චීන ජනපතිගේ ප්‍රශංසාවට ලක් වූ සමාජ සේවකයෙක්
2019-02-11 09:00:01
Share with:

චීනයේ ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරීමේ 40වැනි සංවත්සරික සමුළුව පසුගිය වසරේ පැවැත්වූණා. එම සමුළුවේදී ප්‍රතිසංස්කරණ හා විවෘතභාවය ක්‍රියාත්මක කිරී‍මට කැපී පෙනෙන සේවයක් ඉටු කළ පුද්ගලයින් සිය දෙනෙකු ඉහලින් ඇගයීමට ලක් වූණා. චීනයේ විවිධ ක්ෂේත්‍රවල නියෝජිතයින්ගෙන් සමන්විත එම පිරිස අතර විද්‍යාඥයන්, ප්‍රසිද්ධ සමාගම් අධ්‍යක්ෂවරුන්, ප්‍රවීණ කලාකරුවන් හා සාමන්‍ය සිවිල් සේවකයන් සිටිනවා.

Ma Shanxiang මහතා චීන‍යේ Chongqing නගරයේ guanyinqiao සමාජ ප්‍රජා කමිටුවේ සේවකයෙක්. එහි ජීවත් වන ජනතාව වෙනුවෙන් ඔහු සාමදාන විනිශ්චයකාරවරයෙකු ලෙස සේවය සපයනවා. ගතවූවසර 30ක කාලය තුළ ජනතාව‍ මුහුණ දුන් ගැටළු 2000කට වැඩි සංඛ්‍යාවක් සාර්ථකව විසඳා ගැනීට ඔහු සමත් වුණා. වැඩ කිරීමේදීලබා ගත් අත්දැකීම් ඔහු කාර්ය සාරාංශ පොත් 160ක සටහන් කළා. ඒ අනුව ඔහු විවිධ ගැටළු විසඳා ගැනීමේ ක්‍රම 60ක් සකස් කර තිබෙනවා.

චීන ජනපතිගේ ප්‍රශංසාවට ලක් වූ සමාජ සේවකයෙක්

චීන ජනපතිගේ ප්‍රශංසාවට ලක් වූ සමාජ සේවකයෙක්

කැපී පෙනෙන රාජකාරි සේවා නිසා චීන මහජන නියෝජිත සම්මේලනයේ නියෝජිතවරයෙක් ලෙස ඔහු තේරි පත් වූණා. එබැවින් 2018 වසරේ චීන ජාතික මහජන කොංග්‍රසයේ සැසිවාරයට Ma Shanxiang මහතාට සහභාගි වීමට වරම ලැබුණා . එහිදී ඔහු තමන්ගේ සේවා අත්දැකීම් පිළිබඳව චීන ජනාධිපති ෂී ජින් පිං මහතාට දැක්වූයේ මේසේය.

චීන ජනපතිගේ ප්‍රශංසාවට ලක් වූ සමාජ සේවකයෙක්

චීන ජනපතිගේ ප්‍රශංසාවට ලක් වූ සමාජ සේවකයෙක්

“වැඩ කිරීමේදී ජනතාව අතර විවිධ ගැටළුවලට අපි නිතරම මුහුණ දෙනවා. උදාහරණයක් කිව්වොත්, පැරණි ජනාවාස ඉවත් කිරීම, නාගරික පරිපාලනය, නිශ්චල දේපළ නඩත්තු සේවා ගැටළුව, පවුල් දේපළ ගැටළුව යනාදිය ඊට ඇතුළත්. එවැනි ගැටළු විසඳීම සඳහා මැදිහත් සාමදාන නිපුණත්වය අඛණ්ඩව ඉහළ නැංවිය යුතුයි. එක් අවස්ථාවක මහ මාර්ගයක අලුත් වැඩියා කටයුතු කිරීමේදී එහි සාප්පු 22 ක සියයකට වැඩි ජනතාව සම්බන්ධයෙන් විශාල ගැටළු ඇති වූණා. අන්තිමේදීඅපි එය සාර්ථකව විසඳා ගත්තා. එම ගැටළුව විසඳීම සඳහා ජනතාව සමඟ හොඳට සාකච්ඡා කිරීමේ හැකියාව තියෙන්න ඕන. එවගේම සිද්ධියෙන් සිද්ධිය පදනම් ක‍රගෙන විශේෂ ගැටළු විසදීමේ හැකියාවත් තියෙන්න ඕන. සංවර්ධනය කිරීමේ ප්‍රශ්නය විසඳා ගන්නා වගේම සාමාජිය සුසංගතභාවය සම්බන්ධ ප්‍රශ්නත් අපි විසඳා ගත යුතුයි. ”

දැනට ඔහුගේ සේවා අත්දැකීම් මුළු චීනයේ මූලික සමාජ ප්‍රජා කමිටුවේ සේවකයන්ගේ ආදර්ශනයක් බවට පත්ව තිබෙනවා. ඔහු විවේක කාලයේ වෙනත් සමාජ ප්‍රජාවල නව සේවකයන්ට පුහුණුව ලබා දෙනවා.

Ma Shanxiang මහතාගේ කතාව කෙරෙහි අවධානය යොමු කළ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා එම කතාව මේ ලෙස ඉහළින් අගය කළා.

“අපි සමාජයේ මූලික පදනම් ශක්තිමත් කළ යුතුයි. Ma Shanxiang මහතා වගේ මූලික සමාජ ප්‍රජා කමිටුවේ සිවිල් සේවයන් අපේ රටට ඉතා අවශ්‍යයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයන්ගේ ආදර්ශනීය කාර්යය ව්‍යාප්ත කරමින් සියලු වැඩකටයුතු අඛණ්ඩව හොඳට හා මනාව ක්‍රියාත්මක කිරීම සඳහා Ma Shanxiang මහතාට වැඩිදුර ජයග්‍රහණ ලබා ගත හැකි බවට මම අපේක්ෂා කරනවා.”

ෂී ජින් පිං ජනාධිපතිවරයා කී පරිදි,චීන කොමියුනිස්ට් පක්ෂය ජනතාව වෙනුවෙන් සේවය කිරීමේ පක්ෂයක්. ජනතාවගේ දේවල් සුළු දෙයක් නෙවෙයි. ඔවුන්ට සේවා ලබා දීම බොහෝ විට සිදු කෙරෙන්නේ බිම මට්ටමේ. එහි පරිපාලනය නවිකරණය කරමින් පරිපාලන හැකියාව ඉහළ නංවා‍ ගෙන මහ ජනතාවට වඩා යහපත් සේවා ලබා දිය යුතුයි. 

චීන ජනපතිගේ ප්‍රශංසාවට ලක් වූ සමාජ සේවකයෙක්

චීන ජනපතිගේ ප්‍රශංසාවට ලක් වූ සමාජ සේවකයෙක්


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන