“එක් තීරයක් එක් මාවතක්”හරහා ක්‍රියාත්මක නාගරික සංවර්ධනය
2017-11-01 08:37:06
Share with:

“එක් තීරයක් එක් මාවතක්”හරහා ක්‍රියාත්මක නාගරික සංවර්ධනය

චීන කොමියුනිස්ට් පක්ෂයේ 19 වැනි ජාතික නියෝජිත සම්මේලනය පසුගිය නොවැම්බර් මාසයේ බෙයිජිංහිදී පැවැත්වුණා. චීන ජනාධිපති ෂී ජින් පිං මහතා සම්මේලනයේදී ඉදිරිපත් කළ වාර්තාවේ “එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගතා පිළිබඳ සැලසුම් සම්බන්ධයෙන් චීන ජනතාවගේ අවධානය යොමුව තිබෙනවා. පසුගිය වසර කිහිපයක් තුළ චීන ජනතාවට “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනයෙන් පහසුකම් හා ප්‍රතිලාභ රැසක් ලැබී තිබෙනවා. රටේ සංවර්ධනය නව යුගයට පිවිසීමෙන් පසු තමන් සිටින නගරයේ අනාගතය වඩා අපූරු වනු ඇතැයි ඔවුන් බලාපොරොත්තු වෙනවා.

චීනයේ ච ච්‍යං පලාතේ යී වු නගරයේ සිට ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් දක්වා දිවෙන චීන-යුරෝපා දුම්රිය 2014 වසරේ නොවැම්බර් මාසයේ ප්‍රථම වතාවට ධාවනය කරනු ලැබුවා. එම දුම්රිය මාර්ගය “එක් තීරයක් එක් මාවතක්”ජාත්‍යන්තර සහයෝගිතාවේ සක්‍රීය කාර්යභාරයක් ඉටු කොට තිබෙනවා. “එක් තීරයක් එක් මාවතක්”සංවර්ධනය වැදගත් කොට සලකා පොදු සංවර්ධනය, පොදු සාකච්ඡා සහ ප්‍රතිලාභ පොදුවේ බෙදාදීම යන මූලධර්මය මත නිර්මාණශීලි සහයෝගතා පුළුල් කළ යුතු බව සම්මේලනයට ඉදිරිපත් කළ වාර්තාව පෙන්වා දුන්නා.

ඒ පිළිබඳව යී වු නගරයේ ටියැන් මෙං සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල ප්‍රධානී ෆෙං සියු බින් මහතා පැවසුවේ, රටේ ප්‍රතිපත්ති ක්‍රමයෙන් වඩා ස්ථාවර වනු ඇතැයි බලාපොරොත්තු වන බවයි. යී වූ නගරය යුරෝපා හා ආසියා රටවලට අපනයන කිරීමේ වෙළඳාම අඛණ්ඩ ලෙස වර්ධනය වෙමින් යී වූ හි වෙ‍ළෙඳ සැල්වල යුරෝපා හා ආසියා රටවල නිෂ්පාදිතයන් බහුලව දැකිය හැකි වනු ඇති බව ෆෙං සියු බින් මහතා සදහන් කළා.

චීනයේ ච්‍යං සූ පලාතේ ලියැන් යුන් ගං නගරය වරාය නගරයක්. 2014 වසරේදී චීන-කසක්ස්ථාන භාණ්ඩ බෙදා හැරීමේ සහයෝගතා මධ්‍යස්ථානය එහිදී ආරම්භ කෙරුණා. එය“සේද මාවත ආර්ථික තීරයේ” භෞතික වශයෙන් ස්ථාපිත කළ ප්‍රථම වේදිකාවයි. වර්තමානයේ චීනය, ජපානය හා දකුණු කොරියාව යන රටවල නිෂ්පාදිතයන් හා මෝටර් රථ කොටස් සහ කසක්ස්ථාන තිරිඟු යනාදි වෙළඳ භාණ්ඩ ලියැන් යුන් ගං වරායේ සිට චීනයේ සෙසු ප්‍රදේශවලට හෝ විදේශ රටවලට ප්‍රවාහනය කෙරෙනවා.

එම මධ්‍යස්ථානයේ නිෂ්පාදන කාර්ය දෙපාර්තමේන්තු සේවක කෙන්ග් ෂියං වේ මහතා පැවසුවේ, ලියැන් යුන් ගං සහ Horgos සම්බන්ධ කිරීමේ ආසියා-යුරෝපා මහ ගොඩබිම් හා මුහුදු ඒකාබද්ධ ප්‍රවාහන නව මාර්ගය, “එක් තීරයක් එක් මාවතක්”සහයෝගතා වැඩපිළිවෙළේ ආදර්ශ ව්‍යාපෘතියක් වශයෙන් නිර්මාණය කරනු ඇති බවයි.



Hao/Sheng

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන