චීන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවක්
2017-12-15 11:15:05
Share with:

චීන ජනාධිපතිවරයා චීනයේ ජ්‍යාං සූ පලාතේ ෂූයි චෞ නගරයට පසුගිය දා පැමිණියේ නිරීක්ෂණ චාරිකාවක් සඳහායි. එතුමා චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පැවැත්වීමෙන් පසු සිදු කළ ප්‍රථම ප්‍රාදේශීය නිරීක්ෂණ චාරිකාව ද මෙයයි. එම නගරයේ කර්මාන්ත සමූහයක්, කඩා වැටුණූ ගල් ඇඟුරු පතල් ප්‍රතිසංවර්ධන කලාපය සහ ගම්මානයක් ඇතුළු ස්ථාන චීන ජනාධිපති ෂී ජින් පිං මහතා නිරීක්ෂණය කළා.


චීන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවක්

ෂූයි චෞ ව්‍යාපෘති යන්ත්‍රෝපකරණ සමූහය ලෝකයේ ප්‍රථම ව්‍යාපෘති යන්ත්‍රෝපකරණ සමාගම් 10 අතරින් එකක්. එම සමූහයට පැමිණි චීන ජනාධිපතාවරයා චීනය මහ රටක් වශයෙන් නිෂ්පාදනයන් වගේම සැබෑ කාර්මාන්ත ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉහළ අවධානයක් යොමු කළ යුතු බව සඳහන් කළා. නිෂ්පාදන කර්මාන්තය දියුණු කර ගැනීම අනිවාර්ය දෙයක්. නිර්මාණශීලිත්වය හරහා කෙන්ද්‍රීය තාක්ෂණය පරිහරණය කිරීම වර්තමානයේ විශේෂයෙන් ම කළ යුතු දෙයක් බව ද එතුමා පැවසුවා.


චීන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවක්

එම නිරීක්ෂණ චාරිකාවේදී ෂී ජින් පිං මහතාගේ විශේෂ අවධානය‍‍ට ලක්වූ තවත් ප්‍රදේශයක් තිබුණා. ඒ තමයි විශේෂ තෙත් බිම් උද්‍යානය. එම උද්‍යානය කළින් ගල් ඇඟුරු පතලක් වශයෙනුයි පැවතුණේ. එම පතල කඩා වැටීමෙන් පසු එය දැන් සුන්දර තෙත් බිම් උද්‍යානයක් බවට පරිවර්තනය වී ඇති අයුරු දකින්න පුළුවන්.


චීන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවක්

ෂී ජින් පිං මහතාගේ මෙම නිරීක්ෂණ චාරිකාවේ අවසන් නැවතුම වුණේ ෂූ චෞ නගරයට අයත් ගම්මානයක්. එම අවස්ථාවේදී කෘත්‍රිම ලෙස නිෂ්පාදනය කරන ලද විශේෂ සුවඳැති මලු එතුමා දැක්කා. ගම්මාන වැසියන් නිෂ්පාදනය කරන මෙවැනි කෘත්‍රිම නිර්මාණ සුන්දර යැයි එතුමා එහිදී අගය කළා. එහි වැසියන් එවැනි මල්ලක් තෑග්ගක් වශයෙන් ජනාධිපතිතුමාට පිරිනැමූ අවස්ථා‍වේ ෂී ජින්පිං මහතා ඒ වෙනුවෙන් යුවාන් තිහක් ගෙවිය යුතුය යන ස්ථාවරත්වයේ රැඳී සිටියා.  එපමණක් නොව, එතුමා එහිදී අවධාරනය කළේ ගම්ම්මානයක් මනා ලෙස සංවර්ධනය කිරීමට හොඳ ගම් සභාවක් අත්‍යවශ්‍ය බවයි. චීන කොමියුනිස්ට් පක්ෂයේ එම ගම්මානයේ කමිටුව සහ ගම්මාන ප්‍රධානියාගේ ප්‍රමුඛත්වයෙන් ගම්මානයේ සංවර්ධන කටයුතු තවදුරටත් ඉදිරියට ගෙන යනු ඇතැයි බලාපොරොත්තු වන බව හෙතෙම පැවසුවා. 


චීන ජනාධිපතිවරයාගේ නිරීක්ෂණ චාරිකාවක්


Shi  Sheng



ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන