ගම් බිම් වලින් ‍පෝෂණය වන චීන සිහිනය
2019-02-05 09:10:01
Share with:

ලියන්ග් ජ්‍යා හ ගම්මානය, වයඹ දිග චීනයේ සානු ප්‍රදේශයේ පිහිටි කුඩා ගම්මානයක්. අවුරුදු 15 සිට 22 දක්වා වූ කාලයේ ෂී ජින් පිං මහතා එහිදී අමතක කළ නොහැකි යෞවන පරිච්ඡේදයක් ගත කළා. චීනයේ ගම්මාන ප්‍රදේශයේ සැබෑ තත්ත්වය එමගින් දැන ගැනීමට ඔහුට හැකි වුණා. අද චීන ජනාධිපතිවරයා වශයෙන් ක්‍රියා කරන ෂී ජින් පිං මහතා ජනතාව වෙනුවෙන් ප්‍රායෝගික ‍සේවා සැපයීම එදා සිට තමන් තුළ නියම කර ගත් ඉලක්කයක්. අද සිට දිනපතා ම චීන ජාත්‍යන්තර ගුවන් විදුලිය චීන ජනාධිපතිවරයා පිළිබඳ කතාන්තර මාලාවක් ඉදිරිපත් කරන්නට සූදානම්.


ගම් බිම් වලින් ‍පෝෂණය වන චීන සිහිනය


2015 වසරේ සැප්තැම්බර් මාසයේ 22 වැනිදා ඇමරිකාවේ නිල සංචාරයක නිරත වූ ෂී ජින් පිං මහතා එහි පැවති පිළි ගැනීමේ භෝජනයකදී තමන්ගේ කතාන්තරයක් එහි සිටි අය සමග බෙදා ගත්තා.

ෂී ජින් පිං මහතා එහිදී මෙසේ මතක් කරමින් පැවසුවා.

“පසුගිය ශතවර්ෂයේ හැටේ දශකයේ මගේ වයස අවුරුදු දහයක් පමණයි. මම බෙයිජිං නගරයෙන් පිටතට ගොස් ඈත පිහිටි ගම්මානයකට පැමිණ සාමාන්‍ය ගැමියෙක් බවට පත් වුණා. ලියන්ග් ජ්‍යාං හ නම් මෙම ගම්මානයේ මා අවුරුදු හතක් හිටියා. පසුව ඒ ගම්මානයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ ගම්මාන කමිටු ලේකම්වරයා ලෙස මා පත් වුණා. මා එහි වැසියන් එක්ක සංවර්ධන කටයුතුවල යෙදුණා. එදා මා හට තිබූ දැඩි බලාපොරොත්තුවක් තමයි එහි වැසියන්ට පූර්ණ ආහාර‍ වේලක් සපයා දෙන එක. විශේෂයෙන් ම මස් කන්න පුළුවන් මගේ උත්සාහ නිසා ඔවුන්ට නිතරම මස් කන්න ලැබෙනවා නම් හොඳයි. ”


ගම් බිම් වලින් ‍පෝෂණය වන චීන සිහිනය

එය ඉතා සුවිශේෂ ජීවිත අත්දැකීමක්. ඒ කාලයේ ෂී ජින් පිං ඇතුළු චීනයේ තරුණ තරුණියන් මිලියන 17කට වැඩි පිරිසක් රජයේ ඉල්ලීමට අනුව, සිය කැමැත්තෙන් ගම්මාන ප්‍රදේශවලට පැමිණ ගැමියන් වශයෙන් රටේ සංවර්ධනය වෙනුවෙන් දායක වූණා.

ගැමියන් සමඟ එකම නවාතැනක ජීවත් වෙමින් එකට සංවර්ධනයට එක් වූ ෂී ජින් පිං මහතා එම ගම්මානයේ සිටි කාලයේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෙක් බවට පත් වුණා. එහි ගත කළ අවුරුදු 7ක කාලය හේතුවෙන් දැඩි විශ්වාසයෙන් පිරි කෙනෙක් බවට පත් ව ඇතැයි හෙතෙම සඳහන් කරනවා. එහි අවුරුදු 7ක් ගත කර තමන් පරිණත හා අධිෂ්ඨානසම්පන්න කෙනෙක් බවට පත් වූ බව හෙතෙම සඳහන් කරනවා. විශේෂයෙන් ම එහිදී ලැබූ අත්දැකීම්වලින් පෝෂණය වූ අධිෂ්ඨානය නම් ජනතාව වෙනුවෙන් සැබෑ දායකත්වයක් ලබා දීම යැයිද චීන ජනාධිපතිවරයා පවසනවා.


ගම් බිම් වලින් ‍පෝෂණය වන චීන සිහිනය

චීන කොමියුනිස්ට් පක්ෂයට එක් වීම සඳහා ෂී ජින් පිං මහතා ඉදිරිපත් කළ ඉල්ලුම් පත්‍රය

2015 වසරේ ෂී ජින් පිං මහතා නැවත ලියන්ග් ජ්‍යා හ ගම්මානයට පැමිණියා. එහි ජනතාවගේ ජීවිතය සම්පූර්ණයෙන් ම දියුණු වී ඇතැයි ෂී ජින් පිං මහතා ඇමරිකාවේ සංචාරය කළ අවස්ථාවේදී සඳහන් කළා. චීන සිහිනය තමයි ජනතාවගේ සිහිනය. ඒ සිහිනය ඉෂ්ට කර ගන්නට ජනතාව යහපත් ජීවිතයක් වෙත දක්වන අපේක්ෂාව හා තදින් බැඳිය යුතු බව ෂී ජින් පිං ජනාධිපතිවරයා අවධාරණය කරනවා.


ගම් බිම් වලින් ‍පෝෂණය වන චීන සිහිනය


ගුවන් විදුලිය
20241120බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන