එක් තීරයක් එක් මාවතක් පිළිබඳ වැඩපිළිවෙළ මගින් සම්බන්ධ වූ චීන සිහිනය සහ ලෝක සිහිනය
2018-01-10 15:08:21
Share with:

එක් තීරයක් එක් මාවතක් පිළිබඳ වැඩපිළිවෙළ මගින් සම්බන්ධ වූ චීන සිහිනය සහ ලෝක සිහිනය

2017 වසර,“එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර රාජ්‍යතාන්ත්‍රික වේදිකාවේදී වැඩියෙන්ම ඉස්මතු වූ යෙදුමක්. ඒ වසරේ පළමුවැනි “එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගතා නායක සමුළුව බෙයිජිං නගරයේදී සාර්ථක ලෙස පැවැත්වුණා. එම  වසරේ දී“එක් තීරයක් එක් මාවතක්”එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් ලෙසටත් එක් කෙරුණා. 2017 වසරේ Gwadar වරාය, Mombasa Nairobi දුම්රිය මාර්ගය සහ චීන-මියන්මාර බොර තෙල් නළ මාර්ගය යනාදි සංකේතවත් ව්‍යාපෘති කඩිනමින් සංවර්ධනය කරනු ලැබුවා. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ ඉදිරිපත් කෙරුණේ 2013 වසරේදී. මේ වන විට වසර හතරක් ගතවී ති‍‍බෙනවා. එය වඩා වැඩි රටවල පිළිගැනීමට හා අවධානයට ලක් ව තිබෙනවා. එය මේ වන විට ඉතාමත් ප්‍රසාදයට ලක් වූ ජාත්‍යන්තර මහජන නිෂ්පාදිතයක් මෙන්ම අපූර්ව ඉදිරි දර්ශනයක් සහිත ජාත්‍යන්තර සහයෝගතා වේදිකාව බවට පත් වෙලා තිබෙනවා.

2013 වසරේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතා“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ ඉදිරිපත් කිරීමෙන් පසු චීනය පොදු සාකච්ඡා, පොදු සංවර්ධනය සහ ප්‍රතිලාභ පොදුවේ බෙදාදීම යන මූලධර්මය මත විවිධ රටවල් සමග සහයෝගතා පවත්වා තිබෙනවා. වසර හතරක් පුරා එම දැක්ම සැබෑවක් බවට පත් වෙලා. “එක් තීරයක් එක් මාවතක්”චීනය විසින් ඉදිරිපත් කළ නමුත් ලෝකයේ විවිධ රටවලට ඉන් ප්‍රතිලාභ පොදුවේ බෙදා ගත හැකි බව ෂී ජින් පිං මහතා බොහෝ අවස්ථාවල  පවසා තිබෙනවා.

ආසියාව, යුරෝපය, අප්‍රිකාව සහ ඇමෙරිකා මහද්වීපය සමස්ත වශයෙන්“එක් තීරයක් එක් මාවතක්”සංවර්ධන සහයෝගතාවේ හවුල්කාරුවන්.

“එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ 2017 වසරේ බොහෝ අවස්ථාවලදී විදේශ රටවල නායකයන් සඳහන් කළ ප්‍රධාන තේමාවක් බවට පත් වුණා.

යුරෝපා- ආසියා ආර්ථික සන්ධානය, “එක් තීරයක් එක් මාවතක්”සහ ශැංහයි සහයෝගතා සංවිධානය ප්‍රායෝගිකව අංග සම්පූර්ණයෙන් සැලසුම් කිරීමෙන් යුරෝපා-ආසියා ඒකීකරණය වර්ධනය වීම ඉදිරියට මෙහෙයවනු ඇති බව රුසියානු ජනාධිපති වැලැඩ්මීර් පුටීන් මහතා පැවසුවා. ඔහු සඳහන් කළ පුරිදි, “එක් තීරයක් එක් මාවතක්”යන වැඩපිළිවෙළ සහ එය ක්‍රියාත්මක කිරීමේ විධිවිධාන පිලිබඳව රුසියාව අවධානය යොමු කරනවා. විවිධ පාර්ශ්වයන් සමග අංගසම්පූර්ණ හමුල්කාරි සබඳතා ඇති කිරීමට අපේක්ෂා කෙරෙනවා.

ඉතාලිය “එක් තීරයක් එක් මාවතක්”ගැන දැඩි රුචියක් දක්වන බව ඉතාලි ජනාධිපති Sergio Mattarella මහතා පැවසුවා. ඉතාලියේ වරායන් හා භාණ්ඩ ප්‍රවාහන පද්ධතිය අධිකම කාර්යක්ෂමතාවෙන් චීන සේද මාවත යුරෝපයේ මධ්‍යස්ථානයට පිවිසීමට අවසාන සහතිකය සපයනු ඇති බව විශ්වාස කරන බව හෙතෙම පැවසුවා. ඒ සමගම ඉතාලියේ වරාය පද්ධතිය සේද මාවත මධ්‍යම යුරෝපයට හා මැද පෙරදිග ප්‍රදේශයට පැතිර යෑමට වැදගත් කාර්යභාර ඉටු කළ හැකි බව ද ඔහු පෙන්වා දුන්නා.

මාලදිවයිනේ ජනාධිපති Abdulla Yameen මහතා පැවසුවේ, චීනයේ  “එක් තීරයක් එක් මාවතක්”සහයෝගතා මුලපිරුමෙන් මාලදිවයින ඇතුළු කුඩා රටවලට පොදුවේ ප්‍රතිලාභ හිමිව තිබෙන බවයි. චීනය සමග වැඩිදුරටත් සහයෝගතා පැවැත්වීම මාලදිවයිනේ බලාපොරොත්තුව බව ද හෙතෙම සඳහන් කළා.

2017 වසර “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනයට තීරණාත්මක වසරක් බව අදාළ ශාස්ත්‍රඥයෙක් අදහස් කරනවා.

ගෙවී ගිය 2017 වසරේ “එක් තීරයක් එක් මාවතක්”වැඩපිළිවෙළ පිළිබඳ වැදගත් ව්‍යාපෘති සහ සංකේතවත් සිදුවීම් බොහොමයක් සිදු වූ බැවින් 2017 වසර “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනයේ තීරණාත්මක වරයක් බව චීන ශාස්ත්‍රඥයෙකු වන වං යී වේ මහතා පැවසුවා.

ඔහු සඳහන් කළ පරිදි, Mombasa Nairobi දුම්රිය මාර්ගය 2017 වසරේ විවෘත කෙරුණා. එය පෙරදිග අප්‍රිකාවට මුහුදු මෝය සොයා ගැනීමට උපකාර කිරීමක්. එවගේම Addisababa Djibouti දුම්රිය මාර්ගය සාර්ථක ලෙස අත්හදා බැලීම ආරම්භ වුණා. එය අප්‍රිකාවේ පළමුවැනි විදුලි දුම්රිය මාර්ගයයි. ඒ සමගම චීන-යුරෝපා දුම්රිය කළින් තිබූ 4000කට වැඩි ප්‍රමාණයක සිට 2017 වසරේ 6000කට වැඩි ප්‍රමාණයක් දක්වා වර්ධනය වුණා. ලෝකයේ 90%ක වෙළඳ භාණ්ඩ සාගර මගින් ප්‍රවාහනය කිරීමේ සාම්ප්‍රදාය එමගින් වෙනස් වී තිබෙනවා.ඒ හැරෙන්නට, චීන-ලාඕස දුම්රිය මාර්ගය, චීන-තායිලන්ත දුම්රිය මාර්ගය සහ චීන-මලයාසියා වරාය සන්ධානය ඇතුළු ව්‍යාපෘති රැසක් 2017 වසරේ ආරම්භ වුවා හෝ භාවිතයට පත් වුණා.

මේ වන විට චීනය රටවල් හා සංවිධාන 80ක් සමග “එක් තීරයක් එක් මාවතක්”පිළිබඳ සහයෝගතා ගිවිසුම්වලට අත්සන් තබා ති‍බෙනවා. චීනය 30කට වැඩි රටවල් සමග ක්‍රමවේද බලශක්ති සම්පත් නිෂ්පාදන සහයෝගතා පවත්වනවා. අදාළ රටවල් 24ක් තුළ විදේශීය ආර්ථීක හා වෙළඳ සහයෝගතා කලාප 75ක් සංවර්ධනය කිරීමට චීනය උත්සාහ දරා තිබෙනවා. චීන ව්‍යාපාර අදාළ රටවලට වෙන් කර ඇති සමස්ත ආයෝජන ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 50කට අධිකයි. එයින් රැකියා නියුක්ති අවස්ථා ලක්ෂ 2ක් නිර්මාණය කෙරෙනවා.

“එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනයට 2017 වසරේ තීරණාත්මක කාර්යයන් දෙකක් සිදු වුනා.

ඉන් පළමුවැන්න, ගෙවී ගිය වසරේ මාර්තු මාසයේ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය අංක 2344 යෝජනාව  සම්මත කිරීම. “පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව”යන සංකල්පය ප්‍රථම වතාවට එම යෝජනාවට ඇතුළත් වුණා. “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනය කිරීමෙන් කලාපීය ආර්ථික සහයෝගතා පුළුල් කරන ලෙස එම යෝජනාව ජගත් ප්‍රජාවෙන් ඉල්ලීමක් කරනවා.

දෙවැන්න, චීන කොමියුනිස්ට් පක්ෂයේ 19වැනි ජාතික නියෝජිත සම්මේලනය බෙයිජිංහිදී පැවැත්වීමයි. එහිදී“එක් තීරයක් එක් මාවතක්”  වැළපිළිවෙළ චීන කොමියුනිස්ට් පක්ෂයේ ව්‍යාවස්ථාවට නිළ වශයෙන් ඇතුළත් කෙරුණා.

“එක් තීරයක් එක් මාවතක්”චීනයට විතරක් නෙමෙයි ලෝකයේ විවිධ රටවලට ද ‍අන්‍යෝන්‍ය යහපත හා පොදු ජයග්‍රහණ දිනා ගැනීමේ අවස්ථා සපයා දී තිබෙන බව වං යී වේ මහතා පැවසුවා. වත්මන් ලෝකයේ වර්ධන ප්‍රවණතාව, 21වැනි සියවසේ සංවර්ධන වටිනාකම් පිළිබඳ සංකල්පය සහ විවිධ රටවල පුළුල්තම සහයෝගතා සොයා ගැනීමේ පොදු අදහස් එම මුලපිරුමෙන් පිළිබිඹු වන බව වං යී වේ මහතා  ප්‍රකාශ කළා.

2018 වසරේ චීනය “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනය සම්පූර්ණයෙන්ම ඉදිරියට ගෙන යමින් අන්‍යෝන්‍ය යහපත හා සහයෝගතා මගින් විවිධ රටවල ජනතාවට සුභ සෙත සැලසීමට අපේකෂා කරන බව චීන විදේශ ඇමති වං යී මහතා පවසා තිබෙනවා.



Hao/Sheng

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන