චීනයේ ජෛව පරිසරය සුරැකුම් වැඩපිළිවෙළ
2019-08-29 08:37:23
Share with:

ස්වභාවික වනාන්තරය ප්‍රධාන වන සම්පතක්. පෘතුවි මහ ගොඩබිමේ වැදගත් ජෛව පද්ධතිය තමයි ස්වභාවික වනාන්තරය. ජෛව පරිසරය සුරැකුම් කටයුතු සැමවිටම වැදගත් කොට සලකන චීනය ස්වභාවික වන සුරක්ෂිත කිරීම කෙරෙහි වැඩියෙන් අවධානය යොමු කළා.

1998 වසරේ සිට ස්වභාවික වන සම්පත් සුරක්ෂිත කිරීමේ ව්‍යාපෘතිය චීනය ක්‍රියාත්මක කළා.ඉන් පසුව ස්වභාවික වන සම්පත් වේගයෙන් පුනරුත්ථාපනය කරමින් යළි සංවර්ධනය වෙමින් පවතිනවා. එමෙන්ම යහපත් වනාන්තර පාලන පද්ධතියක් චීනය සථාපිත කර තිබෙනවා.දැනට චීනයේ ස්වභාවික වනාන්තර ප්‍රමාණය හෙක‍්ටයාර් මිලියන 200කට ආසන්න වෙනවා.එය සමස්ත චීනයේ වන ප්‍රමාණයෙන් සියයට 64ක්.එදා සිට මේ දක්වා ස්වභාවික වනාන්තර සුරැකුම් සඳහා චීන යුවාන් බිලියන 400ක් මුදලක් වෙන් කර තිබෙනවා.

ඉදිරියේදීස්වභාවික වනාන්තරය සුරක්ෂිත කිරීමේ කටයුතු කොයි ආකාරයෙන් ක්‍රියාත්මක වෙයිද?චීන රාජ්‍ය මණ්ඩලය පසුගිය දා පැවති මාධ්‍ය හමුවකදී මේ සම්බන්ධයෙන් පැහැදිලිව විස්තර කළා.එම මාධ්‍ය හමුවේදීචීන වන හා තණ බිම් දෙපාර්තමේන්තුවේ උප අධ්‍යක්ෂ ලි ශූමින්ග් මහතා ප්‍රකාශ කළේ ස්වභාවික වන සුරක්ෂිත කිරීම සඳහා පෙරට වඩා ශක්තිමත් පාලන පියවර යොදා ගැනීමට චීනය සුදානමින් සිටින බවයි.

ස්වභාවික වනාන්තරය ආරක්ෂාව හා පුනරුත්ථාපනය පිළිබඳ නිල ලියවිල්ල පසුගිය ජූලි මාසේ චීනය නිකුත් කළා.අදාළ කටයුතු ප්‍රධාන අරමුණ, වැදගත් පියවර හා අනුබල ප්‍රතිපත්ති පිළිබඳ කරුණු එම නිල ලියවිල්ලට ඇතුළත් වනවා. ලි ශූමින්ග් මහතා පැවසු පරිදි, සියළු ස්වභාවික වනාන්තර සුරක්ෂිත කිරීම පදනම් කර ගනිමින් ජෛව පාරිසරික වැදගත්කම යන සාධක සලකා විශේෂ සුරැකුම් කලාප හඳුනා ගන්නා ලෙස එම නිල ලියවිල්ලේ සඳහන් කෙරුණා.

චීනයේ ජෛව පරිසරය සුරැකුම් වැඩපිළිවෙළ

Jia/Shi


ගුවන් විදුලිය
20241017බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන