චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තවත් අනන්‍යතාවක්
2019-02-09 13:40:01
Share with:


චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තවත් අනන්‍යතාවක්


දරුවන් ඉදිරියේ ෂී ජින් පිං මහතා තමා පුංචි මිතුරන්ගේ“ලොකු මිතුරෙක්”ලෙසට හඳුන්වන්නේ. ඔහු හැම විට ම දරුවන්ගේ වැඩීම වැදගත් කොට සලකමින් ළමුන්ගේ අධ්‍යාපනය ගැන වැඩි අවධානය යොමු කරනවා. ඔහු අවස්ථා රැසක දරුවන් කෙරෙහි සැලකිලි හා අපේක්ෂාවන් දක්වා තිබෙනවා.

ෂී ජින් පිං මහතා එක් අවස්ථාවක සිය විදුහල් මාතාව බැලීමට ආපසු ගියා. ඔහු එහිදී පැවසුවේ තමන් නායකයෙක් වශයෙන් නොව ශිෂ්‍යයෙක් ලෙස සලකන ලෙසයි. ඔහු සිය ගුරුවරුන් කෙරෙහි දක්වන ගෞරවය හා ස්තුතිය මෙන්ම දිරිගැන්වීම් හා අපේක්ෂාවන්, චීන අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට ප්‍රබල ශක්තියක් වී තියෙනවා.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා 2013 වසරේ ජාත්‍යන්තර ළමා දිනයට පෙර ‍ලොකු මිතුරෙක් යන අනන්‍යතාවයෙන් චීන ළමයින්ට සුභ පැතුම් එක් කරමින් මෙසේ පැවසුවා.

“ළමා දිනය ළං වෙනවා. මම ලොකු මිතුරෙක් වශයෙන් සියලු පුංචි මිතුරන්ට මෙන්ම සමස්ත චීනයේ සියලු ජාතීන්ගේ ළමයින්ට සුභ ළමා දිනයක් වේවා යැයි ප්‍රාර්ථනා කරනවා.”


චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තවත් අනන්‍යතාවක්


චීන කොමියුනිස්ට් පක්ෂයේ 18වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු ෂී ජින් පිං මහතා, ළමා මධ්‍යස්ථාන, මහජන මහ ශාලාව, ළමා සුබසාධන ආයතන හා භූමි කම්පාවලින් විපතට ලක් වූවන්ගේ ආදේශක ස්ථාන යනාදී බොහෝ ස්ථානවලට ගොස් එහි සිටි පුංචි මිතුරන් සමඟ ළමා දිනය පොදුවේ ගත කරමින් ඔවුන්ට සුභ පැතුම් පළ කර තිබෙනවා. එමගින් දරුවන්ට මහඟු මතකයන් එක් කෙරුණා. එයින් චීන ජනාධිපතිවරයා නව පරම්පරාව වෙත දක්වන අපේක්ෂාවන් පිළිබිඹු වෙනවා.

ලෝකයේ ඉතාම ගෞරවණීය රැකියාව තමයි ගුරු වෘත්තිය. 2016 වසරේ ගුරු දිනයට පෙර, ෂී ජින් පිං මහතා සිය විදුහල් මාතාව වන බෙයිජිං බා යි පාසලට ගොස් නිරීක්ෂණයක් කළා. ඔහු එම පාසලේ ගුරුවරුන් සමඟ පිළිවෙළින් අතට අත දෙමින් තමා පාසලේ සිටි කාලයේ මතකයන් යළි සිහිපත් කළා.


චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තවත් අනන්‍යතාවක්


කාලය ඉක්මනින් ගෙවී යනවා. නමුත් මුල සිට ම වෙනස් නොවන දේ තමයි ගුරුවරුන් හා සිසුන් අතර ගැඹුරු හැඟීම. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අදහස් කරන්නේ රටේ සංවර්ධනය පිළිබඳ දීර්ඝ කාලීන සැලැස්ම, අධ්‍යාපනය පදනම් කොට ගත යුතු බවයි.

එවගේම ගුරුවරුන්, අධ්‍යාපන ව්‍යායාමය සංවර්ධනය කිරීමේ පදනමක් බව ද ඔහු සඳහන් කරනවා.

“සිසුන් ගුණගරුක කිරීමට, දැනුම ලබා දීමට, නවෝත්පාදන බිහි කිරීමට සහ මව්බිම වෙනුවෙන් කැපවීමට ගුරුවරුන් මාර්ගෝපදේශකයන් බවට පත් විය යුතුයි.”


චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ තවත් අනන්‍යතාවක්




Hao/Shi


ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන