චීනයේ වැව් ප්‍රධානී ක්‍රමය
2018-01-23 20:08:20
Share with:

චීනයේ වැව් ප්‍රධානී ක්‍රමය

වැව් පාලනය හා ආරක්ෂක කටයුතු වැඩිදුරටත් ශක්තිමත් කිරීම සඳහා මේ වසරේ අග භාගය වන විට රට පුරා වැව් ප්‍රධානී ක්‍රමය සම්පූර්ණයෙන් ම ස්ථාපිත කිරීමට චීනය අපේක්ෂා කරනවා. මේ යටතේ දැඩි පරීක්ෂණ හා ගිණුම් කිරීමේ වගකීම පැහැදිලි කරමින් වැව් ජෛව පරිසරය විනාශ වීම පිළිබඳව යාවජීව වගකීම විමර්ශනය කිරීමේ ක්‍රමය ක්‍රියාත්මක කරනු ඇති බව චීන වාරිමාර්ග උප අමාත්‍ය Zhou Xue wen මහතා පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී පැවසුවා.

වැව්, ගංගා ජල පද්ධතියේ වැදගත් කොටසක්. දිගු කාලයක් තුළ චීනයේ ඇතැම් ප්‍රදේශවල වැව් වටා වී වගා කිරීම, ජල කලාප අත්පත් කරගැනීම යනාදී හේතු නිසා සීමාව ඉක්මවා වැව් දූෂණයට ලක්වෙලා තියෙනවා. මේ නිසා වැව් ප්‍රමාණය අඩු වෙමින් ජල පරිසරය විනාශ වීමේ අවධානමකට මුහුණ දී සිටිනවා. ඒ හේතුවෙන් චීන රජය වැව් ප්‍රධානී ක්‍රමය ස්ථාපිත කිරීම පිළිබඳ ලියවිල්ලක් එළි ‍දක්වා තියෙනවා.

එම ලියවිල්ලට අනුව, මේ වසරේ අග භාගය වන විට, චීනය පුරා පළාත්, නගර, කෝරළ හා ගම්මාන යන සිව් මට්ටමේ වැව් ප්‍රධානි ක්‍රමය සම්පූර්ණයෙන් ස්ථාපිත කළ යුතුයි.  එම ප්‍රදේශවල චීන කොමියුනිස්ට් පක්ෂයේ නිළධාරියා වැව් ප්‍රධානියා ලෙසට තේරී පත් වෙනවා.

චීන වාරිමාර්ග උප අමාත්‍යවරයා එම මාධ්‍ය හමුවේදී වැව් ප්‍රධානීන්ගේ ප්‍රධාන කාර්යයන් 6ක් පැහැදිලි කළා.

වැව් අවකාශය ගවේෂණ හා භාවිත ක්‍රියා දැඩි ලෙස පාලනය කිරීම, වැව් ඉවුරේ කලාපීය පාලනය ශක්තිමත් කිරීම, වැව්වල ජල සම්පත් ආරක්ෂා කොට දූෂණය වැළැක්වීම, වැව්වල ජල පරිසරයේ සංයුක්ත පාලනය තහවුරු කිරීම, වැව් ජෛව පරිසරය අලුත්වැඩියා කොට යහපත් කිරීම සහ වැව් පාලනය පිළිබඳ නීතිමය අධික්ෂණ ක්‍රමය සම්පූර්ණ කිරීම ඊට ඇතුළත් වෙනවා.



Hao/Sheng

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන