හරිත ඇසුරුම් භාවිත කිරීමට සුදානමින් සිටින චීනයේ අන්තර්ජාල භාණ්ඩ වෙළඳුන්
2017-11-21 13:51:25
Share with:

ගතවූ වසර දෙකක කාලයේ සිට චීනයේ අන්තර්ජාල වාණිජ ආර්ථිකය සීඝ්‍රයෙන් සංවර්ධනය වෙමින් පවතිනවා. ඒ සමඟම අන්තර්ජාලයෙන් භාණ්ඩ මිළදී ගැනීම, භාණ්ඩ ප්‍රවාහන කර්මාන්තය, සීඝ්‍රගාමී පාර්සල් යැවීම සහ ආහාර රැගෙන යාම යන ව්‍යාපාර වේගවත්ව වර්ධනය වී තිබෙනවා. නමුත් ඊට අදාළ ව්‍යාපාර හා භාණ්ඩ ඇසුරුම් සඳහා ප්ලාස්ටික් බෑග් හෝ කඩදාසි පෙට්ටි විශාල ප්‍රමාණයක් භාවිත කරනවා. පසුගිය වසරේ චීනයේ සීඝ්‍රගාමී පාර්සල් යැවීමේ කර්මාන්තයට පමණක් ප්ලාස්ටික් බෑග් බිලියන 14 .7 ක් භාවිත කර තිබෙනවා. මෙමඟින් පරිසරයට සිදුවූ හානිදායක තත්ත්වය පිළිබඳ චීන රජය විශේෂ අවධානයක් යොමු කළා. 2008 වසරේ සිට ප්ලාස්ටික් බෑග් භාවිතය පාලනය කිරීමේ නීතිය චීනය නිකුත් කළා. නමුත් ප්ලාස්ටික් බෑග් පාලනය තවමත් අයහපත් තත්ත්වයක පවතිනවා. එම ගැටළුව විසඳා ගනිමින් පරිසරය සුරක්ෂිත කිරීම සඳහා මෑතකදී චීන ජාතික තැපල් දෙපාර්තමේන්තුව ඇතුළු දෙපාර්තමේන්තු රැසක් එකතුවී විශේෂ නිවේදනයක් නිකුත් කළා. එම නිවේදනයට අනුව, 2020 වසර වන විට පරිසර හිතකාමි හරිත ඇසුරුම්, ප්ලාස්ටික් බෑග් භාවිතයට කිරීමේ අනුපාතයට වඩා සියයට 50 කින් වැඩි විය යුතුයි. එමෙන්ම මේ වන විට ඒ සම්බන්ධව විවිධ පියවරයන් රැසක් ගෙන තිබෙනවා.දැනට බො‍හෝ අන්තර්ජාල අළෙවි ව්‍යාවසායකයින් ප්‍රතිචක්‍රීයකරණය කළ හැකි හරිත ඇසුරුම් භාවිත කිරීමට කැමැත්තෙන් සිටිනවා.

හරිත ඇසුරුම් භාවිත කිරීමට සුදානමින් සිටින චීනයේ අන්තර්ජාල භාණ්ඩ වෙළඳුන්

හරිත ඇසුරුම් භාවිත කිරීමට සුදානමින් සිටින චීනයේ අන්තර්‍ජාල භාණ්ඩ වෙළඳුන්

හරිත ඇසුරුම් භාවිත කිරීමට සුදානමින් සිටින චීනයේ අන්තර්ජාල භාණ්ඩ වෙළඳුන්

හරිත ඇසුරුම් භාවිත කිරීමට සුදානමින් සිටින චීනයේ අන්තර්‍ජාල භාණ්ඩ වෙළඳුන්

 

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන