ශ්‍රී ලංකා ආර්ථිකයට රුකුලක් වෙමින් හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත නිල වශයෙන් පැවරේ
2017-12-12 17:20:26
Share with:

ශ්‍රී ලංකාව එක්  තීරයක් එක් මාවතක් වැඩපි‍ළිවෙලට එක් වෙමින් හම්බන්තොට වරායේ මෙහෙයුම් චීන -ශ්‍රීලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙසට ආරම්භ කෙරේ.

පසුගිය දෙසැම්බර් 9 වැනි දින ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ පැවති එම පැවරුම් උත්සවයේදී සඳහන් කළේ ඉන්දීය සාගරයේ කේන්ද්‍රස්ථානය බවට පත්වීමේ ශ්‍රී ලංකාවේ සංකල්පයට හම්බන්තොට වරාය එක් වනු ඇති බවය.

හම්බන්තොට ජාත්‍යන්තර වරාය සේවා සමාගම විසින් ශ්‍රී ලංකා වරාය සංවර්ධන අධිකාරියේ ද සහයෝගය ඇතිව එහි තත්ත්වය වැඩි දියුණු කරමින් හම්බන්තොට වරාය වාණිජ වශයෙන් වැදගත්කමක් ඇති වරායක් ලෙස සංවර්ධනය කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ඩොලර් බිලියන 1.12 ක ආයෝජනයකි. ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව මූලික මුදලක් වශයෙන් චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම විසින් ශ්‍රී ලංකා රජයට ගෙවිය යුතු මුදලෙන් 30% ක් වන ඇමෙරිකානු ඩොලර් මිලියන 292 ක චෙක්පත මහා භාණ්ඩාගාරයට භාර දීම ද සිදු විය.

ශ්‍රී ලංකා ආර්ථිකයට රුකුලක් වෙමින් හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත නිල වශයෙන් පැවරේ


මේ සමඟම දෙරටේ සහයෝගය ඇතිව නව ආර්ථික කලාපයක් ඇති කිරීමට පියවර ගැනේ.

හම්බන්තොට වරාය කළමනාකරණය කිරීම සහ සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ක්‍රියා කරන චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම (China Merchant Port Holdings) සඳහන් කර සිටින්නේ, හම්බන්තොට වරාය ඉන්දීය සාගර කලාපයේ අපනයනය සිදු කරන මධ්‍යස්ථානයක් මෙන්ම පූර්ණ මෙහෙයුම් සම්ප්‍රේෂණය සිදුකරන කේන්ද්‍රස්ථානයක් ලෙස ඉදිරියේදී හැඳින්විය හැකි බවය. මෙය චීනය, දකුණු ආසියානු රටවල් සමඟ ගොඩනගනු ලබන සබඳතාවන්ට මනා අත්තිවාරමක් වශයෙන් ද සැළකිය හැකි ය.

ලොව දෙවැනි ආර්ථිකයට හිමිකම් කියන චීන ආර්ථිකය සමඟ සම්බන්ධ වීම මඟින් ශ්‍රී ‍ලංකාවට විශාල ප්‍රතිලාභයන් ඉදිරියේදී අපේක්ෂා කෙරේ. සංචාරක ව්‍යාපාරයේ අනාගත දියුණුවට ද මෙය මනා අවස්ථාවකි. චීනයේ එක් තීරයක් - එක් මාවතක් වැඩපළිවෙලේ වැදගත් අවස්ථාවක් ලෙස මෙය පෙන්වා දිය හැකිය.  2013 වර්ෂයේදී චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විසින් යෝජනා කරන ලද, එක් තීරයක් - එක් මාවතක් වැඩපිළිවෙළට චීනය ඩොලර් බිලියන 560 ක් ආයෝජනය කර තිබේ. එය ඓතිහාසික අවස්ථාවකි. ඒ අනුව, පසුගිය සිව් වසර පුරා ගෝලීය සංවර්ධනය හා සම්බන්ධීකරණය සඳහා චීනය සැළසුම් සහගතව ක්‍රියා කළේය. රටවල් 100 කට වඩා වැඩි ප්‍රමාණයක් සහ අන්තර්ජාතික සංවිධාන වලින් මේ සඳහා සහයෝගය ලබා දී ඇති අතර, ඉන් රටවල් 40 ක් පමණ චීනය සමඟ සහයෝගතා ගිවිසුම් කිහිපයකට ද මේ වන විට අත්සන් කර ඇත. ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, පාකිස්ථානය, නේපාලය සහ මියන්මාරය මේ වන විටත් චීනයේ සහභාගීත්වයෙන් විශාල ප්‍රතිලාභ ලබා තිබේ.

ශ්‍රී ලංකා ආර්ථිකයට රුකුලක් වෙමින් හම්බන්තොට වරාය චීන සමාගමක් වෙත නිල වශයෙන් පැවරේ


ශ්‍රී ලංකාවේ ආර්ථිකය තුළ චීනය හා ශ්‍රී ලාංකා ද්වි - මාර්ගික වෙළඳාම මඟින් 2016 වර්ෂයේදී ඩොලර් බිලියන 4.4 ඉක්මවූ ප්‍රතිලාභයක් ලබා තිබේ. ශ්‍රී ලංකාවේ විශාලතම වෙළඳ සහකරු හා විශාලතම ආනයන වෙළෙඳපළ වන්නේ චීනයය. මේ වසරේ සැප්තැම්බර් වන විට ශ්‍රී ලංකාවට ලැබුණු සෘජු විදේශ ආයෝජන වලින් සියයට 35 ක් චීනය විසින් සපයා ඇත. 2017 වසරේ සෘජු ආයෝජනය ඩොලර් බිලියන 1.36 කි. රට තුළ රැකියා 100,000 ක් නිර්මාණය කිරීම සඳහා ඉදිරි වසර තුනේ සිට පහ දක්වා කාලයේදී  චීනය ඩොලර් බිලියන 5 ක් ආයෝජනය කිරීමට ද අපේක්ෂා  කරයි.

හම්බන්තොට වරාය කොළඹ සිට කිලෝමීටර් 240 ක් දුරින් දකුණු වෙරළ තීරයේ පිහිටි ගැඹුරු වරයක් වශයෙන් හැඳින්වේ.  අනාගතයේදී මේ වරාය ආසියාව, අප්‍රිකාව, මැදපෙරදිග සහ යුරෝපය හරහා වෙළඳාම මෙන්ම ආර්ථික හා සංස්කෘතික සහයෝගතාවන්හි ප්‍රධාන සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් වශයෙන් කටයුතු කෙරෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.


nisansala   shi

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන