සිසු සිසුවියන්ට නව මං විවර කරන ගුවේචෞ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විශ්වවිද්‍යාලය
2019-05-27 15:21:39
Share with:

ගුවේචෞ පළාතේ ගුවේ අන් නව කලාපයේ චීනයේ ඉලෙක්ට්‍රෝනික හා සංනිවේදන අධි තාක්ෂණයේ වැදගත් මධ්‍යස්ථානයකි. එහිදීහුආවෙයි සමාගමේ දත්ත මධ්‍යස්ථානය,හුආවෙයි විශ්වවිද්‍යාලය,‍ විදුලි සංනිවේදන කර්මන්ත උද්‍යාන හා අධි තාක්ෂණ නිෂ්පාදන කර්මන්ත උද්‍යාන යන ආයතන ඉදි කර ඇත.

ගුවේචෞ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විශ්වවිද්‍යාලය එම නව කලාපයේ පිහිටා තිබේ. කර්මන්ත උද්‍යානය තුළ පිහිටි විශ්වවිද්‍යාලයක් ලෙස එම විශ්වවිද්‍යාලය හැඳින්විය හැකිය.

පසුගිය 2017 වසරේ එම විශ්වවිද්‍යාලය හා හුආවෙයි සමාගම අතර සහයෝගතා ය‍ටතේ විශාල දත්ත පිළිබඳ අධ්‍යාපන ආයතනයක් එහිදීස්ථාපිත කෙරිණ. දැනට එම විශාල දත්ත පිළිබඳ අධ්‍යාපන ආයතනය තුළ විශාල දත්ත තාක්ෂණය හා යෙදීම,අන්තර්ජාල තාක්ෂණය හා ඩිජිටල් වාණිජය යන විෂයන්වල අධ්‍යාපන කටයුතු සිදු කෙරේ. සිසු සිසුවියෝ 1800කට වැඩි පිරිසක් එහිදීඅධ්‍යාපන ලබා ගෙන සිටිති. එම ආයතනය හා සාමාන්‍ය උසස් අධ්‍යාපන ආයතන වල අතර විවිධ වෙනස්කම් තිබේ. නව අධ්‍යාපන රා‍මුව යොදා ගනිමින් ව්‍යවසාය මට්ටම විවිධ ව්‍යපෘති එම ආයතනයේ අධ්‍යාපන කටයුතු වලට ඇතුළත් කෙරිණ. වෙළඳ පොලට සෘජුවම මුහුණ දී එහි සිසු සිසුවියන්ට වාණිජ කටයුතු සැබෑ ලෙස ක්‍රියාත්මක කළ යුතුය. උදාහරණයක් ලෙස එහි අන්තර්ජාල වාණිජ විෂයේ සිසු සිසුවියන් සෑම අ‍යෙකුම අන්තර්ජාල අලෙවි වෙබ් අඩවියේ සිය සාප්පුවක් ආරම්භ කළ යුතුය.බොහෝ අයගේ සාප්පු ලාභ උපයමින් සිටී.

සිසු සිසුවියන්ගේ අධ්‍යාපනය හා ගුවේ අන් නව කලාපයේ සංවර්ධනය හා සම්බන්ධ වීවිවිධ පාර්ශ්වයන්ගේ සම්පත් උපරීම ලෙස ප්‍රයෝජනයට ගනිමින් ප්‍රාදේශීය ආර්ථික කර්මාන්ත සංවර්ධනයට සේවය ලබා දීමට ගුවේචෞ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විශ්වවිද්‍යාලය උත්සහය දරයි. ඉදිරියේදීඑම විශ්වවිද්‍යාලය අදාළ තාක්ෂණ නව සංවර්ධනයට අවධානය යොමු කරමින් නව තාක්ෂණය අධ්‍යාපන පද්ධතියට එකතුවීසිසු සිසුවියන් වඩා ඉහළ රැකියා නිපුණතාවකින් යුක්ත වනු ඇති බව ගුවේචෞ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විශ්වවිද්‍යාලය අපේක්ෂා කරයි.

සිසු සිසුවියන්ට නව මං විවර කරන ගුවේචෞ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විශ්වවිද්‍යාලය

සිසු සිසුවියන්ට නව මං විවර කරන ගුවේචෞ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විශ්වවිද්‍යාලය

සිසු සිසුවියන්ට නව මං විවර කරන ගුවේචෞ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විශ්වවිද්‍යාලය

සිසු සිසුවියන්ට නව මං විවර කරන ගුවේචෞ ඉලෙක්ට්‍රෝනික තාක්ෂණ විශ්වවිද්‍යාලය


ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන