සියළු ජාතීන්ගේ පොදු සංවර්ධනය පිළිබඳ චීන ජනපති‍ගේ අපේක්ෂා
2019-02-08 09:00:01
Share with:

විවිධ ජාතීන් දෙලුම් ඇට ලෙස එකට සිටිය යුතු බවත් සියළු ජාතීන් සුවපහසු සමාජයකට ප්‍රවේශ විය යුතු බවත් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා පළ කරන අපේක්ෂාවක්. චීනය ජාතීන් 56ක් සතු රටක්. ‍බොහෝ සුළු ජාතිකයන් පරම්පරාවෙන් පරම්පරාවට දිළඳු ප්‍රදේශවල වාසය කරමින් සිටිනවා. සෑම ජාතියක් ම මහා පවුල තුළ සුහඳව ජීවත් වන්නේ කොහොමද කියලා ෂී ජින් පිං මහතා චීන ජනාධිපතිවරයා ලෙස දිගටම දැඩි අවධානය යොමු කරනවා. 2012 වසරේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 18 වැනි ජාතික නියෝජිත සම්මේලනයෙන් පසු ෂී ජින් පිං මහතා චීනයේ බොහෝ සුළු ජාතීන් වෙසෙන ප්‍රදේශවලට ගොස් තිබෙනවා. සමහර විට ඈතින් පිහිටි මේ ප්‍රදේශවලට යෑම අමාරු වුවත් ෂී ජින් පිං මහතා ස්ථීර ලෙස සුළු ජාතීන්ගේ සැබෑ ජීවන තත්ත්වයන් දැන ගන්නට එවැනි ප්‍රදේශවලට ගියා. එහි සැබෑ තත්ත්වයන්ට අනුව ජාතික එකමුතුව ඉදිරියට ගෙන යාම හා සුළු ජාතික ප්‍රදේශ සංවර්ධනය කිරීමට හෙතෙම උපදෙස් දී තිබෙනවා.

දුලොංග් ජාතිය චීනයේ යුන්නාන් පළාතේ සුළු ජාතීන් අතරින් ජනගහණය අඩුම ජාතියයි. දුලොංග් ජාතිය චීනයේ යුන්නාන් පළාතේ දුලොංජ්‍යං ගම්මානයේ වෙසෙනවා. ඒ ප්‍රදේශය චීනයේ දුරස්තර ම ප්‍රදේශවලින් එකක්. 2015 වසරේ යුන්නාන් පළාතේ නිල සංචාරයක නිරත වන විට ෂී ජින් පිං මහතා දුලොංග් ජාතිකයන් මෙලෙස ඇමතුවා.


සියළු ජාතීන්ගේ පොදු සංවර්ධනය පිළිබඳ චීන ජනපති‍ගේ අපේක්ෂා

ෂී ජින් පිං මහතා දුලොංග් ජාතිකයන් සමඟ

“දුලොංග් ජාතිකයන් 6900 ක් පමණයි ඉන්නේ. එහෙත් එම ජාතිය අපේ ජාතීන් 56 අතරින් සමාන තත්ත්වයක සිටිනවා. වර්තමානයේ චීන ජනතාවගේ ශ්‍රේෂ්ඨ පුනර්ජීවන සිහිනය ඉටු කිරීමේ වගකීම අප භාර ගන්නවා. සම්පූර්ණයෙන්ම සුවපහසු සමාජයක් බිහි කර සියළු ජාතීන් සුවපහසු සමාජයට ප්‍රවේශ විය යුතු ය. චීන කොමියුනිස්ට් පක්ෂය හා රජය දිගටම දැඩි අවධානය යොමු කරමින් ඒ සඳහා සහය ලබා දෙනවා. ”


සියළු ජාතීන්ගේ පොදු සංවර්ධනය පිළිබඳ චීන ජනපති‍ගේ අපේක්ෂා

ෂී ජින් පිං මහතා ෂින්ජියාං ස්වායත්තයේ ගම්මානයක නිරීක්ෂණය කළ අවස්ථාව

චීනයේ ෂින්ජියාං උයිගුර් ස්වායත්තයේ හැන් ජාතිය, උයිගුර් ජාතිය හා කස්කස්ථාන ජාතිය ඇතුළු ජාතීන් 47ක් ජීවත් වෙනවා. මෙහි ස්ථාවරත්වය, සංවර්ධනය හා ජාතික එකමුතුව වෙත චීන ජනාධිපති ෂී ජින් පිං මහතා දැඩි අවධානය ‍යොමු කරනවා. 2017 වසරේ ජාතික සැසිවාර දෙක පැවති සමයේ ෂින්ජියාං උයිගුර් ස්වායත්තයේ ජාතික මහජන කොංග්‍රසයේ නියෝජිතයෙක් හමු වූ විට ‍ෂී ජින් පිං මහතා මෙලෙස පැවසුවා.


සියළු ජාතීන්ගේ පොදු සංවර්ධනය පිළිබඳ චීන ජනපති‍ගේ අපේක්ෂා

චීන ජනපති ෂින්ජියාං ස්වායත්තයේ නියෝජිතයන් හමු වූ අවස්ථාව

“ජාතික එකමුතුව විවිධ ජාතීන්ගේ දිවිපෙවෙත මෙන්ම ෂින්ජියාං උයිගුර් ස්වායත්තය සංවර්ධනය කිරීමේ මූලික පදනමක්. ජාතික එකමුතුව චීන ජනතාවගේ පොදු අධිෂ්ඨානයයි. තමන්ගේ ඇස් ආරක්ෂා කරන තරම් ම ජාතික එකමුතුව ආරක්ෂා කරන්න ඕන. තමන්ගේ ජීවය අගය කරන තරම් ජාතික එකමුතුව අගය කරන්න ඕන. සියළු ජාතීන් දෙලුම් ඇට වගේ එකට සිටිය යුතුයි.”




ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන