ටිබේටයේ Qie wa ප්‍රදේශයේ වැසියන් සුවපහසු සමාජයක් ගොඩනැගීම සඳහා සමගිව එක්ව උත්සාහ දැරීමේ කතන්දරයයි
2018-01-05 15:45:25
Share with:

ටිබේටයේ Qie wa ප්‍රදේශයේ වැසියන් සුවපහසු සමාජයක් ගොඩනැගීම සඳහා සමගිව එක්ව උත්සාහ දැරීමේ කතන්දරයයි

චීනයේ ටිබේට් ස්වායත්තයේ Ri ka ze නගරයේ පිහිටි Qie wa , ටිබෙට්, හැන්, හුවේ, යී සහ සා ලා යන ජාතීන් රැසක් සාමූහිකව ජීවත් වන ප්‍රදේශයක්. ඔවුන් මෙහි සමගියෙන් වැඩ කරමින් ජීවත් වෙනවා. ‍ Qie wa ප්‍රාදේශීය රජය එම ජාතින් අතර සමගිය ඉතා වැදගත් කොට සළකනවා. ජාතික සමගිය තහවුරු කිරීම, සමාජ ස්ථාවරත්වය හා ආර්ථික සංවර්ධනය ආරක්ෂා කිරීමේ වැදගත් පියවරක් බව, එහි රජය අදහස් කරනවා.

Qie wa ප්‍රදේශයට පරිපාලන ගම්මාන 8ක් හා ස්වාභාවික ගම්මාන 43ක් අයත් වෙනවා. එම ප්‍රදේශයේ සමස්ත ජනගහණය 4294ක්. පරිපාලන ගම්මාන 8ක පවුල් 37ක් ගනු ලැබූ සාමූහික උත්සාහයන් නිසා ඔවුන් ආර්ථික වශයෙන් ශක්තිමත් වී යහපත් ජීවිතයක් ගත කරනවා. ඒ නිසයි ඔවුන් අනෙකුත් ගම්මානවලට ආදර්ශයක් වී තිබෙන්නේ.

Qie wa ප්‍රදේශයේ Pu na ගම්මානයේ පවුල් 54ක් සිටිනවා. ඔවුන් ප්‍රදේශයේ වෙනත් දිළිඳු ගම්මාන වලින් Pu na ගම්මානයට සංක්‍රමණය වී ජීවත් වන පිරිසක්. නමුත් මීට පෙර ඔවුන් අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකාව හඳුනන්නේ නෑ. Pu na ගම්මානයට සංක්‍රමණය වුණාට පසුව ඔවුන් අතර ගොඩනැගුණු සුහදතාවයත් අන්‍යෝන්‍ය බැඳීමත් නිසා එකිනෙකාට සුහදව උපකාර කර තිබෙනවා. ඒ අනුව, ඔවුන් අතර අවංක හා මනා සබඳතාවක් නිර්මාණය වුණා.

ඒ වගේම විදේශීය ප්‍රදේශ වලින් Pu na ගම්මානයට පැමිණ සිටින ව්‍යාපාරිකයින්ගේ බලපෑමෙන් එහි වැසියන්ගේ වාණිජ හා වෙළඳ සංකල්පය වර්ධනය වුණා. එම ගම්මානයේ පවුල් 20ක් පමණ තමන්ගේම වෙළඳසල් විවෘත කළා. එයින් ඒ පවුල්වල ආදායම් ක්‍රමයෙන් වැඩි වුණා.

මෑත වසර කිහිපය තුළ Qie wa ප්‍රදේශයේ විශාල විපර්යාසයක් සිදුව තිබෙනවා. ඒ තුළ සමාජ ස්ථාවරත්වය මෙන්ම ආර්ථික සමෘද්ධිය ද පෙනුම් කෙරෙනවා. 2016 වසරේ Qie wa ප්‍රදේශයේ ආර්ථිකයේ සමස්ත ආදායම යුවාන් කෝටි 4000 කට අධිකයි. 

ප්‍රදේශයේ ජනතාව ඔවුන්ගේ උත්සාහයෙන් සුවපහසු සමාජයක් ගොඩනැගීම සඳහා විශාල දිරිගැන්වීමක් හා විශාල අනුබලයක් අඛණ්ඩව ලබා දෙන බව, Qie wa ප්‍රදේශීය රජය පවසනවා.



Hao/Sheng

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන