණ වේගවත් වර්ධනයත් සමඟ ඉදිකිරීම් කැළිකසල විශාල ප්‍රමාණයක් බිහිවෙනවා. චීනය පුරා වාර්ෂිකව ඇති වන ඉදිකිරීම් කැළිකසල ටොන් බිලියන 3.5ක් බව බෙයිජිං ඉදිකිරීම් විශ්ව විද්‍යාලයේ උප අධිපති චං දා යු මහතා පැවසුවා. සමහර නගරවල බැහැර කිරීමේ පහසුකම් සහ සම්පූර්ණ කළමනාකරණ පද්ධතිය හිඟ වන බව ඔහු පැවසුවා.

චීන නිවාස හා නාගරික ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශය 2018 වසරේ මාර්තු මාසයේ සිට බෙයිජිං, ශැංහයි සහ සී ඇන් යනාදී නගර 35ක ඉදිකිරීම් කැළිකසල පාලනය පිළිබඳ නියමු ව්‍යාපෘතිය ආරම්භ කළා. එම නියමු කාර්යය 2019 දෙසැම්බර් මස වන විට අවසන් වනු ඇත.

ගෙවී ගිය කාලය තුළ ඉදිකිරීම් කැළිකසල පාලන නියමු නගර බොහොමයක් ඩිජිටල් නාගරික කළමනාකරණය, ස්මාර්ට් නගර යනාදී පද්ධති, ඉදිකිරීම් කැළිකසල සම්බන්ධ දත්ත වලට සම්බන්ධ කොට තිබෙනවා. ෂෙන්චෙන් වැනි නගර ද ඉදිකිරීම් කැළිකසල සම්බන්ධ දත්ත අධීක්ෂණය කිරීමේ වේදිකාවක් ස්ථාපිත කර තිබෙනවා.



HaoSheng

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන