චීනයේ සංවර්ධනය ඉන්දීය ව්‍යාපාරිකයෙකුගේ ඇසින්
2017-11-10 10:05:56
Share with:

චීනයේ සංවර්ධනය ඉන්දීය ව්‍යාපාරිකයෙකුගේ ඇසින්

චීනයේ ඉන්දියා කර්මාන්ත හා වාණිජ ඒකාබද්ධ කමිටුවේ විධායක අධ්‍යක්ෂ අතුල් දලාකොටී මහතා චීනයේ වසර 40කට වැඩි කාලයක් ජීවත් වී සිටින අයෙක්. ඔහු චීන-ඉන්දියා වෙළඳාම දියුණු කිරීම සඳහා ක්‍රියාකාරකම් රැසක් පවත්වා තිබෙනවා. ඒ හරහා දෙරටේ ආර්ථික හා වෙළඳ හුවමාරු ප්‍රායෝගිකව ඉදිරියට මෙහෙයවා තිබෙනවා.

1956 වසරේ රාජකාරි කටයුත්තක් සඳහා දලාකොටී මහතාගේ දෙමව්පියන් පළමු වතාවට චීනයට පැමිණියා. 1970 වසරේ පුංචි ළමයෙකු ව සිටි දලාකොටී දෙමව්පියන් සමඟ චීනයට පැමිණියා. ඔහු පැවසුවේ චීනය ඒ කාලයේ ඉතා දිළිඳු රටක් බවයි.

දිගු කාලයක් චීනයේ ජීවත් වන අලාකොටී මහතා චීනයේ සිදු වූ විශාල විපර්යාස අවබෝධ කරගෙන තිබෙනවා. චීනයේ විවෘතභාවය, ආයෝජන ප්‍රතිපත්ති සහ පහසු ආයෝජන පරිසරය විදේශ රටවල ආයෝජකයන් රැසක් ආකර්ෂණය කර තිබෙනවා. චීනය සංවර්ධනය වෙමින් පවතින රටවලට හොඳ ආදර්ශයක් බව ඔහු පවසනවා. ඉන්දියාව චීනයේ සීඝ්‍ර සංවර්ධන අත්දැකීම් ඉගෙන ගත යුතු බව ඔහුගේ අදහසයි.

වර්තමානයේ චීනයේ ඉන්දියා කර්මාන්ත හා වාණිජ ඒකාබද්ධ කමිටුවේ විධායක අධ්‍යක්ෂවරයා වන අතුල් දලාකොටී මහතා, ඉන්දීය ව්‍යාපාර හා චීන ව්‍යාපාර සහයෝගතා පැවැත්වීමට පාලමක් සකස් කර තිබෙනවා. ගෙවී ගිය වසර 15ක් තුළ චීන-ඉන්දියා දෙරට වෙළඳ ප්‍රමාණය විශාල පරිමාණයෙන් ඉහළ ගොස් තිබෙනවා. ඔහු පැවසුවේ චීනය හා ඉන්දියාව අතර සහයෝගීතාවට අපූරු අනාගතයක් තිබෙන බවයි. චීන හා ඉන්දියා දෙරට ජනතාව අත්වැල් බැඳගෙන ද්විපාර්ශ්වික වෙළඳ සංවර්ධනය පොදුවේ ඉදිරියට ගෙන යා යුතු බව ද ඔහු පවසනවා.

චීනයේ වසර 40කට වැඩි කාලයක් ජීවත් වී ඇති අතුල් දලාකොටී මහතා චීනයේ සීඝ්‍ර වර්ධනය සියැසින් දැකලා තියෙනවා. එමෙන්ම ඔහු චීනයේ අනාගතය ගැන දැඩි අවධානයට යොමු කරනවා. පසුගිය මාසයේ පැවති චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියොජිත සම්මේලනය සම්බන්ධයෙන් ඔහු දැඩි රුචියක් දැක්වුවා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ප්‍රමුඛ චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ නායකත්වය යටතේ චීනය වඩා සමෘද්ධිමත් හා අලංකාර රටක් බවට පත් වනු ඇති බවට ඔහු විශ්වාස කරනවා. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන