චීනයේ බලශක්ති පිරිමැසීමේ ආර්ථිකය
2017-11-10 08:52:17
Share with:

චීනයේ බලශක්ති පිරිමැසීමේ ආර්ථිකය

චීනයේ බලශක්ති පිරිමැසීමේ ආර්ථිකය


ආර්ථික වර්ධනයට බලශක්ති සැපයුම ප්‍රබල අවශ්‍යතාවක්. එහෙත් පසුගිය දා චීන රාජ්‍ය සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කමිටුව ප්‍රකාශ කළේ වත්මන් චීන ආර්ථික වර්ධනය බලශක්ති මත යැපීම කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බවයි. නිෂ්පාදන ක්‍රමය වඩාත් හරිතකරණය කරමින් අවකාබන් පාරිභෝගික රටාවක් ගොඩ නැගීමට පියවර ගන්නා බව එම කමිටුව සඳහන් කර තිබෙනවා.

බලශක්ති හිඟය පවතින අද කාලයේ බලශක්ති පිරිමැසීම හා බලශක්ති ඒකකයේ උපයෝගිතාව ඉහළ නංවාලීම , ජාත්‍යන්තර වශයෙන් පිළි ගන්නා ලද ආදර්ශවත් බලශක්ති පරිභෝජන ක්‍රමයයි. චීනය දිගුකාලීන ව පැවති බලශක්ති පරිභෝජන සාම්ප්‍රදාය මෙම ක්‍රමයට අනුගත කර බලශක්ති පිරිමැසීමේ ආර්ථිකයක් හැඩ ගැස්වීමට උත්සාහ දරමින් සිටිනවා. වසර 2005ත් 2016ත් අතර කාලය තුළ චීනය දළ දේශීය නිෂ්පාදිත ඒකකයක් සඳහා පරිභෝජනය කළ බලශක්තිය 37.3%කින් අඩු කර ප්‍රමිතිගත ගල් අඟුරු ටොන් බිලියන 1.8ක් ඉතිරි කර තිබෙනවා. එමගින් කාබන් ඩයොක්සයිඩ් ටොන් බිලියන 40ක් විමෝචනය කිරීම වැළැක්වීමට චීනය සමත් වුණා. එබැවින් එම කාල සීමාව තුළ ලෝකයේ බලශක්ති පිරිමැසීම වෙනුවෙන් චීනය වැඩිම දායකත්වය ලබා දුන්නා. ගෝලීය හරිත අවකාබන් ආර්ථිකය වෙනුවෙන් ද චීනය වැදගත් සේවයක් ඉටු කර තිබෙනවා.

වසර 2020 වන විට දළ දේශීය නිෂ්පාදිත ඒකකය සඳහා පරිභෝජනය කරන බලශක්ති ප්‍රමාණය 2015 වසරට වඩා 15%කින් ද කාබන් ඩයොක්සයිඩ් විමෝචනය 17%කින් ද පහත දැමීම, චීනයේ මීළඟ බලශක්ති පිරිමැසීමේ අරමුණක්. වසර 2020 වන විට සමස්ත බලශක්ති පරිභෝජනය ප්‍රමිතිගත ගල් අඟුරු ටොන් බිලියන 5කට අඩු මට්ටමින් සීමා කිරීමට චීනය බලාපොරොත්තු වෙනවා. එමගින් චීනය බලශක්ති පිරිමැසීමේ ආර්ථිකය වඩාත් ශක්තිමත් කරනු ඇත.  

 

Sheng     

 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන