චීනයේ ස්වෙච්ඡා සහන සේවා ක්‍රියාවලිය
2017-10-31 16:35:28
Share with:

චීනයේ ස්වෙච්ඡා සහන සේවා ක්‍රියාවලිය

චීනයේ ස්වෙච්ඡා සහන සේවා කටයුතු ආරම්භ කෙරුණේ දකුණු චීනයේ ගුවන්ඩන් පළාතෙන්. දැනට එහි ලියාපදිංචි ස්වෙච්ඡා සේවකයන්ගේ සංඛ්‍යාව මිලියන 9.45 ක්. ඔවුන් ලබා දුන් ස්වෙච්ඡා සහන සේවා කටයුතු වල සමස්ත කාලය පැය වලින් කියනවා නම්, මිලියන190 ක් විතර. ජනතාව වෙනුවෙන් ස්වෙච්ඡා සහන සේවකයින් විවිධ සේවාවන් ලබා දෙන අවස්ථා දැකිය හැකියි.

යෞ ජින්චූ නමින් ස්වෙච්ඡා සේවකයෙකු දැන‍ට ගුවන්ඩන් පළාතේ තුංගුඅන් නගරයේ වියපත් අයගේ සේවා මධ්‍යස්ථානයක වැඩ කරනවා.ඔහු මාධ්‍යවේදීන්ට මේසේ පැවසූවා.

“ ගත වූ වසර 5 ක කාලය තුළ ගුවන්ඩන් පළාතේ ස්වෙච්ඡා සේවා කටයුතු සඳහා විශාල සංවර්ධනයක් හිමිවුණා. චීන රජය විවිධ අනුබල ප්‍රතිපත්ති නිකුත් කරමින් ස්වෙච්ඡා සහන සේවකයන්ට බොහෝ සුබසාධන ලබා දී තිබෙනවා. ස්වෙච්ඡා සහන සේවා කටයුතුවලට සහභාගී වීමට සාමාන්‍ය වැසියන් පෙරට වඩා උනන්දුයි. ”

1994 වසරේ සිට ඔහු ස්වෙච්ඡා සේවාවේ නියැළි සිටිනවා.තුංගුඅන් නගරයේ ප්‍රථමයෙන්ම ලියාපදිංචි වූ ස්වෙච්ඡා සහන සේවයකයින්ගෙන් එක් අයෙක් බවට ඔහු හැඳින් වෙනවා. ගත වූ වසර 23 ක කාලය තුළ ස්වෙච්ඡා සේවකයන්ගේ මධ්‍යස්ථානය හා ආබාධිත පුද්ගලයන්ගේ ස්වෙච්ඡා සේවා කණ්ඩායමක් ඔහු විසින් ස්ථාපිත කළා.ජනතාවගේ දුක සැප විමසා බලා ඔවුන්ගේ ජිවිතවල ඇති අසීරුතාවලට යෞ ජින්චූ මහතා සහය ලබා දුන්නා.

මේ වසරේ දෙසැම්බර් මස පළමුදා සිට චීන ස්වෙච්ඡා සහන සේවා කටයුතු පිළිබඳ රෙගුලාසිය ක්‍රියාත්මක කෙරෙනවා. එම රෙගුලාසිය මඟින් ස්වෙච්ඡා සේවා සංගමය හා සේවකයින්ගේ නීතී රීතී හා අයිතීන් සුරක්ෂිත කරමින් ස්වෙච්ඡා සහන සේවා කටයුතුවලට නව සංවර්ධනීය අවස්ථාවක් ලබා දිය හැකි බවට විශ්වාස කෙරෙනවා.



Sun/Sheng 



 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම
අපි ගැන