ලෝකයේ විශාලත ම මිනිසුන් රහිත වරාය
2018-09-17 16:55:31
Share with:

ලෝකයේ විශාලත ම මිනිසුන් රහිත වරාය

චීනයේ ශංහැයි නගරය චීනයේ මුහුදු ප්‍රදේශය හා අසන්න නගරයක්. 1995 වසරේ සිට ශංහැයි සංවර්ධනය ඉදිරියට ගෙන යාම සඳහා ශංහැයි ජාත්‍යන්තර මුහුදු ප්‍රවාහන සේවා මධ්‍යස්ථානය බිහි කිරීමට චීන රජය තීරණය කළා. ශංහැයි නගරයේ දියඹ වරායක්  නොමැති නිසා නාගරික ප්‍රදේශයෙන් ඈතින් පිහිටි දූපතක දියඹ වරායක් අලුතින් ඉදි කිරීමට ද රජය තීරණය කළේ 2002 වසරේ දී. යාං ෂැන් දියඹ වරාය කුඩා දූපතක ඉදි කළ එම වරායේ නම. එහි තවත් විශේෂත්වයක් පවතිනවා. එම වරායේ සිව් වැනි ව්‍යාපෘතිය ස්වයං මෙහෙයුම් වරායක් ලෙසට ක්‍රියාත්මක කර තිබෙනවා. 

ලෝකයේ විශාලත ම මිනිසුන් රහිත වරාය

එය ලෝකයේ විශාලත ම ස්වයං මෙහෙයුම් සහිත තනි වරාය ලෙසට හැඳින් විය හැකියි. එහි ස්වයං ප්‍රවාහන මෝටර් රථ රැසක් පිළිවෙළින් ගමන් කරන දර්ශනය දක්නට ලැබෙනවා. භූමි යට පවතින හැට දහසකට වැඩි චුම්බක සංවේදක උපකරණ හරහා මෙම මිනිසුන් රහිත ප්‍රවාහන මෝටර් රථ ධාවනය කෙරෙනවා. මෝටර් රථ දෙක හැමවිටම මීටරයකට වැඩි දුර ප්‍රමාණයකින් ගමන් කරනවා. එම වරායේ සේවක සේවිකාවන්ට මෙහෙයුම් කාර්යාලයේ භාණ්ඩ ප්‍රවාහන උපකරණ දුරස්ථ වශයෙන් පාලනය කරන්න පුළුවන්.

මෙවැනි බුද්ධි පද්ධතිය හරහා රාජ්‍යකාරි පරිසරය යහපත් වෙමින් මෙහෙයුම් ගාස්තුව ද අඩු වෙනවා. මෙම වරායේ සිව්වැනි ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පසු ශංහැයි වරායේ වාර්ෂික ප්‍රවාහන ධාරිතාව කන්ටේනර් මිලියන 40 ඉක්වමා ගොස් තිබෙනවා. එම සංඛ්‍යාව සමස්ත ඇමරිකාවේ වරායන්හී වාර්ෂිකව සිදු වන සම්පූර්ණ ප්‍රවාහන ධාරිතාව හා සමානයි.

ලෝකයේ විශාලත ම මිනිසුන් රහිත වරාය



ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන