චීන ජනපතිගේ හද පත්ලේ සිටින ග්‍රාමීය දුගී ජනතාව
2019-02-06 08:00:01
Share with:

චීන ජනපතිගේ හද පත්ලේ සිටින ග්‍රාමීය දුගී ජනතාව

චීන ජනපතිගේ හද පත්ලේ සිටින ග්‍රාමීය දුගී ජනතාව

සාම්ප්‍රදායික චීන අලුත් අවුරුද්ද උදා වීමට පෙර රටේ දිළිඳු ප්‍රදේශවලට ගොස් එහි ජනතාවගේ සුව දුක් සොයා බැලීම චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සාමාන්‍ය පුරුද්දක්. මේ වන විට චීනයේ සියලු අන්ත දිළිඳු ප්‍රදේශවල එතුමා සංචාරය කර තිබෙනවා. චීනයේ උත්තරීතර නායකයා වශයෙන් ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවලදී අවධාරණය කර තිබෙන්නේ චීනය සශ්‍රීක සංවර්ධන මාවතේ ගමන් කිරීමේදී එක් දිළිඳු පුද්ගලයෙකුවත් අත් නොහරින බවයි.


චීන ජනපතිගේ හද පත්ලේ සිටින ග්‍රාමීය දුගී ජනතාව

චීන ජනපතිගේ හද පත්ලේ සිටින ග්‍රාමීය දුගී ජනතාව

2013 වසරේ නොවැම්බර් මාසයේ ෂී ජින් පිං මහතා හු නැන් පළාතේ හුවා යුවන් කෝරළයේ ශි බා තොං ගම්මානය නිරීක්ෂණ කළා. එම වසරේ ශි බා තොං ගම්මානයේ වාර්ෂික ඒක පුද්ගල ශුද්ධ ආදායම යුවන් 1700කට අඩු වී තිබුණා. එය චීන රජය නියම කළ අවම දිළිඳු ප්‍රමිතියට ළඟා නොවූ තත්වයක්. නිශ්චිත අරමුණු අනුව දිළිඳුකම තුරන් කළ යුතු බව ෂී ජින් පිං මහතා දිළිඳුකම තුරන් කිරීමේ නව සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත් කළේ ශි බා තොං ගම්මානයේ නිරීක්ෂණය කළ අවස්ථාවේදීයි. එම සංකල්පය අනුව 2017 වසරේ ශි බා තොං ගම්මානය දිළිඳුකමින් සම්පූර්ණයෙන් මිදී චීනයේ සෙසු දිළිඳු ප්‍රදේශ වෙත සංවර්ධන ආදර්ශයක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

චීන ජනපතිගේ හද පත්ලේ සිටින ග්‍රාමීය දුගී ජනතාව

චීන ජනපතිගේ හද පත්ලේ සිටින ග්‍රාමීය දුගී ජනතාව

2017 වසරේ ජුනි මාසයේ ෂී ජින් පිං මහතා නිරීක්ෂණ චාරිකාවක් සඳහා ශන් ශි පළාතේ ලියු ලියං කඳුකර ප්‍රදේශයට ගියා. එම ප්‍රදේශයේ පිහිටි චාඕ චියා වා ගම්මානය දිළිඳු ගම්මානයක්. එහි ගම්වැසියෙකු වන ලියු ෆු යෝ ගේ නිවසේදී ෂී ජින් පිං මහතා ඉතා සැලකිල්ලෙන් ඔහුගේ සැප දුක් විමසුවා. “ ජනාධිපතිවරයා මගේ නිවසට ආවා.එක එක ප්‍රශ්න මගෙන් ඇහුවා.මං මුදල් කොහොම ද වියදම් කළේ කියලාත් ඇහුවා. මං කිව්වා පිටි,සහල් ,තෙල් හා ලුණු වගේ දේවල්වලට තමයි වැඩියෙන් වියදම් කළේ කියලා. ඉතුරු සල්ලිවලින් 80%ක් ගත්තේ බෙහෙත්. බෙහෙත් ගන්න වියදම් තව වැඩි වුණොත් හිත රිදෙනවා කියලා මං කිව්වා. ”කියමින් ලියු ෆු යෝ එම හමුව සිහිපත් කළේ ය.

චීන ජනපතිගේ හද පත්ලේ සිටින ග්‍රාමීය දුගී ජනතාව

චීන ජනපතිගේ හද පත්ලේ සිටින ග්‍රාමීය දුගී ජනතාව


රෝගවැළඳීමෙන්දුගීභාවයටපත්වූපිරිස්චීනයේසමස්තදිළිඳුජනගහණයෙන්40%ක්වනබවසංඛ්‍යාලේඛනවලින්හෙළිවීතිබෙනවා.මේසම්බන්ධ‍යෙන්වඩාත්නිශ්චිතඅරමුණුසකස්කරඊටඅදාළප්‍රායෝගිකපියවරගනිමින්එමතත්වයවෙනස්කළයුතුබවෂීජින්පිංමහතාපෙන්වාදුන්නා.2017වසරේ58ලක්ෂ10දහසක්දුගීජනගහණයපූර්ණවෛද්‍යසහතිකක්‍රමමගින්දිළිඳුකමින්නිදහස්වුණා.සෞඛ්‍ය හා වෛද්‍ය ක්ෂේත්‍රයේ දිළිඳු ජනතාව වෙනුවෙන් ඉටු කර ඇති සේවය පිළිබඳව සඳහන් කිරීමේදී 2019 වසර වෙනුවෙන් ෂී ජින් පිං ජනාධිපතිවරයා පිරිනැමූ සුබපැතුම් පණිවුඩයේ ‍කොටසක් අපට යළි සිහි වෙනවා:“ගෙවී ගිය වසරේ දිළිඳුකම තුරන් කිරීමේ සුභ ආරංචි අපට ඇසුණා. දිළිඳු කෝරළ 125ක් මෙන්ම මිලියන 10ක ග්‍රාමීය ජනගහණය දිළිඳුකමෙන් මුදවා ගෙන තිබෙනවා. පිළිකා මර්දන බෙහෙත් මිල පහත දමා ඒවා වෛද්‍ය රක්ෂණ පද්ධතියට ඇතුළත් කර තිබෙනවා.රෝගී තත්වය හේතුවෙන් දුගීභාවයට පත් වීමේ ප්‍රශ්නය විසඳ ගැනීමට වැඩිදුර ප්‍රගතියක් ලබාගෙන තිබෙනවා. දිළිඳුකමින් පෙළෙන ජනතාව නිරන්තරයෙන් මගේ හදවතේ රැඳී සිටිනවා.නව වසරේ ග්‍රාමීය ජනතාවට සුවබර ජීවිතයක් මම ප්‍රාර්ථනා කරනවා.”


ගුවන් විදුලිය
20240727සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන