ෂී ජින් පිං මහතාගේ නිර්මාණශීලිත්ව සංකල්පය
2019-02-10 09:00:01
Share with:

නිර්මාණශීලිත්වය නව යුගයේ චීන වර්ධනය පිළිබඳ සඳහන් කිරීමේදී නැතුව ම බැරි වචනයකි.චීන ජනාධිපති ෂී ජින් පිං මහතා විවිධ අවස්ථාවලදී මෙම වචනය අවධාරණය කර තිබේ.වත්මන් චීනයට නිර්මාණශීලිත්වය අවශ්‍ය වීමේ හේතුව කුමක් ද අවශ්‍ය වන්නේ ඇයි ?සාමාන්‍ය මිනිසුන් මෙම යුගයේ සිය ජීවිත සිහින ඉටු කර ගන්නේ කෙසේද ?

ෂී ජින් පිං මහතාගේ නිර්මාණශීලිත්ව සංකල්පය

පසුගිය ඔක්තෝබර් මස 22 වන දා චීනයේ GREE සමාගමේ සේවකයෝ ප්‍රීතිඝෝෂා කරමින් සිටියහ.එම සමාගම නිරීක්ෂණය කළ අවස්ථාවේදී ෂී ජින් පිං මහතා එම සමාගමේ හා එහි සේවකයන්ගේ නිර්මාණශීලි චින්තනය ඉහළින් අගය කළ නිසයි. මුලදී කුඩා පරිමාණ ව්‍යාපාරයක් වූ GREE සමාගම දැනට අන්තර් ජාතික කාර්මික සමාගමක් බවට පත්ව තිබේ.එහි නිෂ්පාදිතයන් ලොව පුරා රටවල් හා ප්‍රදේශ 160කදී අලෙවි කෙරේ.ස්වයං නිර්මාණශීලිත්වය GREE සමාගමේ ජයග්‍රහණ එන්ජිමයි.

ෂී ජින් පිං මහතාගේ නිර්මාණශීලිත්ව සංකල්පය

Inspur සමාගම චීනයේ විශාල දත්ත පරිගණක සේවා ව්‍යාපාරයකි. එම සමාගම සමස්ත ලෝකයේ රටවල් හා ප්‍රදේශ 100කට පමණ තොරතුරු තාක්ෂණ නිෂ්පාදිතයන් හා සේවා සපයයි.පසුගිය ජූනි මාසයේ ෂී ජින් පිං මහතා එම සමාගමට අයත් පරිගණක නිෂ්පාදන කඳවුර නිරීක්ෂණය කළේය.එම අවස්ථාවේදී හෙතෙම විශේෂයෙන් ම පෙන්වා දුන්නේ සමාජවාදී ක්‍රමවේදයේ වාසිය භාවිත කරමින් නිර්මාණශීලිත්වය මුළුමනින් ම දිරිගැන්විය යුතු බවයි.

උතුරු චීනයේ ටියැන් චින් නගරයේ වෙරළාසන්න ප්‍රදේශයේ පිහිටි විද්‍යා තාක්ෂණඋද්‍යානයේදී ජංගම අන්තර් ජාල,සංස්කෘතික නිර්මාණශීලි හා ජෛව ජීව ඖෂඨ ඇතුළු ක්ෂේත්‍රවල අධි විද්‍යා තාක්ෂණ ව්‍යාපාරිකයන් රැසක් එක්රැස්ව පවතී.එම උද්‍යානය පිහිටුවා වසර 2ක් පමණක් ගත වුව ද එහි ව්‍යාපාර ඉතා කැපී පෙ‍නෙන නිර්මාණශීලි සාර්ථකභාවයන් ලබා ගෙන තිබේ.මේ වසර මුලදී චීන ජනාධිපතිවරයා ‍එම විද්‍යා තාක්ෂණ උද්‍යානය නිරීක්ෂණය කළේය.නිර්මාණශීලිත්වය වෙනුවෙන් කදිම පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අපේ කොමියුනිස්ට් පක්ෂය හා රජය විවිධාකාර විවිධ ප්‍රතිපත්ති පර්යේෂණය කරමින් සිටින බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන